(මොහොමඩ් ආසික්)
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය තව දුරටත් අඩු වීම නිසා ආර්ථික මධ්‍යස්ථානය එළවළු නොමැතිව අද පාළුවට ගියේය.
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික පි.බී. දිසානායක මහතා සදහන් කළේ කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථාය වෙත සාමාන්‍ය දිනවල එළවළු කිලෝ ලක්ෂ දහයක් පමණ ලැබුණත් අද දින තිබුණේ ලක්ෂයකටත් අඩු ප්‍රමාණයක් බවයි.
එළවළු ලැබීමේ ප්‍රමණෙය අඩු වීම නිසා මිළ ඉහළ මට්ටකට පවතින බවත් ඒ නිසාම පාරිභෝගිකයින් සහ සුළු ව්‍යාපාරිකයින් එළවළු මිළ දී ගැනීමට පැමිණිම ඉතා අඩු මට්ටමක පවතින බවත් ඒ මහතා කිය.
නුවරඑළියෙත් දඹුල්ලෙත් එළවළු ප්‍රමාණය අඩු වී ඇති බැවින් කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළුද ඉතා අඩු මට්ටමක පවතින බවත් මහතා කිය.
කටුගස්තොට ආර්ථික මධයස්ථානයේ කැරට් 400 -450 ත් අතරත් බොංචි 400- 450 ත් අතරත් තක්කාලි 200 – 250 ත් රත් බටු 300-350 ත් අතරත් තොග මිළ පැවැති බවද ඒ මහතා කීය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කටුගස්තොට ආර්ථිකය එළවළු නැතිව පාළුවට යයි
Hafeel Tuesday, 28 December 2021 12:24 PM
වර්තමාන රජය අනුගමනය කරන්නේ සිම්බාබ්වේ, ලෙබනාන් වගේ රටවල්. දැන් රට ඒ දිසාවට තමා ගමන් කරන්නේ. හිටපු කෘෂිකර්ම ලේකම්තුමා ආහාර හිගය ගැන කලින් අවවාද කලේ මේ ගැන දන්නා නිසා. ආණ්ඩුව ගණන් ගත්ත නැහැ. ඇත්ත කියපු නිසා ඇතුමාට ගෙදර යන්න වුනා. මේ රජය විෂයභාර විද්වතුන්ගේ උපදෙස් ගන්න නැතුව, මැලෝ දෙයක් දන්න නැති හාල්පාරුවන්ගේ උපදෙස් අරන් අණා ගන්නවා. මහින්දානන්දත්, බන්දුලත්, ලසන්ත අලහියවන්නත්, ගම්මන්පිලත් තමන්ගේ වගකීම් ඉටු කරගන්න බැරිම තැනේ ඉන්නේ.
Soma dubayi Tuesday, 28 December 2021 12:40 PM
ඔය කියන තරම් එළවලු හිඟයක්වත් මිල වැඩි වීමක් වත් නෑ
fairoosTuesday, 28 December 2021 02:29 PM
ඩුබායි වෙලා වෙන්න ඇති ,දැන්වත් ඔය වහල් කමින් මිදෙන්න
Anura Tuesday, 28 December 2021 01:23 PM
රභාකරන් අවුරුදු 30 ක් උත්සහ කරලත් අපේ රටේ කෘෂිකර්මාන්තය වට්ටන්න බැරි උනා , එත් එක පිස්සෙක් අවුරුදු 2කින් ඒක කලා
jayath Tuesday, 28 December 2021 01:30 PM
කටුගස්තොට විතරක් නෙමේ මෙලෝ හසරක් නොදන්නා මෝඩ අමනයින්ගේ අමන මෝඩ තීන්දු නිසා මුළු රටෙම් මෙහෙම තමයි ,එළවලු කියල දෙයක් නැහැ .ඊයේ කරත්තෙකින් එළවලු විකුනනවා මොනවද විකුණුවේ ? අඹ වට්ටක්ක සහ ඇඹරැල්ලා !!! ඔන්න එළවලු !!! කාල වරෙල්ලකෝ තව පම්පොරිත් ගහනවා ඉස්සරහ තුන හරියට කොරනවා කියල ඒ කියන්නේ මේ දෙක හරියට කොරේ නැහැ කියන එක නේද ? ඒ තුන ඉවරවෙනකොට රට වැසියන්ගේ තුන ඇඟටම ඇලිල නැතිවෙලා තියේවි !!!!!
Lal Tuesday, 28 December 2021 02:54 PM
මුළු රටේම ආර්ථිකය පාළුවට යන්න වැඩි කාලයක් නෑ...