IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු මහ ඇමතිට දොරටුව අවහිර කරති

(රොමේෂ් මධුෂංඛ)

උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ස්ථීර රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභා දොරටුව ඉදිරිපිට අද (09) පැවති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව නිසා උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාට පළාත් සභාවට ඇතුල් වීමට නොහැකි විය.
 
දින 72 ක් පුරාවට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වුවද විසඳුමක් නොලැබීම නිසා මෙලෙස පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ බව විරෝධතාකරුවෝ පවසති.
 
දේශපාලනඥයින් පිරිසක් පළාත් සභාවට ඇතුළු වී සිටි අතර ඔවුන්ටද ඉන් පිටත්වීමට නොහැකි විය.

මේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයාගේ අවධානය මේ කෙරෙහි යොමුවී ඇති බවත් සී.වී.විග්නේශ්වරන් මහතා විරෝධාතකරුවන්ට පැවසීය.

මේ සම්බන්ධයෙන් පළාත් සභාවට ක්‍රියාත්මක විය නොහැකි බවත්, මධ්‍යම රජය හා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු  බවත් අමාත්‍යවරයා කීවේය.
 
තමාට කළ හැක්කේ ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවීම පමණක් බව ද ඒ මහතා කීය.

කතා බහෙන් අනතුරුව වුවද ප්‍රධාන අමාත්‍යවරයාට පළාත් සභා පරිශ්‍රයට ඇතුළුවීමට විරෝධතාකරුවන් ඉඩ නොදීම නිසා අමාත්‍යවරයා ආපසු හැරී ගියේය.



අදහස් (3)

උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු මහ ඇමතිට දොරටුව අවහිර කරති

Hafeel Tuesday, 09 May 2017 10:31 AM

උතුරු මහඇමතිට දැන් හරි තේරුම් යන්න ඕනෙ. ජනතාවට අද අවශ්‍යවෙලා තියන්නේ පොලීස්, ඉඩම් බලතල නොවෙයි. හමුදාව ඉවත් කරන්න වුවමනාවක්වත් ජනතාවට නැහැ කියලා.

:       0       0

කණිෂ්ක වේවැල්ලගේ Tuesday, 09 May 2017 10:43 AM

මිනිසුන්ගේ මෙවැනි සැබෑ ගැටළුවලට මුහුණ දීමට අපහසු වී සිටින විග්නේශ්වරන් මහතා ජාතිවාදය අවුස්සන්නේ ඒ සැබෑ ගැටළු වසං කිරීමට නොවේද ?

:       0       0

praba Tuesday, 09 May 2017 12:26 PM

හැම දේම ජාත්‍යන්තරයට කියල කරවගන්න මෙයාලට රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා කියල මතක්වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6688 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6299 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18379 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1332 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site