එක්සත් ජාතික පක්ෂයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එළිදැක්විණි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එළිදැක්වීම මුලින් සිදුකෙරුණු අතර ඉන් අනතුරුව මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් වෙත ප්‍රතිපත්ති මාලාව පිළිගැන්වීම සිදුකෙරිණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
binkunndaa Thursday, 16 July 2020 05:59 PM
ඉතුරු රිළව් රැළ පොහොට්ටුවේ ජයග්‍රහණය කරා වැඩකරන වගයි.
Raveendra Thursday, 16 July 2020 07:17 PM
සූත්තර පුංචා මෙදාපාර අපට දෙන්නේ කොළඹ 7.. අලුතෙන් පටන් ගත්ත කර්මාන්ත ශාලාවෙන් හදපු රේන්ජ් රෝවර්. ඒ නිසා අපි සූත්තරයට.. සූත්තරයා අපිට...
DilanFriday, 17 July 2020 08:55 AM
තව ජොබ් නම් දෙන්න ඉතුරුවෙලා නැතුව ඇති. ලක්ෂ 10ක්ම දුන්නනේ. අලුත් කාර් කොම්පැනියට කොරියාවෙන් තමයි වැඩකරන්න මිනිස්සු ගෙන්නන්න වෙන්නේ..
vinivida Thursday, 16 July 2020 10:16 PM
සිරිකොත මන්දිරයට අද පැමිණ සිටින සියලු දෙනාම බොක්කෙන්ම අලියව ආරක්ෂා කරන්න. පක්ෂය ආරක්ෂා කරන, කොළපාට ආරක්ෂා කරන නියම එක්සත් ජාතික පාක්ෂිකයන් වේ. කණ්ඩායම් කල්ලි නොමැතිව, තනතුරු සඳහා සටන් නොකර පක්ෂය ආරක්ෂා කරගනිමින් එක්සත්ව ඉදිරියට යාමට කටයුතු කළයුතු වේ.
vinividaSaturday, 18 July 2020 01:07 AM
පසුගිය රනිල්ගේ රජය විසින් ගෙනඑන ලද 19 වැනි සංශෝධනය නිසා මේ වනවිට මාධ්‍යවේදීන් නිදහසේ බයෙන්, සැකෙන් තොරව ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලැබී තිබේ. මේ වනවිට දේශපාලකයාගේ හෝ වෙනත් අයගේ නිවෙස් වෙතම ගොස් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට නිදහස ලැබී තිබේ. 2015 ජනවාරි 8 වෙනිදාට පෙර මෙවැනි නිදහසක් මාධ්‍යයට ලැබී තිබුනේ නැත. ඒ කාලයේ මාධ්‍යවේදීන් සිටියේ විදෙස් ගතවයි. අද වනවිට දේශපාලකයාගෙන් ප්‍රශ්න ඇසීම අලුත් ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එය අපි අගය කරමු. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තද ඔවුන්ට මෙම අසීමිත නිදහස ලැබී ඇත්තේ සහ ලබා දුන්නේ කවුරුන්ද කියා කීමට සියලුම මාධ්‍යවේදීන් මේ වනවිට අපොහොසත්ව ඇත. තවමත් ඔවුන් කඩේ යන්නේ ඔවුන්ට තර්ජන ගර්ජන කළ දේශපාලන පක්ෂ වෙත දෝ කියා සැකයක් ඇත. කෙසේවෙතත් පක්ෂ නායකයින් සහ ලේකම්වරුන් මාධ්‍ය ආයතන වෙත සකච්ඡා සඳහා කැඳවීම් කළ විට මාධ්‍යවේදීන්හට යොමුකිරීමට ප්‍රශ්නයක් ඇත. එම ප්රශ්නය වන්නේ 19 වැනි සංශෝධනයෙන් මාධ්‍යයට ලැබී ඇති අසීමිත නිදහස පිළිබඳව ඔවුන් දරන අදහස සහ ඔවුන්ගේ මතය පිළිබඳව දැනගැනීමට ඔවුන් වෙත ප්‍රශ්නයක් යොමුකළ යුතුම වේ...
ABCSaturday, 18 July 2020 01:22 AM
පසුගිය රජයේ නායකයන් දේශපාලන සාකච්ඡා සඳහා සහභාගී වන සෑම අවස්ථාවකදීම බැඳුම්කරය පිළිබඳව ඔවුන් වෙත ප්‍රශ්න යොමු කෙරේ. මෙම ප්‍රශ්න කිරීම අවසාන කිරීමට පිළිතුරක් ලබා දියයුතුවේ. මේ වනවිට මාධ්‍ය මගින් බැඳුම්කරය පිළිබඳව ප්‍රශ්න ලක්ෂ ගණනක් ඇසුවද ඔවුනට අවශ්‍ය වන්නේ මොන ආකාරයේ පිළිතුරක්ද කියා විමසා ඔවුනට ප්රශ්නය යොමුකළ යුතුවේ. මාධ්‍ය වේදීන්ගේ වෘත්තිය ප්‍රවීණත්වය කිසිසේත්ම ඔවුන්ගෙන් දක්නට නැත. දිනපතාම වගේ එකම ප්රශ්නය සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම දේශපාලකයා වෙත යොමු කරනු පෙනේ. රටේ ජනතාව දැනුවත් විය යුතු දහසක් ප්‍රශ්න ඇතත් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නිදහස් ජනමාධ්‍ය මගින් නිසි ප්‍රයෝජන නොගන්නා බවක් පෙනෙන්නට ඇත...
kamal Friday, 17 July 2020 04:13 AM
මේ සැරේ මහබැංකු ලොක්කා කාවද පත්කරන්නේ කියලා නැතිද?
Raveendra Friday, 17 July 2020 06:23 AM
ඇයි ඔබට ඉරිසියයි නේද? මම මේ සැරේ අර්ජුනගේ පුතා "සිල්වෙස්ටර්ව" එයාව පත්කරන්න හිතාගෙන ඉන්නේ.. ඉතින් ඔබට තියෙන ගැටලුව නොහොත් පැනය කුමක්ද?
kanchana Friday, 17 July 2020 06:59 AM
මේ ටිකයි. පොහොට්ටුවේ ගොත්රිකයින්වයි.. මේ පාර රටේ දුක් විඳින ජනතාව ප්‍රතික්ෂේප කරනවා. මේ දෙගොල්ලන් එකතුවෙලා මේ රටම චීනාටයි.., ඇමෙරිකාවටයි සින්නක්කර විකුණනවා. මොකද මුදල් කළමනාකරණයක් නැහැ. පොහොට්ටුවන් දන්නේ ගිනි පොලියට ණය ගන්නයි, ඒවා හොරා කන්නයි විතරයි. රනිල් දන්නේ අමෙරිකාවත් එක්ක හොර ඩීල් දාන්න පමණයි. අපේ පවුලේ සියලු දෙනාම මේ පාර සජිත්ට. මොනවා වුණත් දුප්පතාට හිතවත් මනුස්සයෙක්...
samanthaFriday, 17 July 2020 09:38 AM
කාංචන, අපි ගම්පහ. අපේ හිතවත් පරණ යූ.එන්.පී. කාරයෝත්, ශ්‍රී ලංකා කාරයොත් මේ පාර කෙලින්ම සජිත් මහත්තයාට. පොහොට්ටුවන් ගැන කතාකරලා වැඩක් නැහැ. එතන ඉන්නේ හොරුයි. ඉඩම් හොරුයි. ඔක්කොම හොරු...
Mangala Friday, 17 July 2020 07:48 AM
මේකෙන්ම පේනවා මේ මිනිස්සු කරන බොරුව. සෑම මැතිවරණයකටම අලුත් ප්‍රතිපත්ති ප්රකාශනයක්. එක ප්‍රතිපත්තියක් නැහැ. ඒකෙන්ම පේනවා මේ මිනිස්සු එදාවේල හොයන බව. මෙයා ටීවී එකේ එක කරන කථාවකට ඡන්ද 1000ක් කැඩෙනවා. නොකා මළත් මේ වෙන්දේසි කාරයින්ට නම් වටිනා ඡන්දය දෙන්න එපා... මීට, එජාපෙ බොරුවලට රැවටුණු සහ දේශපාලන පළිගැනීමට ලක්වුණු එජාප වෘත්තීය සංගම් සාමාජිකයෙක්...
WARUNA Friday, 17 July 2020 07:48 AM
වැඩි ඡන්ද සජිත් මහත්තයාට මේ පාර... චෝදනා නැති එකම පක්ෂය...
Bandara Friday, 17 July 2020 08:20 AM
මේවා කියවලා ඡන්දෙ දෙන මිනිස්සු මෙහෙ නෑ. ඒ වගේ බුද්ධිමත් ඡන්ද දායකයින් වෙන රටවල්වල නම් ඇති...
ranjith Friday, 17 July 2020 11:25 PM
දශක ගණනක් මේ රට විනාශ කළ නායකයා දැන් ඉදිරිපත් කරනවා අලුත් දැක්මක්... මේ තරම් කාලයක් පොල් ගෑවාද? වලපයයි, ගොඩපයයි තියාගෙන තියාගෙන රට දියුණු කරන්න හදන්නේ...?
banda Saturday, 18 July 2020 06:17 PM
මෙදාපාර මේ අය අන්ත පරාජයක් ලබනවා.
priyadarshana - qatar Sunday, 19 July 2020 12:06 PM
ඡන්දෙන් ඡන්දෙට ප්‍රතිපත්ති ප්‍රකාශ නොකර, එක ප්රතිපත්තියක උන්නා නම් ඉවරයිනේ. හැම පක්ෂෙම.., එතකොට මහජනතාව දන්නවා කළේ මොනවද? නොකළේ මොනවද කියලා..?
banda Monday, 20 July 2020 08:31 AM
මෙදා පාර ගෙදර යවමු.
Bamunuarachchi Thursday, 30 July 2020 03:37 AM
එජාප ප්‍රතිපත්ති එළිදක්වන්න ඕනේ නැහැ.. අපි අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසයි අපි ඡන්දය නොදෙන්නේ...