(රංජන් කස්තුරි)
සංචරණ සීමා ඉවත් කළ අද දින පෙරවරුවේ සිට උකස් මධ්‍යස්ථානවල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි.
මාසයක පමණ කාලයකින් පසුව රටපුරා උකස් මධ්‍යස්ථාන අද වීවෘත කෙරුණු අතර බොහෝ පිරිස් සිය කන කර උකසට තිබීම සඳහා මෙසේ පැමිණ ඇත.
එදිනෙදා ජිවිත්වීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට කිසිදු ආදායමක් ඉකතු දිනවල නොලැබුණු හෙයින් කන කර උකස් තැබීමට සිදු වූ බව අප කළ සොයා බැලීමේදී ඔවුහු පැවැසූහ.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවලත් දිවයිනේ පිටපළාත්හි පිහිටි නගරවලත් උකස් මධ්‍යස්ථානවලට සහ බැංකුවල උකස් අංශවලට මේ ආකාරයෙන් බොහෝ පිරිස් පැමිණ සිටි බව ද වාර්තා වෙයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
(ඡායාරූප: තිලකරත්න දිසානායක)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්
චතුර Monday, 21 June 2021 01:48 PM
කැළණියේ නයා ගෙනාපු සුබ පණිවිඩය.... රටටම හොඳ කාලයක් උදාවෙලා...
nimalMonday, 21 June 2021 04:27 PM
රටේ ආර්ථිකයේ කඩාවැටීම හොඳින්ම පෙනෙන්නටම තිබෙනවා. රන් අබරන නොමැති ජනතාව කරන්නට තිබෙන්නේ මොනවද? පෙනෙන ආකාරයට මෙම ආරම්භය තව ඉදිරියට තවතවත් දරුණු වෙන්න පුළුවන්... ජනතාව කුසගින්නේ.. දරුවන්ට කිරිපිටි නොමැතිව දේශපාලකයින්ගේ ගෙවල් වටකරන කාලය වැඩි ඈතක නොවේ...
Roshan Monday, 21 June 2021 02:02 PM
ආයෙ වහනවා නම් මාසික පඩිය හම්බ වෙන අයගේ පඩියෙන් භාගයක් දුප්පත් මිනිස්සුන්ට දෙන්න. එතකොට රට වහන්න කියලා සමාජ මාධ්‍යවල වැලලෙන පිරිස අඩු වෙයි...
kasunMonday, 21 June 2021 02:20 PM
නියම කතාව රොෂාන්... මෙතුමා මාස් පඩිකාරයෝ..රට වහන්න කියලා විකාර කරනවනේ...
fairoos Monday, 21 June 2021 02:08 PM
ඇයි රජයෙන් දෙන 5000න් ජීවත් වෙන්න බැරිද? සර් මේවා දැක්කා නම් මේවත් ඉවත් කරයි වගේ...
කිරි පුතා Monday, 21 June 2021 02:21 PM
රට වහන්න වහන්න කියලා දැඟළුවාට මේන්න මේවා තමයි සැබෑ ප්‍රශ්න. එදිනෙදා හම්බ කරගෙන කන අහිංසකයින් අමාරුවේ...
siri Monday, 21 June 2021 02:25 PM
චීනෙට රටම උකස් තියලා තියෙන එකේ ඕක පුදුම වෙන්න දෙයක් නොවේ. "චීනය අප්‍රිකානු රටවල් සංවර්ධනය කරලා තියෙන හැටි බලලා සන්තෝෂ වෙයල්ලා. අපට හදලා දීලා තියෙන පොර්ට් සිටිය, අධිවේගී මාර්ග, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ, නෙලුම් පොකුණ, තේවතු, පොල් වතු, රබර් වතු, තරු පහේ ලොකු හෝටල් වගේ දේවල් චීනය ඒ රටට අරගෙන යන්නේ නෑනේ. ඒවා අපේ මතු පරම්පරා ගණනාවකට ප්‍රයෝජනවත් දේවල්... එ් නිසා ඒ ගැන බොරු බයක් ඇතිකර ගන්න එපා" කියලනේ දැන් කියන්න පටන් අරගෙන තියෙන්නේ.
wimal Monday, 21 June 2021 03:26 PM
අර මොකක්ද සංගමයේ අයට පේනවද දන්නේ නැහැ මේ අහිංසක මිනිස්සුන්ගේ තත්වය.. මේක තමයි අද රටේ තත්වය.. ගම්වල එදාවේල හම්බකරන් කාපු මිනිස්සු හාන්සියි. ඔවුන්ට ඕනෑ වහන්න විතරයි. දන්නෙත් එච්චරයි. මොකද මාසෙ අන්තිමට පොකට් එක පිරෙනවනේ.. කාලකණ්ණි ඉන්න රටක් තමන්ගේ බඩගෝස්තරේ රැකෙනවා නම් අනෙක් මිනිස්සුන්ට කෙළවුණත් කමක් නෑ...
බද්රානි Monday, 21 June 2021 03:30 PM
පාලකයෝ රට උගස් තියලා කනවා. ජනතාව රත්තරන් බඩු උගස් තියාගෙන කනවා. ඉතින් ලංකාවේ සංවර්ධනය කියන්නේ ඕකටනේ. වෙනස සැපයි කියන්නේ කට කහනවටද අපි?
කල්ප Monday, 21 June 2021 05:35 PM
ඔබේ විකල්පය කවුද?
බද්රානිMonday, 21 June 2021 07:09 PM
මගේ විකල්පය තමයි යහපත් ආකල්ප ඇති නායකත්වය. නමුත්, කනගාටුවට කරුණ වන්නේ, එවන් රටේ මහා ජාතියටවත් ගරුකරන යහපත් සිංහල නායකයින් නොමැති වීමයි. ද්‍රවිඩ හෝ මුස්ලිම් නායකයින් අඩුතරමේ ඔවුන්ගේ ජාතියට වත් ගරුකරනවා. ඒ අතින් සිංහල දේශපාලන නායකයින් කියන්නේ තමන්ගේ ජාතියට කිසි ලෙසකින් ගරු නොකරන, ජාතිය හිඟන්නන් ලෙස තබා ගැනීමට කැමති, උද්දච්ජ මොලේ විකුර්තියෙන් ක්‍රියා කරන කුහක තුප්පහියන් රැළක්නේ. ප්‍රශ්න පැටව් ගහගන්නවා හැර ඔවුන්ට ප්‍රශ්නයක් විසඳා ගැනීමට හැකියාවක් තියනවද? ඇත්තම කියනවා නම්, ජාන විකෘති වූ මෙවන් ජාතියක ඉපදීමම අවාසනාවක්. දයාව, කරුණාව, අනුකම්පාව සහකම්පනය කියන දේ මොවුන්ට ගෑවිලාවත් නැහැ. ආගම දහම පවා විකෘති කරමින් පිස්සු නටන විපරිත ජාතියකින් කොහොමද රටකට යහපත් පාලකයින් බිහිවන්නේ?
විපරමා Monday, 21 June 2021 03:46 PM
හැම අතින්ම තැලෙන්නේ අපේ රටේ නැති බැරි අහිංසක ජනතාව මිසක් , ඔවුන්ව ගොනාට අන්දවපු, සෞභාග්‍යයේ දැක්ම මවාපාපු දූෂිත දේසපාලුවන් නොවෙයි...
sujith Monday, 21 June 2021 03:58 PM
බලන්න ඔය එක පෝලිමකවත් තමන් චන්දෙ දීල පාර්ලිමේන්තුවට යැව්ව ජනතා නියෝජිතයෝ ඉන්නවද කියල? ඒ අයට ඔය වගේ ප්‍රශ්න නැහැ. ඒ අයට තියෙන්නේ සැප වහනයක් නොමැතිවීම වැනි ප්‍රශ්නයි. අපේ රටේ ජනතා නියෝජිතයින් සැබවින්ම ජනතා නියෝජිතයින්ද යන්න ගැටළුවක්.
K Perera Monday, 21 June 2021 04:13 PM
බයියන්ට දැන් සැපද?
DarshanaTuesday, 22 June 2021 07:47 AM
රට සුඛිත- මුදිත කිරීම සදහා යහපාලනයක් ගෙන ඒමට කටයුතු කල අයියෙක් ........
pradeepa Monday, 21 June 2021 04:41 PM
පාලකයිනි, ඇස් ඇරලා හොඳට බලාපල්ලා... ඔබලාගේ වැඩකිඩවල තරම, ඔබලා හරියට කළා නම් මිනිස්සුන්ට අද ඔහොම වෙන්නේ නැහැ. ලැජ්ජා වෙයල්ලා...
Siri Monday, 21 June 2021 05:27 PM
වහල්ලුන්ට දැන් සැපද? සේරම වරෙල්ලා පෝලිමට..!!!
Rohana Monday, 21 June 2021 05:33 PM
රට අන්ත අසරණ තත්වයට ඇදදැමීම පිළිබඳව රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන් වගකිව යුතුයි...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 June 2021 05:42 PM
" උකසට තබා කන කර රත්තරන් බඩු ... කන බොන ජනතාව ගණනින් නොමැත අඩු ... පෙනුමට හොඳ ඇඳුම් ඇඳගෙන දුකෙන් අඩු ... බව පෙන්වමින් සිටියත්, හද දුකෙන් හැඬූ ... "
බද්රානි Tuesday, 22 June 2021 02:01 AM
ඔබගේ හද දුකෙන් තැවුණත් පලක් නැතී.. උන්ගේ පවුල් සතුටින් නම් මුන්ට ඇතී.. එහෙම හිතන ජාතියකට මගක් නැතී.. අවසානෙදි උන්ටයි රට අපට නැතී..
Jagath Tuesday, 22 June 2021 08:33 AM
මට විශාල දුකක් සමග සතුටක් දැනෙනවා, මේ අය ගැන මිනිස්සුන්ට තේරුම් ගන්න අවස්ථාවක් ලැබුන එක ගැන.
ds Tuesday, 22 June 2021 08:36 AM
මේ දේවල්වලට රජය වගකියන්න ඕනෑ. මිනිස්සුන්ට පාන් ගන්න සල්ලි නෑ. ඉතින් රත්තරන් බඩු උකස් කරන එක අහන්නත් දෙයක්ද?