IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


එල්.ටී.ටී.ඊ සැකකරුවකුටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්

(ඩයනා උදයංගනී)

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැති අතර, එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවකු විසින් හිමිකරගැනීම විශේෂත්වයක් විය.

මෙම සම්මානය සිවලිංගම් ආරූලන් මහතා රචනා කළ ‘ආදුරු සාලෙයි’ කෘතියට හිමි වූ අතර, ඔහු කොළඹ පිත්තල හන්දියේ දී 2006 වසරේ එවක ආරක්‍ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරුවකු ලෙස මැගසීන් බන්ධනාගාරයේ රඳවා සිටී.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාද් උපාධිය හදාරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මැගසීන් බන්ධනාගාරයේ සිටිමින් දෙමළ භාෂා කෘතීන් 7ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇති අතර, එම කෘතීන් අටම සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

2016 දීද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත්තේ ඔහු විසිනි.

සම්මාන උළෙල සඳහා මැගසීන් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ඔහු රැගෙන එනු ලැබ තිබූ අතර, ඔහු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතින් සම්මානය ලබාගත්තේය.

ඔහුගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔහුගේ පියාද ගුවන් යානා ඉංජිනේරුවරයෙකි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (15)

එල්.ටී.ටී.ඊ සැකකරුවකුටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්

Kumar (Gulf) Friday, 28 October 2022 10:15 PM

Blessings and congratulations to you සිවලිංගම් ආරූලන්.

:       29       56

SISIRASaturday, 29 October 2022 05:56 PM

අත්අඩංගුවට පත්ව සිරකරුවන් වශයෙන් රඳවා සිටිනා වයස 50ට අඩු මිනීමැරුම් චෝදනා නොමැති සියලු පිරිසට වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් පසු ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල කැමැත්ත මත වසර 02ක විදේශ රැකියාවක් ලබාදීමට කටයුතු කළ යුතුවේ...

:       0       2

arschfikaa Friday, 28 October 2022 11:09 PM

ඔය වගේ තව ගොඩක් දෙමළ සහ මුස්ලිම් අය රටපුරා ඇත. නමුත් රජය ඔවුන් හංගලා තියාගෙන. ඔවුන්ගේ හැකියාව පොදුජනයාට පෙන්වන්නේ නැත. අඩු ජාතින් වුණත් දෙමළ සහ මුස්ලිම් අයගේ ඇති ඔය විශේෂත්වය මහජාතියට නැත. ගෝඨාභය එදා මළා නම් අද රටට මෙච්චර හානියක් සිද්දවෙන්නේ නැත.

:       84       34

සෙනවි Friday, 28 October 2022 11:23 PM

2006 දි අත්අඩංගුවට අරගෙන තවම මෙතුමා හිරේ,නඩු නැතිව සැකකාරයෙක් විදිහට.මේව මහ පාපයක්.තව කොපමණ ඉන්නවද මේවගෙයි.?

:       3       47

anon Friday, 28 October 2022 11:44 PM

Release him. He is and asset to society. Let me expand his talents and make a positive contrib to society.

:       23       30

susantha Saturday, 29 October 2022 12:18 AM

යුද්දේ ඉවර වෙලත් අවුරුදු 13 කට වැඩියි. තාම මේ මිනිස්සු සැකකරුවෝ. මේ මොන නින්දාවක්ද? වැරැද්දක් කළානම් නඩු දාලා අච්චු කරන්න. ඒත් ඔච්චර කල් සැකකරුවෝ විදියට හිරකරන් ඉන්න එක කොච්චර පහත් වැඩක්ද? මේ ලංකාවේ ඕනම කෙනෙකුට අදාලයි. දහස් ගාණක් මිනිස්සු සැකකරුවො විදියට අවුරුදු දහය පහළොව විස්ස නිකම් හිරගෙවල්වල ඉන්නව. වැරදිකරුවෛක් නෙවයිනම් ඒක කොච්චර පහත් වැඩක්ද? නඩු කටයුතු ඉක්මන් කරලා ඇත්තටම වැරදිකරුනම් නියම විදියට දඬුවම් නියම කරන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ නැතුව.

:       2       68

Pushkara Saturday, 29 October 2022 02:30 AM

දුකයි, ඔහු තවම බන්ඩනාගාර ගතව සිටිම.

:       3       38

C.K.Lankaputhra Saturday, 29 October 2022 06:13 AM

පිත්තල හන්දියෙ අර බූරුවා කලේ රඟපෑමක් නේද? එකේ සැකකාරයෙක් විදියටද මේ වටිනා මිනිසා නඩුවක් නැතුව සැක කාරයෙක් විදියට අවුරුදු ගනනක් මේ වටිනා මිනිසා රඳවාගෙන ඉන්නේ? මේකද මේ රටේ නීතිය?

:       70       35

LGPJ Saturday, 29 October 2022 06:29 AM

His masterpiece for the litterateur highly appreciated by as a Sri Lankan citizen .

:       2       18

Ashan Saturday, 29 October 2022 07:31 AM

පිත්තල හන්දියේදි හරියට වැඩේ නොකලටනම් මෙයාට දඬුවම් දෙන්නම ඕන.

:       78       24

malaka Saturday, 29 October 2022 07:47 AM

සංවිධානය විසින් හඳුනා නොගත් ඔවුන්ගේ දක්ෂතා යුද්ධය අවසාන වීම නිසා දැන් මේ ආකාරයෙන් හෝ එළි දැක්වීමට අවස්ථාව උදා වී තිබේ. අතීතය පිළිබඳ කිසිම දැනුමක් නැති පිරිස් විසින් දමන අදහස් දැක්වීම් පිළිබද කණගාටුවක් දැනේ. කෙසේ වෙතත් වරදේ ස්වභාවය හා හැකියාව සොයා බලා ඔහුට කඩිනමින් නීතිය ඉටුකර දීම රජයේ අවදානය යොමුකළ යුතුයි. ඔබට සුබපැතුම් මහත්මයා තවදුරටත් උපන් දේශයට වැඩ කිරීමට ඔබට ශක්තිය ලැබේවා..!

:       0       30

Asela Saturday, 29 October 2022 10:12 AM

සැකකරුවකු ලෙස මෙපමණ කාලයක් බන්ධනාගාර ගතව සිටියේ ඇයි දැයි සැකයක්... එහෙමනම් අද රට පත් වෙලා තියෙන තත්වෙට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නට ඉඩ තිබුණා.

:       38       11

chandeep Saturday, 29 October 2022 10:14 AM

පිත්තල හන්දියේදී හරියට වැඩේ කළානම් මෙතැන කමෙන්ට් දාපු ගොඩක් අය මේ වෙනකොට ඉතුරු නොවෙන්නත් තිබුණ...

:       20       72

පිටරැටියා Saturday, 29 October 2022 05:44 PM

මෙවැනි උගත් මිනිස්සු එල්.ටී.ටී.ඊ සැකකරුවෝ කියලා අවුරුදු ගණන් හිරේ දාගෙන ඉන්නවා. මොන අපරාධයක්ද? ඊට වැඩිය මිනිමරුවන්, දූෂිත දේශපාලුවන් කොතරම් එළියේ ඉන්නවද? කරුණා අම්මාන්ට හොර පාස් පෝට් එකක්, හදලා දීලා UK එව්වා.. මිනිමරු කොටි රෙද්ද අස්සේ දාගෙන ඔවුන් සතු වටිනා කියන සියලුම දේවල් මංකොල්ල කාපු දූෂිත පාලකයින් ගැන වගක්වත් නැහැ...

:       0       1

sharm warn Monday, 31 October 2022 01:02 PM

චන්ද්‍රිකාට බෝම්බ ගහපු සිද්ධියේ සැකකරුවොත් නිදහස් කළා නම් මේ කොල්ලව එළියට දාන්නේ නැත්තේ ඇයි?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6693 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1129 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site