අමල් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් නිමාවට පත් විය.
නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් පසුව පවත්වන දෙවැනි දේවමෙහෙය මෙය වේ.
යාපනය පදවියේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂාවෙන් දේව මෙහෙයද, ගාල්ල පදවියේ රදගුරු ෂර්මන් වික්‍රමසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල භාෂාවෙන් දේව මෙහෙයද පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ගරු විජයකලා මහේෂ්වරන් මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති,රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති වැඩභාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ද සහභාගී වුහ.
තවද, මෙවර මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික සහ ඉන්දියානු බැතිමතුන් 10,000 කට ආසන්න පිරිසක් මෙන්ම පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් ද එක්ව සිටියහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කච්චතිව් දේවස්ථානේ වාර්ෂික මංගල්‍යය අවසන් වේ
sdr fernando Sunday, 25 February 2018 02:34 PM
යුද්ධයෙන් පසු ශ්‍රී ලාංකීය මෙන්ම, ඉන්දීය කතෝලික බැතිමතුන්ට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මෙය මම දකිනවා. විශේෂයෙන් දෙරටේ මිතුදම් යාකෙරුණු තවත් එක අවස්ථාවක්. මෙය සංවධොනය කිරීමේදී වෙහෙස මහන්සි වුණු නාවික හමුදාවට බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. ධීවර ප්‍රජාවගේ මෙන්ම අන්‍ය අගමිකයන්ගේද සාන්තුවරයා ලෙස ගෞරවාදරයට පත් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි, දෙවිදුන් තුල මහා බලවන්තයෙනි, ජේසු ස්වාමිදරුවන් ඉදිරියේ පාපිවූ අප නිසා යදිනු මැනවි.
කුමාර් (ගල්ෆ්) Monday, 26 February 2018 02:48 PM
එස්.ඩී.ආර්. ප්‍රනාන්දු මහත්තයෝ අඩුම ගානේ කතෝලික බයිබලේ කොහේ හරි ලියලා තියෙනවාද මළවුන්ට, ජීවත්වන අපි වෙනුවෙන් යදින්න පුළුවන් කියලා? ඉතින් කෙසේද අන්තෝනි මුනිඳුන්ටයි, මරියා තුමියටයි යදින්න කියන්නේ?
Fransis Almeda Wattala Monday, 26 February 2018 02:36 AM
ඔය උතුරු පැත්තේ සිංහල කිතුණු ධීවර ගම්මාන වල ඉන්න උන්ව එළවන්නේ ඇයි? දෙමළ කිතුණුවන් සිංහල කිතුණුවන්ට වඩා උසස්ද?
Jahamanayaa Monday, 26 February 2018 07:38 AM
මේක කච්ච දූපතද? කච්චතිව්ද?
කුමාර් (ගල්ෆ්) Tuesday, 27 February 2018 06:56 AM
දෙමළ කිතුණුවන් සිංහල කිතුණුවන් කියා කොටස් දෙනක් නෑ ජේසු තුමන්ගේ ඉගැන්වීමට අනුව, ජේසු තුමන් තුල තරා තිරම් නම්බුනාම පට්ටම් නෑ, ඒවා තිබුනේ පැරණි ගිවිසුමේ, මේ දේවල් සභා වල වැඩිහිටියෝ කියා නොදෙන්නේ එයාලාට ඉහලින් වැජබෙන්න ඕනා නිසා. ලංකාවේ නියම කිතුණුවෙක් "ශ්‍රී ලාංකික කිතුණුවෙක්" මිසක ඔහු සිංහල හෝ දෙමල කියා කියාගනීම ජේසු තුමාගේ ඉගැන්වීමට අනුව පටහැනියි.