(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)
උඩප්පුව ගම්මානයට කඩා වැදුන වල් අලියකු වනජීවි හා පොලිස් නිළධාරින් සමග පලවා හැරිමට එක්වු තරුණයකු වල් අලියා පහර දීමේන් බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර වැඩදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව උඩප්පුව පොලිසිය පවසයි.
මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ආනවිළුන්දාව ප්‍රදේශයේ පදිංචි කේ.පි.සාලිය චතුරංග නැමති 26 හැවිරිදි තරුණයකී .
වල් අලි ප්‍රහාරයට ලක්වු තරුණයා කලක් ආනවිළුන්දාව වනජිවි කාර්යාලයට අනුයුක්තව දෛනික පදනමට සේවය කර තිබු බවද කියයි.
13 දින රාත්‍රියේ මෙම වල් අලි ප්‍රහාරයට ලක්වු තරුණයා වනජීවි නිළධාරින් පිරිසක් සමග පලවා හැරිම් වල නිරත වෙමින් සිටියදි තරුණයා ගමන් ගත් බෝලරෝ වර්ගයේ කැබ් රථයට වල් අලියා දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති බව .
එම පහර දීමේන් තරුණයා බරපතල තුවාල ලබා ඇති බවද කියයි.ඒ සමගම අදාල තරුණයා වනජිවි නිළධාරින් විසින් කඩිනමින් උඩප්පුව රෝහලට ඇතුලත් කර තිබුනී.
මෙම වල් අලියා 12 දින උඩප්පුව ගම්මානයට කඩා වැදි තිබුනී.
එසේ කඩා වැදුන වල් අලියා දින දෙකකට ආසන්න කාලයක් රැදි සිටිමින් ගම භිතියට පත් කරමින් ඇතත් වනජීවි නිළධාරින් හා පොලිස් නිළධාරින්ට පළවා හැරිමට නොහැකි වි ඇති බව කියයි.
උඩප්පුව ගම්මානයට 12 දින සවස වල් අලි තුන් දෙනෙකු කඩා වැදි ඇති අතර එයින් දෙදෙනකු ආපසු ගොස් ඇති බවත් එසේ නොගිය වල් අලියා ගම්මානයේ සැරිසරමින් සිටින බව උඩප්පුව පොලිසිය කියයි.
වල් අලියාට ජනතාව රතිඤ්ඤා දමමින් කෑකෝ ගසමින් හු තබමින් සිටිමත් සමග අලියා කුලප්පු වි ඇති බව වනජිවි නිළධාරින් පවසයි.
ජනතාව පවසන්නේ ආපසු නොයන වල් අලියා මේ වන විට උඩප්පුවේ වගාබිම් වල වගාවන් වනසමින් ඇති බවයි.
පවතින කොරෝනා තත්වය තිබියදි ජනතාව අලියා බැලිමටත් පලවා හැරිමටත් පොරකමින් සිටින අයුරු දැක ගත හැකි විනි.
වනජීවි නිළධාරින් පවසා සිටියේ මේ වන විට වල් අලියා උඩප්පුව ගම්මානයෙන් පිටව ගොස් ඇති බවත් අලියා සොයමින් නැවතත් මෙහෙයුම් කරන බවද කියයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උඩප්පුවට ගම්වැදුණු අලියා වගා වනසයි
chandima Saturday, 14 August 2021 11:38 PM
මේ කොහොමටත් කැලෑ වැදිලා උන්නු අලි එළියට ඇවිත් විනාශ කරන කාලේ.. ඔය ඔක්කොම නිර්වින්දනය කරන්න ඕනේ...
බද්රානි Monday, 16 August 2021 01:16 AM
අමනයින්ගේ දේශයේ සතෙකුටවත් සැනසීමෙන් ජීවත් වෙන්න දෙන්නේ නැහැ මෙවුන්. අලියෝ නුඹට දළදා සමිදු පිහිටයි!!