IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


උත්සවයකට ගිය ඇමති දෙපළට විරෝධයක්

(රවින්ද්‍ර ප්‍රභත් නෙත්තසිංහ)

වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙසේ විවෘත කිරීමට ගිය අමාත්‍යවරුන් දෙදෙනකුට ප්‍රදේශවාසීගේ දැඩි විරෝධයක් එල්ල විය. 

පසුව කැරලිමර්ධන පොලිසිය ගෙන්වා දැඩ ආරක්ෂාව යටතේ උත්සවය පවත්වාගෙන ගිය

රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදිකල සංස්කෘතික මධ්‍යස්ථානය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බිඔ. හේරත් මහත්වරුන්ට එස් ජනතාගේ විරෝධතාවය එල්ල විය.

විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි.

තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය කටුපොත මාර්ගය කලක සිට අබලන්ව පවතින බවත් මෙවැනි ව්‍යාජ උත්සව වලට වැය කරන මුදල් මාර්ගය අළුත්වැඩියා කිරීමට යොදවන ලෙසද පිරිස ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත් බුද්ධසාසන  සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා උත්සවයට පැමිණීමට පමා වූ අතර නව ගොඩනැගිල්ලේ ඵළකය නිරාවරණය කරන ලද්දේ ප්‍රදේශයේ කලා කරුවන් පිරිසක් විසිනි.



අදහස් (18)

උත්සවයකට ගිය ඇමති දෙපළට විරෝධයක්

thilak Saturday, 11 March 2023 05:44 PM

රට බංකොළොත් වෙලා හොම්බෙන් ගියත්, විවෘත කිරීම් සහ සංදර්ශනවල නම් අඩුවක් නැහැ.

:       12       91

de silva Saturday, 11 March 2023 06:09 PM

මේක විවෘත කරන්න ඇමැතිලා ගියේ වී8 දෙකකින්... ඒවා පිරිවරාගෙන තව සුඛෝපභෝගී වාහන 3-4ක් ගියා. වී8 වාහනයක පැට්‍රල් ලීටරයට කිලෝමීටර 4ක්වත් යන්න බැහැ... තවදුරටත් මහජන මුදල් විනාශ කළොත් මිනිස්සු ඉදිරියට හූ නෙවෙයි..., ගල් ගහයි...

:       14       88

sugathSaturday, 11 March 2023 07:04 PM

ඇමතිලා V8 වල පාවෙනවා. ඒ අයට ඡන්දෙ දුන්නු අය පයින් ගාටනවා..! මේ රටේ මිනිසුන්ට මේවා කවදා තේරෙයිද?

:       4       71

ranjith Saturday, 11 March 2023 06:16 PM

රට බංකොළොත් කරපු කාලකණ්ණි නිසා අද ජනතාවගෙන් වැඩි දෙනෙක් බඩගින්නේ... මොවුන්ට තවමත් ලැජ්ජාවක් නැහැ. ඡන්ද නොතියමින් තවමත් උජාරුවට ඉන්න තමයි කල්පනාව. මොවුන්ගේ වාහනවලටයි, ආරක්ෂාවටයි වියදම් කරන ලක්ෂ ගණන් මුදල් ඔය ගමේ බඩගින්නේ ඉන්න දරු පවුල්වලට පිටිකිරි පැකට් එක ගානේ අරන් දීපල්ලකෝ...

:       16       60

swarna Saturday, 11 March 2023 06:18 PM

තව මිනිත්තු 15 ක් ඔය බාන ඔතැන හිටියා නම් කනවා මදි නොකියන්නම. කොල්ලෝ කුරුම්බා කෝම්බ වගයක් අරගෙන එනකොටම තමයි දෙන්නා මාරුවුණේ. දැන් ඉතින් දියවන්නාවේ ඉන්න හොරු, මිනීමරුවෝ ඔක්කෝටම ඔය ආනිසන්සේ තමයි. මාතර, තංගල්ල.. වගේ රාජපක්ෂ හොරු කප් ගහගෙන හිටිය පැතිවලට රාජපක්ෂලාට විතරක් නොවෙයි, ඔවුන්ගේ ගෙදර ඉන්න බල්ලෙකුටවත් යන්න බැහැ. මේපාර නගරසභා ඡන්දෙන් මුළු මාතර දිස්ත්‍රික්කයම ජාතික ජන බලවේගය දිනනවා. රාජපක්ෂලාගේ බබාහුකුන් දැන් ඉවරයි, ඉවරෙටම ඉවරයි.

:       55       69

සමන් Saturday, 11 March 2023 09:38 PM

රාජපක්ෂල හොරු තමයි. සජබත් වැඩක් නෑ. හැබැයි ජාතික ජනබල වේගෙ හොරකම විතරක් නෙවෙයි, උන් හොදට මිනීමරන්නත් දන්නවා.

:       30       71

rajivaSunday, 12 March 2023 01:53 AM

බයියාට වලිගේ පෑගිලා. මෝඩකමට බෙහෙත් නැහැ. හැබැයි අලුත් පරම්පරාව වගේම වැඩිහිටි පරම්පරාවත් දැන් දන්නවා කවුද හොරු කියලා... ඒ වගේම කවුද මිනීමැරුවේ කියලා ඒ කාලේ. හමුදාවේ හිටපු අයම කියනවා 88-89 කාලේ ජේවීපී එක පිටින් යන්න මිනීමැරුවේ හමුදාවයි කියලා.

:       0       4

පිටිගල මිලානෝ Saturday, 11 March 2023 07:00 PM

ප්‍රදේශවාසීන්ට මාගේ ප්‍රණාමය. හූව ආයුධයක් කරගමු. හූ… කියලා පන්නමු….

:       83       71

kamalSaturday, 11 March 2023 08:16 PM

බලාගෙන, හාමු මහත්තයා කියයි ඕක ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා....

:       47       43

SethuhamiSunday, 12 March 2023 12:15 AM

රට අස්තාවරයි චන්දෙ තියන්න බෑ කියනව, මෙන්න කතා.

:       0       20

Bandara Saturday, 11 March 2023 11:43 PM

රටට හිතැති මහජන ප්‍රතිචාරය අගය කරමු. මුං පැන්නිය හැක්කේ මෙසේමය.

:       25       25

KithsiriSunday, 12 March 2023 05:52 AM

බුදුහාමුදුරුවෝ ශික්ෂා පද පනවා තියෙනවා මල්, ගඳ සුවද විලවුන් එපා කියලා... ඒ වගේම නැටුම් ගැයුම් වැයුම් එපා කියලා ඉතින් බුදු වදන අනුව ප්‍රතිපත්ති මත කටයුතු කරන්න හඳුන්කූරු අවශ්‍යද කියලා සිතන්න වෙනවා ලංකාවේ සමහරක් කාන්තාවන් සියලු පව් කරනවා ඉන් පස්සෙ මලක් පහනක් දල්වා නිවන් යන්න බලාගෙන ඉන්නවා.. දඹදිව ගියාම ආනන්තර්‍ය කර්මය අහෝසි වෙනවා කියා සිතාගෙන සතුන් පමණක් නොවෙයි, මිනිස්සු මරණයට පත්කිරීම සඳහා උගුල් අටවනවා..

:       0       1

Perera Saturday, 11 March 2023 11:50 PM

නියමයි, මෙ පාහරයින්ට ගම් වලට එන්න දෙන්න එපා. දුටු තැන එලවල දාන්න ඔන.

:       12       28

Sherine chandrasekara Sunday, 12 March 2023 12:20 AM

නියමායි යියි!!!!!! පන්නලම දාපියවු මෙ හොර යක්කුන්ව නියමායි... යි සුභ පතුම්!!

:       20       26

fairoos Sunday, 12 March 2023 12:43 PM

ඩිස්ලයික් දාපු කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ... රටට මෙහෙම වෙලත් තාම කඩේ යන්නේ කම්බ හොරුන්ටමයි.

:       0       3

PereraMonday, 13 March 2023 09:58 AM

ඩිස්ලයික දාන්නෙ ආන්ඩුවෙන් විසිකරන කටු කන සුනකයින්

:       0       2

Asanka Sunday, 12 March 2023 02:53 PM

ගල් ගහලා එළවන්න ඕනෑ අයට හූ තියලා පාකිස්තානයේ වගේ වුණා නම් ඇමැති දෙපළට අපායෙදි තමයි විවෘත කරන්න වෙන්නේ ඕක...

:       0       3

දුෂ්මා Monday, 13 March 2023 09:30 AM

කොන්ද පන තියන ප්‍රදේශවාසීන්. ජයවේවා ඔබලාට. සියලුම මැටි ඇමටි ට උන්ගේ පවුල් වල බූල් බල්ලන්ට ඔය ප්‍රතිචාරයම ලැබේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 104 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6637 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6273 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7688 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18353 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1315 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 38 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 108 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 838 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site