(කාංචන කුමාර ආරියදාස)
යාපනය අර්ධද්වීපයේ එළවළු තොග දඹුල්ලට ලැබීමත් සමග එළවළු මිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
විශේෂයෙන් රුපියල් 350ක් 400ක් අතර පසුගිය කාලයේ අලෙවි වූ කැරට් කිලෝව යාපනයේ කැරට් ලැබිමත් සමග රුපියල් 65 ක් 80 දක්වා පහත වැටී ඇතැයි පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත 28 වැනි දින උදෑසන සිටම විශාල එළවළු ප්‍රමාණයක් යාපනය අර්ධද්වීපයේ ලැබී ඇතැයි වෙළෙන්දෝ කියති.
රතු ලූනු ,මාළු මිරිස් ,කරවිල, බීට් , තක්කාලි ,වම්බටු , කැරට්, අමු මිරිස්, ආදී එළවළු වර්ග රැසක් ලැබුණු බවත් වෙළෙන්දෝ කියති.
ඒ අනුව යාපනයෙන් ලැබෙන කැරට් කිලෝව රුපියල් 65 සිට 80 දක්වා මිලකට අලෙවි වන අතර මාළු මිරිස් කිලෝවක් රුපියල් 290 ත් 300 ත් අතර මිලකට අලෙවි වෙයි.
පසුගියදා රුපියල් 400 ත් 450 ත් අතර මිලකට අලෙවි වූ රතුළුණු රුපියල් 250 ත් 300 ත් අතර දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි, තක්කාලි කිලෝවක් රුපියල් 110 ද බීට්රූට් කිලෝවක් රුපියල් 180 ක මිලකට අලෙවි වෙයි.
කන්ද උඩරට ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන කැරට් කිලෝවක මිලද පහත වැටී තිබේ. ඒ අනුව කන්දඋඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් රුපියල් 75ක් 80 ත් අතර මිලකට අලෙවි වන බව පවසති.
නුවරඑළිය සිට දඹුල්ල දක්වා ප්‍රවාහනය කිරීමට හෝ එම මුදල ප්‍රමාණවත්වත් නොවන බව පවසන නුවරඑළිය ගොවීන් කියා සිටින්නේ එක වරම වෙළඳ පොලේ එළවළු මිල පහත වැටීම නිසා තම නිෂ්පාදන වියදම හෝ පියවා ගැනීමට නොහැකි පත්වයකට තිබෙන බවය.
යාපනය ගොවීන් කියා සිටින්නේ තමන්ගේ එළවළු සඳහා ලැබෙන මිල යම් මට්ටමකින් ප්‍රමාණවත් බවයි.
තවදුරටත් යාපනයේ ප්‍රදේශයේ එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබීමට නියමිත බවද දින පහක හයක පමණ කාලයක සිට එළවළු අස්වැන්න නෙළීලීම ආරම්භ වන නිසා ඉදිරි දින කීපයේම විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමට නියමිත බව ද යාපනය සිට දඹුල්ලට පැමිණි ගොවීහු පවසති.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
එළවළු ගැන සුභ ආරංචියක්
නිහාල් Tuesday, 28 February 2023 11:31 AM
යාපනෙන් එන්නේ යාපන අර්ධද්වීපයේ එළවළු නොවෙයි. ඊට එහා අර්ධද්වීපයේ එළවළු.
kamal Tuesday, 28 February 2023 12:42 PM
කොටි එළවලු නේද අපේ හාමදුරුවනේ?
dammika Tuesday, 28 February 2023 02:37 PM
සිංහලු කොහොමත් කම්මැලි. උන්ට කන්න දෙන්නෙ එක්කො ඉන්දියාවෙන් නැත්නම් නුවර එලියෙන් නැත්නම් යාපනේ දෙමලු.
යෝගා Wednesday, 01 March 2023 02:55 PM
අතරමැදියාට සුබ ආරංචියක්...!
බද්රානි Wednesday, 01 March 2023 03:04 PM
පම්පෝරි ගහමින්, හැමදාම අනුන්ගෙන් පිනට කන්න බලාගෙන ඉන්න සිංහලයින්ට අඩුවට මේ එළවළු දෙන්න එපා.. කෑමට ජාතිවාදය නැහැ නේද? 87 ජූලි කලබල සමයේ ද්‍රවිඩ ජාතීන්ගේ දේපළ හා ව්‍යාපාර මංකොල්ල කාපු ශාපය තමයි මේ හිඟන්නන් වෙලා ගෙවන්නේ...
චන්දිම Wednesday, 01 March 2023 05:10 PM
බද්රානි, ඒ කාලේ ඔයත් ගියාද අනේ දෙමළ මිනිස්සුන්ගේ දේපල කොල්ලකන්න? අයියෝ ඇයි එහෙම නරක වැඩ කළේ? ඔයා ගිහින් දෙමළ මිනිස්සුන්ගේ දේපළ කොල්ල කෑවේ 87ද? නැත්නම් 83 ද?