අභවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.
එහිදී ඒ මහතාගේ පුත් ගායක කසුන් කල්හාර මහතා හා ඔහුගේ පවුලේ සමාජිකයෝ එක්ව පැන් වත්කරමින් හා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය චිතකය වෙත රැගෙන ගියහ.
ඒ මහතාට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
එච්.එම් ජයවර්ධනයන් අවසන් ගමනේ
jayarathna Wednesday, 10 April 2019 02:48 PM
සැබෑ කලාකාමී නිර්මාණකරුවන් මෙසේ වෙන්වීම දුකක්. නමුත්ඉතිං...
sirimal Wednesday, 10 April 2019 03:01 PM
පණ්ඩිත් අමරදේවයන්ගෙන් පසු පරපුරේ ආචාර්ය රෝහණ වීරසිංහයන් හැරුණු විට සිංහල සංගීත ක්ෂේත්‍රයට සිටි දැවැන්තයා අද අප අතරින් වෙන්වූ එච්.එම.ජයවර්ධනයක් වියයුතුය. කාගේවත් ඇදක් කුදක් හොයන්නට යන්නේ නැතුව තමන්ගේ පාඩුවේ නිවී සැනසිලි සුවයෙන් ජීවත්වූ එතුමාත් එතුමාගේ දයාබර බිරිඳව සිට පරලෝ සැපත් මාලනී බුලත්සිංහල මැතිණියත් සිංහල සංගීත ලෝකයට දායාදකළ අනගි සම්පතක් වූ කසුන් කල්හාර ජයවර්ධනයන් තම දෙමව්පිය දෙපලගේ අඩුව කිසියම් ප්‍රමාණයකින් හෝ පිරවීමට සමත් අනගි සම්පතක් වෙනු නොඅනුමානය. එච්.එම්.ජයවර්ධනයන්ගේ වියෝව පිළිබඳ සාතිශය සංවේගය පළකර සිටිමු.
ChandimaWednesday, 10 April 2019 04:08 PM
ඔබ හිතන්නේ කසුන් කල්හාර මේ මහා මිනිසා හා සංසන්දනය කරන්න පුළුවන් කියලද? කසුන් කල්හාර රුහුණු සරසවියේ ඉංජිනේරු පීඨ සිසුන්ගේ සංගීත වැඩ සටහනකට ඇවිත් සින්දුවක් දෙකක් කිව්වා. මේ වගේ උදාර මිනිස්සුන්ගේ නිර්මාණ අහල පුරුදු අපිට නම් ඒවා නම් මහා අමුතු සින්දු. අනේ මන්ද මේ මනුස්සයාගේ අහලකටවත් තියන්න බැහැ කියලයි මට නම් හිතුනේ. ඒ නිසා මට නම් හිතෙන්නේ පියාගෙයි මවගෙයි අඩුව මකන්න නම් කසුන් කල්හාර අලුතින්ම හිතල ඔය දැන් යන පාරෙන් ඉවත් වෙලා හොඳ පාරකට යොමු වෙන්න ඕනි කියලයි.
sirimalWednesday, 10 April 2019 07:33 PM
ඔබ කියන දේ වැරදියි කියා මට කියන්නට බැහැ. නමුත් කසුන් කල්හාර ප්‍රතිභාපුර්ණ සංගීතඥයෙක් කියලයි බොහෝ අයගේ කියවීම. ඔහුගේ ශෛලිය වෙනස් බව නම් ඇත්ත. අපේ රටේ හතු පිපෙන ගානට ඉස් මතුවෙමින් වියැකී යන වර්තමාන තරුණ සංගීත ශිල්පින් සමඟ සසඳා බලද්දී සිංහල සංගීතයට කසුන් කල්හාර ගෙන් කිසියම්හෝ සේවයක් සිදුවේවි යැයි සිතන්නටද බැරි නැහැ කියලයි මට පෙනෙන්නේ. සමහරවිට එය ඔහුගේ පියාගෙන් සිදුවූ සේවය තරමේ හෝ ඒ වර්ගයේ එකක් හෝ නොවන්නට පුළුවන්. එය නම් ඔබ කියනවා සේම නිවැරදියි. ඔබ කියන පරිදි ඔහු හරි පැත්තට වෙනස් වේනම් වඩා හොඳයි කියලයි මටත් හිතෙන්නේ.
Randima Friday, 12 April 2019 04:02 AM
"කවුළු පියන්පත්" යන ප්‍රතිභාපූර්ණ ගීය ගැයූ ගායකයාගේ නම ඔබට මතකද?
Sapumal.Saturday, 13 April 2019 01:05 PM
චන්දිම මහතාණෙනි,එසේ නොකියන්න."මල් මිටක් තියන්න ඔබ අතේ - මට කියා කොයින්ද මල් වනේ - ජීවිතේ විසල් නදී තෙරේ - තුරු හිසත් මලත් ඔබයි මගේ " මේ ගීතයෙන්ම පමණක් ඔහුගේ ප්‍රතිභාපුර්ණත්වය විදහා දැක්වෙනවා නේද ?
Clarence Wednesday, 10 April 2019 09:33 PM
ඔබ වැනි ප්‍රතිභා පූර්ණ සංගීත වේදීන් ඇත්තේ අතලොස්සකි. ඔබට නිවන් සුව පතමි!
sirimal Friday, 12 April 2019 12:36 PM
"කවුළු පියන්පත්" කසුන් කල්හාර ජයවර්ධනගේ අගනා ගායනයක්. තවත් බොහෝ වටිනා නිර්මාණ ඔහු ඉදිරිපත් කර තිබෙනවා.
A. Seneviratne Monday, 15 April 2019 07:35 AM
සැබෑ කලාකාමී නිර්මාණකරුවන් මෙසේ වෙන්වීම දුකක්. නමුත්ඉතිං...
පිටිගල මිලානෝ Monday, 15 April 2019 12:46 PM
කසුන් කල්හාර ජාතික වස්තුවක්....!! එය ඔහුද අවබෝධ කර ගත යුතුයි.
Anuradha. Monday, 15 April 2019 04:33 PM
අසහාය කලාකරුවාණනි,ඔබට නිවන් සුව !