අංජුල මහික වීරරත්න
එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (6) අභිමානවත් අයුරින් පැවැත්විණි.
'වැඩකරන වැඩකරපු 72' මෙවර සංවත්සර උත්සවයේ තේමාව විය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට රැස්වූ පක්ෂයේ නායකයන් මෙන්ම පාක්ෂිකයන් දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය ආරම්භ කෙරුණේ පක්ෂයේ ගීතය ගායනා කිරීමෙන් පසු ආදි නායකයන්ගේ පිළිරුවලට මල් මාලා පළදවා උපහාරය පුද කිරීමෙන් පසුවයි. මෙහිදී බෞද්ධ ඇතුළු සියලුම ආගම් නියෝජනය වන පරිදි සර්ව ආගමික වතාවත් ද සිදු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස සහ ඩී.බී විජේතුංග යන ආදි නායකයන්ගේ පිළිරුවලට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, උප නායක රවි කරුණානායක, සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහලේකම් අමාත්‍ය අකිල විරාජ්, ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක මහත්වරු මල්දම් පැළදවූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එජාප 72 වැනි සංවත්සරය සැමරේ
Kodikara Thursday, 06 September 2018 07:24 AM
සූ ගාල තුන් හාරසීයක් සෙනග ඉන්නව. හැබැයි කතා කරන්නෙ නම් ලක්ෂ ගණන් සෙනග ආපු අනුන්ගෙ ජන රැලි ගැන. අනේ ඉතින් ඔය ස්ථූප වලට පන ආවනම් මුලින්ම දුවන්නෙ ඒ ටික "අපි මොකට මෙහෙම අය ඉන්න පක්ෂයක් හැදුවද" කියලා.
රොහාන් දයාදර පැරිස් . Thursday, 06 September 2018 07:39 AM
මෙය පැවැත්විය යුත්තේ සිරිකොතේ නොව සියලු පාක්ෂිකයාට එකතුවිය හැකි පිට්ටනියක බවයි මගේ අදහස ඒ මන්ද යත් ඉදිරියේ ඇති මැතිවරණ වලදී ක්‍රියා කාරීන් ට එය ලොකු ශක්තියක් වෙවියයි මගේ හැගීම. මේ පක්ෂය ඔය සිරිකොතේ රැස්වූ පිරිසගේ පුද්ගලක බුදලය නොව. සමස්ත ශ්‍රී ලාංකීය මහා ජනයාගේ පක්ෂය බව සියලු දෙනාට සිහිපත්කරන්න කැමැත්තෙමු .
RNG Thursday, 06 September 2018 04:14 PM
එහෙම පැවැත්වුවොත් සෙනග නෑ කියලා පේනවනෙ.
irosan Thursday, 06 September 2018 05:57 PM
මේ 72 වෙනි සංවස්සර සැමරුම ඉරු දිනක එළිමහන් පිටියක තිබ්බානම් මොනතරම් පාක්ෂිකයෝ පිරිසක් එකතුවෙන්න තිබුණු අවස්ථාවක්ද මේ පැහැර හැරියේ ඉදිරියේ එන මැතිවරණ වලදී ඔය සිරිකොතේ අයගේ ඡන්ද ටික විතරයි. එකවරක් ලක්ෂ 23 කට අඩුකරගත්තා මේ පාර බලමු
Bandula. Friday, 07 September 2018 04:06 AM
අප්පෝ ඉතින් දාල යන්න නම් හිතෙන්නෙම නැතව වගේ නේද?
janaka Friday, 07 September 2018 07:42 AM
..අනේ . ඩී .එස් . ඩඩ්ලි . සේනානායක මැතිතුමන්ලා ....හිටියානම් ....අපරාදේ එතුමන්ලාගේ මහන්සිය .
sirimal Friday, 07 September 2018 10:37 AM
මේ ජම්බෝරියට ආව සෙනඟයි 5 වෙනිදා කොළඹට ආව සෙනඟයි ගණන් කලොත් කාටද වැඩි ජනතා ආකර්ෂණයක් තියෙන්නේ කියලා ලෙහෙසියෙන්ම බලාගන්න පුළුවන්. අවුරුදු තුනකට ඉස්සරවෙලා බලය ලබා ගත්තේ දූශිතයින්ට දඬුවම් දෙනවා කියලා මිසක් දුෂිතයින් එක්ක " ඩීල් " දාගෙන ඔවුන්ට රැකවරණය ලබා දෙනවා කියලා නෙවේ. ඒ බව දැන් මහජනතාව තේරුම් අරගෙනයි තියෙන්නේ. හැට හුටහමාරක් මැතිවරණ වලින් කුජීත නායකයෙක් 2030 වෙනකල්ම පක්ෂය බදාගෙන ඉන්න ගියොත් වෙන්නේ හැමදාම වෙච්ච සන්තැතියම තමයි. ලබන ඡන්දෙදි හොරු අල්ලනවා කියලා බලය ඉල්ලන්න උත්සාහ කළොත් ඡන්ද දායකයින් ගහන්නේ කම්මුලට නෙවේ පස්ස පැත්තටයි. ඒකනිසා ඔය උජාරුවට හිතාගෙන ඉන්න "රෝයල් තෝමියන්" මානසිකත්වයෙන් අරටු බැහැලා තියෙන ඔලු ගෙඩිය සුද්ධ කරගෙන ගමේ ගොඩේ සාමාන්‍ය ජනතාව සිතන පතන ක්‍රියා කරන ආකාරයත්, එතැන හිත මිත්‍ර සමනළ සංධානයන්ට ඉඩකඩක් නැති බවත් තේරුම් ගෙන කටයුතු කරනාතුරු හෝ ගමේ ජනතාවගේ හෘද ස්පන්දනය දන්නා කෙනෙකුට වැඩේ බාරදී අයින් වෙන තුරු එජාපයට " සොරි ඩොට් කොම්" ම තමයි දොරේ...