IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උතුරුමැද පාසලක දරුවෝ පොල් අතු මඩුවල උගනිති


 

(උපුල් තම්මිට)
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ හිඹුටුගොල්ලෑව විදුහලේ සිසුන්ට ඉගෙනුමට අවශ්‍ය මූලික භෞතික පහසුකම් සැලසීමට අධ්‍යාපන බලධාරීන් අපොහොසත්ව ඇතැයි දරුවන්ගේ මව්පියවරු පවසති.
 
මෙම පාසලේ පන්ති 11ක් පවතින බවද, පන්ති 4ක සිසුන් තාවකාලිකව ඉදි කළ පොල් අතු සහ උලු සෙවිලි කළ මඩුවල ඉගෙනුම ලබන බවද ඔවුහු පෙන්වා දෙති. මේ හේතුවෙන් පාසැල් දරුවන්ගේ ආරක්ෂාවටද තර්ජන එල්ලවී ඇතැයි මව්පියවරු පවසති.
 
ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ හොඳම පාසල ලෙස කීර්තියක් දිනා සිටින පාසලක් වුවද සිසුන්ට ඉගෙනුම් ක්‍රියාවලියට සාර්ථකව දායකවිය නොහැකි තත්වයක් පවතින බවද ඔවුහු කියති.
 
පාසලට අවශ්‍ය භෞතික පහසුකම් සැලසීමට රේඛීය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන නොමැති බව පවසන ඔවුහු මීට ඉක්මන් විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලා සිටිති.



අදහස් (39)

උතුරුමැද පාසලක දරුවෝ පොල් අතු මඩුවල උගනිති

Raveendra Tuesday, 08 October 2019 06:52 AM

අපේ පතෝල මුදලාලි මේක දැක්කද මන්ද ?? පොළොන්නරුවට යන්න ඕනේ යාපනේ පැත්තේ ඉදල තියන පාරෙන් විතරයි නේ ඇත්තටම වෙන පාරක් නැහැනේ එනිසා ලගම පාසැල හොදම පාසල පොළොන්නරුවේ සහ කුරුනෑගල විතරක්ද මන්ද තියෙන්න.

:       128       162

VajiraTuesday, 08 October 2019 07:48 AM

අවුරුදු හැත්තෑ එකක චෞර පාලනය අපිට උරුම කරලා තියෙන තත්වය පේනවා නේද? කොළඹ හතේ කොලිජියක පිහිනුම් තටාකයක් හදන්න කොටි ගණන් වියදම් කරද්දී අපේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට පොල් අතු මඩු............. දුක් විඳින ජනතාවගේ දුක හඳුනන අපේ පන්තියේ මිනිස්සු අතට බලය ලැබෙනතුරු මේ සමාජ අසාධාරණය දිගටම පවතීවි.

:       0       261

sasandhiTuesday, 08 October 2019 04:15 PM

වැඩේ කියන්නෙ දුප්පත් මිනිස්සු උන්ටම නේ කඹුරන්නෙ

:       0       39

sunilWednesday, 09 October 2019 10:24 AM

ඔය කොළඹ හතේ කොලිජිවල පිහිනුම් තටාක, ක්‍රීඩාගාර සාදන්නේ ඒ පාසල් වල ආදි ශිෂ්‍යයින් ලබාදෙන මුදල් වලින්... නමුත්, රජයට බොරු සෝබනවලට සිදුකරන අනවශ්‍ය වියදම් කපාහැර මේ පාසල් දියුණු කළ හැකියි.

:       0       2

NissankaTuesday, 08 October 2019 07:55 AM

ලෝකෙට ණය වෙලා ගුවන්යානා නොඑන ගුවන්තොටුපොළවල්, ක්‍රිකට් නොගහන ක්‍රීඩාංගන, හරක් ලගින සම්මන්ත්‍රණශාලා හදපු සල්ලි වලින් මේ වගේ පාසල් කීයක් දියුණු කරන්න තිබුණද? මිනිසුනේ, දැන්වත් අධ්‍යාපනයේ අගය දන්න උගත් බුද්ධිමත් ජනතාවාදී පාලනයක් අපේ රටේ බිහි කරගමු.

:       154       221

suddaTuesday, 08 October 2019 08:18 AM

රටක ජනාධිපතිට හෝ අගමැතිට හැම දෙයක්ම බලන්න බැහැ. ඒ නිසා තමයි මන්ත්‍රීවරු සහ ඇමතිවරු පත්කරන්නේ. දිස්ත්‍රික්කයේ හිටපු සහ ඉන්න ප්‍රබල තාත්තයි පුතයි කලත්තාවේ සොයිසාගේ පුතාට ක්ලබ් හදන්නයි සබීතට බිල්ඩින් හදන්නයි උදවු දෙන්න ගියාම තමන්ගේ පළාතේ දුප්පත් ඉස්කෝලේ මතක නැහැ. ඔය තමයි අනුරාධපුරේ පවුල් පාලනේ. මහා ලොකුවට අනුන්ට කෑ ගැහුවට තමන්ගේ පළාතට මොනවද කරේ කියල තමයි අහන්න වෙන්නේ?

:       0       103

Sara Tuesday, 08 October 2019 06:58 AM

ටැබ් ටිකත් ඉක්මනට එවාවි. අනේ මෙහෙමත් දේසපාලුවෝ ඉන්න රටක් තවත් ඇද්ද? අනේ මේ දරුවෝ ගැන හරිම දුකයි. එත් ඉතින් අපි මොනවා කරන්නද? අපිත් අසරණයි.

:       122       234

Raveendra Tuesday, 08 October 2019 06:59 AM

ටැබ් ටික ලැබුනා ලාබෙට මට කොමිස් සමග.දෙන්නට ආ විට පාසල හොයාගෙන දැක්කේ මඩුවකි.කොමිස් ගණන් බලමින් එනවිට දුටුදේ පුදුමයකි. පාර වැරදුනාද මන්දා පොල්අතු මඩු ටික දුටුවිටදී...........

:       108       258

sam Tuesday, 08 October 2019 07:08 AM

අනේ දුප්පත් ළමයි. අකිල විරාජ්ගේ සෝබන වැඩනම් තියනවා. කොයි අවදානය කරනවා මේ වගේ ඉස්කෝලවලට '

:       59       124

Ananda Tuesday, 08 October 2019 07:41 AM

කෝ මේ අකිල ගොයියා?

:       0       85

Sanath KandyTuesday, 08 October 2019 09:28 AM

අකිල අධ්‍යාපන ඇමති වෙලා අවුරුදු හතරයි. අවුරුදු හැත්තෑ එකක් මේ රටේ හිටපු ඇමතිවරු මොකද කළේ? කන්නන්ගර මහත්තය නිදහස් අධ්‍යාපන ක්‍රමය බිහි කරාට පස්සේ මොන අමතිද කොයි ආණ්ඩුවද අධ්‍යාපනය දියුණු කළේ? සල්ලි කාරයින්ගේ දරුවෝ යන ලොකු ලොකු කොලිජි කොන්වන්ට් වලටනම් කිසි අඩුපාඩුවක් නැහැ. මේ අසාධාරණ සමාජ ක්‍රමය බිද දමපු දවසකට අපේ දුප්පත් දරුවන්ටත් සමාන පහසුකම් තියෙන පාසල් ලැබේවි

:       0       1

දිමුත්Tuesday, 08 October 2019 10:34 AM

ඕක ලඟම පාසල හොදම නැතුව ඇති.

:       1       0

sam Tuesday, 08 October 2019 07:51 AM

අකිලගේ විතරක් නොවෙයි ඔය පැත්තේ ඉන්න ප්‍රසිද්ධ හිටපු ඇමති ගෙඩිය පිටින් සබීතගේ බිල්ඩිමට සල්ලි දෙද්දී තමන්ගේ මන්ත්‍රී ප්‍රතිපාදන කොටසකින් හෝ ඕවා කරන්න බැරිද?

:       0       98

Chanak los angeles Tuesday, 08 October 2019 08:01 AM

ඒ ළමයින්ට එහෙම වුනාට රටේ නායකයන්ගේ පුත්තු නම් දවස් ගණන් මගුල් කනවා.

:       53       125

rUCHIRA Tuesday, 08 October 2019 09:25 AM

චානක, අපට කාවවත් වෙනස් කරන්න බැ. කල හැක්කේ අපගේ ආකල්ප වෙනස් කරගෙන අපට කල හැකි දෙයක් වේද ඒ දේ අප විසින් කිරීම පමණයි.

:       0       1

suddaTuesday, 08 October 2019 10:35 AM

රනිලුයි, සජිතුයි දෙන්නටම ළමයි නැහැ. ඒ වුණාට රටේ නායකයන්. අනික අපේ රටේ ගොඩ දෙනෙක් මගුල් කන්නේ රටටම හරියන්නනේ. ඔය ලොස් ඇන්ජලිස් ඉන්න නිසා ලංකාවේ මගුල් දැකලා නැහැ නේද?

:       1       0

BamunuarachchiThursday, 10 October 2019 10:41 AM

මොකක්ද මේ මැට්ටා කියන්නේ? නායකයන්ගේ පුත්තු මගුල් කනවෙලාවට මගුල් කන්නේ නැතුව ඔහේ වගේ හුලු අතු එළියෙන් කෙල්ල අරන් හඳ පානේ පැනලා යන්නද? බුදු අම්මෝ කියලා...

:       1       0

Ruchira Tuesday, 08 October 2019 08:19 AM

මම මේ අඩු පාඩුව සාදා නිම කරදීමට කැමතියි. ඒවගේම එම විදුහලපතිනිය හමුවී වැඩ කටයුතු ගැන කතා කිරීමට ඔක්තෝම්බර් 21 දින බලාපොරොත්තු වෙමි. තව කවුරුන් හෝ කැමති අය වේ නම් මා හා සම්බන්ධ විය හැකිය.

:       0       36

sharm warnWednesday, 09 October 2019 04:29 AM

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය පල කරන්න කැමති ද ?

:       0       19

janahithaWednesday, 09 October 2019 07:56 AM

බොහොම හොඳ පියවරක්. දේශපාලනය කතා කරනවට වඩා අපි වෙනුවෙන් අපි වෙමු. ජය අත ළඟ.

:       0       6

isurandi Tuesday, 08 October 2019 08:28 AM

හද්ද පිටිසර ගම්මානවල කිසිම පහසුකමක් නැතුව තවත් මෙවැනි දුෂ්කර පාසල් කොතෙක්නම් ඇද්ද? හැම අස්සක් මුල්ලකම රාජ්‍ය සේවකයෝ, දේශපාලකයෝ වැහි වැහලා. නමුත් එයාලට මේවා නොපෙනෙන එකනේ පුදුමේ. දැන් ඉතින් අනිවාර්යයෙන්ම ටකරන් ටිකක් පෙන්නලා ඡන්දේ කඩාගන්න පොරකයි.

:       0       32

sana Tuesday, 08 October 2019 09:38 AM

ලංකාවේ කොහේ හෝ පළාතක පන්තිකාමර නැති හෝ ගුරුවරු නැති හෝ පාසැලක් හොයාගෙන මෙවැනි පොටෝ එකක් දාන එක ලොකු වැඩක් නොවේ. නමුත් එවැනි බොහෝ පාසැල්, මෙයත් ඇතුළුව පළාත් සභා යටතේ පවතින ඒවා මිස සෘජුව අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තිබෙන ඒවා නොවේ. මේ පාසලේත් පන්ති කිහිපයක් පොල් අතු මඩු ලෙස තිබෙන නිසා අනෙකුත් පන්ති කාමර ගැන වාර්තා කරලා නෑ. නමුත් ලංකාවේ කොහේ හෝ පාසැලක පන්ති කාමර නෑ, ගුරුවරු නෑ ඒ හින්දා කොළඹ පාසැලක පිහිනුම් තටාක හදන්න එපා, ටැබ් දෙන්න එපා කියනවා නම් ඒක හරියට හිනා වෙන්න සියලුම ප්‍රශ්න ඉවර වෙනකන් ඉන්නවා වගේ දෙයක්. ඒ තර්කය මත ඉන්නා අය කරුණාකරලා අධිවේගී මාර්ග ඉල්ලන්න එපා රටේ හැම පාරම කාපට් කරන කම්, ඈත ගම්මානවලට බස් දාලා ඉවර වෙනකම් කාර් ගන්න කතා කරන්න එපා, දුෂ්කර ගමක සියලු යටිතල පහසුකම් සපුරාලන තෙක් කොළඹ ලස්සන කරන්න ඉල්ලන්න එපා, සේරටම වඩා රටේ සියලුම මිනිසුන්ගේ ප්‍රශ්න විස‍ඳෙනකම් තමන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා ඉල්ලනත් එපා.

:       0       1

sas Tuesday, 08 October 2019 10:17 AM

නිස්සංක මහතා හරි. ඊට අමතරව මාසයකට රුපියල් ලක්ෂ ගණනින් පඩි ගන්න පළාත් සභාවේ ඉන්න පරිපාලන සේවයේ අදක්ෂ,දූෂිත නිළධාරීනුත් මේ තත්වයට වගකිව යුතුයි.මේ පරිපාලන සේවය ලංකාවේ තියෙන තෙක් මේ රට දියුණු කළ නොහැක.ඔය පරිපාලන සේවයේ මිනිස්සු දන්නා එකම දේ දේශපාලකයන්ට ඔව් සර් කියන්න විතරයි.

:       0       47

vipula Tuesday, 08 October 2019 10:18 AM

මේවා ප්‍රාදේශීය මන්ත්‍රී වරුන්ගේ වැරදි .

:       0       1

සමන් ඔස්ට්‍රලියා Tuesday, 08 October 2019 10:24 AM

සමන් ඔස්ට්‍රේලිය රනිල් කිව්වේ මේ රජය තරම් අධ්‍යාපනයට වියදම් කරපු රජයක් නැහැ කියලා

:       1       0

lanka Tuesday, 08 October 2019 10:30 AM

ඕකට තමා කියන්නේ කොළඹට කිරි.... ගමට කැකිරි..... කියලා.

:       0       29

kap Tuesday, 08 October 2019 10:34 AM

මේ 2015 පස්සේ ආරම්භ කරපු පාසලක් ද ? නිකමට වගේ ඇහුවේ

:       0       1

chandima Tuesday, 08 October 2019 12:03 PM

ඔව්ව අමතක කරලා මෙව්වා බලන්න." නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල" - දල ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 3080 යි. මේ සඳහා චීනයෙන් ලබාගත් නය ප්‍රමාණය රුපියල් මිලියන 2430 යි. ඉතිරිය ලංකාවේ මිනිසුන්ගේ බදු මුදල් වලින් ලැබෙන අදායමෙන් සපයන ලදී. -- ඔය පාසලේ ළමයිනුත් එක්කල යන්න අද්‍යාපන චාරිකාවක් නෙලුම් පොකුණ බලන්න.

:       0       1

Chanak los angeles Tuesday, 08 October 2019 03:21 PM

අන්න පොලිස් ප්‍රකාශක කියනවා ජනපතිවරණයේ ප්‍රදර්ශනය කෙරෙන බැනර් පෝස්ටර් ගලවන්න මිලියන 48 ක් වෙන්කරලාලු තිබෙන්නේ . අනේ මිනිසුනේ ඔබලාට මොනවද හිතෙන්නේ ?

:       21       28

aruna ajy Tuesday, 08 October 2019 11:16 PM

ඖෂ්ට්‍රලියාවේ පර්ත් නුවර රිද්ම පදනම කියල සන්විදනයකින් ලංකාවේ දුප්පත් පාසල්වලට උදව් කරනවා විදෙස්ගතුනු ලාංකිකයන් තමන් ගත නිදහස් අද්යපනයට කරන ප්‍රති උපකාරයක් වසයෙන් . කරුණාකර මෙම පාසලේ විදුහල්පතිතුමාගේ දුරකථන අංකය එවන්න . මේ විදුහලට ස්ථිර ගොඩනෙගිල්ලක් දෙන්න සලකා බලන්න පුළුවන්.

:       0       1

Pandukabhaya Wednesday, 09 October 2019 12:31 AM

ජනාධිපති මැතිවරණය ලඟයි. පොරොන්දු වැහි පටන්ගනිවී. හොරුන්ට චන්දෙ දෙන එක නවත්තන්න ඕන. ඉස්කෝල හදන තුරු ගමට ගන්න එපා. උන් කොළඹට වෙලා ජොලි කරපුදෙන්.රිදෙන ගැමියෝ දේශපාලන හොරුන්ගේ පස්සෙන් හන්නේ නැතිව වෙන මාර්ග හොයන්න ඕන දූෂණ නැති පාලන තන්ත්‍රයක් ඉදිරියට ගන්න.

:       0       1

sharm warn Wednesday, 09 October 2019 04:36 AM

අර ... "අකමැති " කියලා එක්කෙනෙක් පන යනකල් පුරාජේරු කිව්වා එයාගේ අධ්‍යාපන ඇමති "දවසේ පැය 24න් 25ක් ම යොදවන්නේ අධ්‍යාපන වැඩ වලට , පක්ෂේ වැඩ වලට පැය 6 යි වෙන් කරන්නේ " කියලා (අධ්‍යාපන ඇමති ඉන්නේ වෙන ග්‍රහලොවක වියයුතුයි . මොකද පෘතුවියේ දවසක් කියන්නේ පැය 24යි නේ මේ මනුස්සයට පැය 31ක් තියෙනවනේ ) මන් අහන්නේ ... එහෙම වෙලාත් මෙහෙම ඉස්කෝල තියෙන්නේ කොහොමද ?? එතකොට පැය 25ක් තිස්සේ අධ්‍යාපනේ කියාගෙන මේ මනුස්සයා කරන්න අහවල් දෙයක් ද ?? (අපි කන්නේ බත් ද පුන්නකු ද ...)

:       17       68

Janatha akila Wednesday, 09 October 2019 08:00 AM

දරුවනේ පසු නොබසින්න.ඡන්ද ප්‍රමාණය අනුව දුප්පත් ඔබට වඩා නගරයේ දරුවන්ට සලකන බව පේනවා. ජනතාවාදී රජයක් අවොත් ඔබට පිළිසරණ නමුත් අතු සෙවිලි කළ මේ ශාලාවේ ඉගෙන ගන්න තරම් ඔබලා වාසනාවන්තය. මෙහි ඇති පරිසරය සුව පහසුව ඇස්බැස්ටෝස් සෙවිලි කළ නගරයේ ගොඩනැගිල්ලේ නැහැ.

:       0       21

appu Wednesday, 09 October 2019 08:03 AM

සුව පහසු ගොඩනැගිල්ලක් මේක ඇතුලෙම අටැච් බාත්රුම් එකකුත් එකතු කලා නම් අංගසම්පුර්ණ වෙනවා

:       0       4

yasika Wednesday, 09 October 2019 12:39 PM

ඉන්න හිතෙන රටක්...!

:       2       22

athuraThursday, 10 October 2019 05:26 AM

ඉන්න හිතෙන රටකට කලින් රටම ආසියාවේ ආශ්චර්ය වෙලා තිබුන මගේ හිතේ.

:       0       2

WFS Thursday, 10 October 2019 10:08 AM

මෙම විදුහලට එක් ගොඩනැගිල්ලක් ලබාදීමට ලංවිම පුහුණු ම‍ධ‍‍‍යස්ථානයේ සුභ සාධක සංගමය ඉදිරිපත් වී ඇත​. කැමති අය වේ නම් ඒ හා සම්බන්ධ විය හැක​.

:       0       4

Bamunuarachchi Thursday, 10 October 2019 10:42 AM

වහලේ පොල්අතු වුණාට ටැබ් සමග වයිෆයි ලැබෙනවානේ.

:       1       0

athuraFriday, 11 October 2019 03:56 AM

බමුණා ඔය යහ පාලනේ ආවට පස්සේ හදපු පාසලක්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20378 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18297 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site