IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


කණ්ඩලම වාන්දිය මතින් හිතුමතේ රිය පදවති


 
(කාංචන කුමාර ආරියදාස)
 
කන්ඩලම ජලාශය ඊයේ(5) පස්වරුවේ සිට වාන් ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති. ඉහළ  ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ විශාල වශයෙන් ජලය අඩු වී තිබුණු කන්ඩලම ජලාශය පිරී මේ වන විට වාන් දැමීම ආරම්භවීම නිසා දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට යම් බාධාවක් එල්ල වී ඇතැයි මහවැලි නිලධාරීහු වැඩිදුරටත් පවසති.
 
කණ්ඩලම වැව වාන් දැමීමත් සමඟ විවිධ ප්‍රදේශවලින් පැමිණි බාල මහලු වැඩිහිටි බොහෝ දෙනෙක් වාන්  ජලයෙන් සහ වැව්  දිය නෑම, දිය කෙළියේ යෙදීම මෙන්ම වාන්  ජලය මතින් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඉතා වේගයෙන් අනාරක්ෂිතව ගමන් කරති. කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් හිස්වැසුමක් හෝ නොමැතිව කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් යතුරුපැදිවල දමාගෙන ජලය ගලා යන ප්‍රධාන මාර්ගය හරහා ඔවුහු   ගලායන ජලයේ  එහාට මෙහාට ගමන් කරති.තරුණ පිරිස් ඉතාමත් අනාරක්ෂිත ආකාරයෙන් වාන්  ජලයේ දිය නෑම වැවට පැනීම මෙන්ම විවිධ ජල ක්‍රීඩාවල නිරතවන අයුරු ද වැඩිහිටියන් ඉතාම කුඩා දරුවන් වඩාගෙන දැඩි අනාරක්ෂිත ආකාරයෙන් ප්‍රධාන වාන්  බැම්ම මත ඇවිදිමින් සිටින අයුරුද දැකගැනීමට හැකි විය.
 
දඹුල්ල පොලිසියට අනියුක්ත මාතලේ දිස්ත්‍රික්  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් දියනාන පිරිස් වෙත නිතර නිතර අවවාද ලබා දුන්නද මෙම පිරිස කිසිදු අවවාදයක් පිළිනොගනිති. විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටීම නිසා පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතී.
 
මෙම ස්ථානයේ දිය නෑම සහ දියට බැසීම අනතුරුදායක ලෙස හුවා දැක්වෙන රතු පැහැති කොඩියක් ද පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සවි කොට තිබේ.මාතලේ  පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ප්‍රධානී උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා ප්‍රමුඛ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු කිහිපදෙනෙකුම කණ්ඩලම වැවේ ස්ථාන කීපයක ජීවිත බේරා ගැනීමේ සේවයේ යොදවා සිටිති.
 
ජීවිත අනතුරක් සිදුවීමට මත්තෙන්  මෙය මැඩ පැවැත්වා  ගත යුතු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.



අදහස් (2)

කණ්ඩලම වාන්දිය මතින් හිතුමතේ රිය පදවති

Raveendra Wednesday, 06 January 2021 04:47 AM

අප ලාංකිකයන් වැඩි පිරිස් ඉල්ලන් කෑමට අති දක්ෂ බැවින් තම තමන්ගේ ජීවිත වලින්ම ඉල්ලන් කා අද්දැකීම් ලබාගැනුමට මෙවන් පිරිස්වලට ඉඩදීම වඩාත් සුදුසු නොවන්නේද?

:       2       70

දිමුත් Wednesday, 06 January 2021 11:34 AM

එක්කෙනෙක් දෙන්නෙක් ගහගෙන ගියාම තේරෙයි.

:       1       27

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6638 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7691 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18358 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 118 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 907 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site