IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කිතුනු විශ්වාසය අනුව යක්ෂයින් සේ ඇඳ මහමග සැරිසරති

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු     
                    
ජේසුස් ස්වාමින් වහන්සේ මහා සිකුරාදා දිනයේ දි කුරුසියේ ඇණ ගසා  ඝාතනය කළ පසු  යක්ෂයින් මනුෂ්‍යයන් පාපයට ඇද ගැනිමට තමන් රිසි අයුරින් කටයුතු කළ හැකි බව සිතමින් ලෝකය පුරා යමින් නිදහසේ සැරිසැරු බවට විශ්වාසයක් සමස්ත ලෝකවාසි කිතුණුවන් තුළ පවතී.

ඒ අනුව මෙම මහා සිකුරාදා දිනයෙන් පසු එළෑඹෙන සෙනසුරාදා වන අද දවසේ ( 31 දා ) සමහර කිතුණුවන් සිය සිරුරු පුරා කඵ තෙල් තවරා කොළ අතු එල්ලා ගෙන යක්ෂයින් සේ සැරසී විථි සංචාරය කරමින් එදා සැබෑ යක්ෂයින් ලොව පුරා නිදහසේ සැරිසැරූ ආකාරය සමරමින් ගමන් කළ අයුරු දැක ගත හැකි විය. කිතුණුවන් බහුලව ජීවත් වන මුහුදු කරයේ මෙම දසුන්  අද දිනයේ දැක ගත හැකිවිය.



අදහස් (32)

කිතුනු විශ්වාසය අනුව යක්ෂයින් සේ ඇඳ මහමග සැරිසරති

saman - maldives Saturday, 31 March 2018 11:55 AM

අද පෝය දිනය කියලා අමතක වෙලා. පෝය දිනය ගැන කිසිම දෙයක් නැහැ. සහජීවනයට බාධා වෙනවට බයද?

:       1170       1276

erdiSaturday, 31 March 2018 03:00 PM

සමන් - මෝල්ඩිව්ස් - හොඳට සේයා රූ බලන්න (බක් පෝදා බුද්ධ ප්‍රතිමා පුජාව) ඒක පෝය දිනයට සමගාමිව පැවැත්වූ එකක්. ඔබත් පිටරට ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සහජීවනය උතුම් දෙයක් බව සලකන්න.

:       203       210

nisar Saturday, 31 March 2018 12:15 PM

ඊසා තුමා නැවත පහළ වුනාම සත්‍ය මොකද්ද කියලා දැන ගන්න පුළුවන්. ඒ වෙනකම් ඕනෑම දෙයක් කරන්න.

:       512       425

BamunuarachchiSunday, 01 April 2018 06:02 PM

මිනිසුන්ගේ ඔලුවලට මනස්ගාත දානවා

:       2       20

මල්ලි Monday, 02 April 2018 09:57 AM

ඔළුවල තියෙන මනස්ගාත අයින් කර ගන්ඩ...

:       0       4

Nimal Saturday, 31 March 2018 12:26 PM

මේ කිතුනු විශ්වාසය නොවේ. මහා සිකුරාදා දිනය තුළින් ලැබෙන පණිවුඩය නොවේ. මහා සිකුරාදා පණිවුඩයෙන් කියවෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය තුලින් උන්වහන්සේ පාපය, ඒ තුලින් පැමිණි සදාකාලික මරණය සහ යක්ෂයා පරාද කොට මිනිසාට දේව රාජ්‍යයට පිවිසීමේ මාර්ගය විවෘත්ත කළ බවයි. කිතුණු විශ්වාසයේ මෙවැන්නක් සඳහන් නොවේ. යක්ෂයෝ එකල මෙසේ සැරිසැරුවා කියා ශුද්ධ බයිබලය තුළ කොතැනකවත් සඳහන් නොවේ. මේවාට මිනිසුන් පොළඹවන මේවාට අවසරය දෙන ඇත්තන් දේව වචනය ගැන ඇති දැනුම පිළිබඳව පරීක්ෂා කර බැලිය යුතුය.

:       471       523

රොමේෂ් Saturday, 31 March 2018 02:04 PM

මෙතන ආගම්වාදය ඇදගෙන නටන්න තරම් දෙයක් නැහැ. මේක එක පුවතක් විතරයි. මමත් මෙහෙම දෙයක් ඇහුවමයි. නමුත් එහෙම සම්ප්‍රදායක් තියෙනවා නම් සහ ඒ සාම්ප්‍රදායික සිරිත් ඒ තුළින් කාටත් හිරිහැරයක් නොමැති නම් සාම්ප්‍රදායික සිරිත් විරිත් රැකගැනීම ඉදිරියටත් පවත්වාගෙන යාම කාගේත් යුතුකමක්.

:       161       302

ලසන්ත Saturday, 31 March 2018 02:32 PM

යකුන් කලුද? එවැන්නේක් සිටී නම් ඔවුන්ට නිදහසේ සැරිසැරීමට, නිදහස විඳීමට ඉඩක් නැද්ද? යකුන්ට සැනසුම අකැපද? කෙනෙකුට තවකෙක් පාපයට නරකයට අපායට හෝ ඊට සමාන තැනකට ගෙනයා හැකිද? එසේ හැකිනම් කෙනෙකුට තවකෙක් ස්වර්ගයට හොඳතැනකට මෝක්ෂයට හෝ ඊට සමාන තැනකට ගෙනයාහැකි විය යුතුය. එසේනම් එවිට පුද්ගලයෙකුගේ ඥානයට, ප්‍රඥාවට, ධෛර්යයට, වීර්යයට පෞරුෂයට, ස්වාධීනත්වයට අගයක් නෑ නේද? නිදහස් චින්තනය අගයන කිතුනු මිතුරෙකු පැහැදිලිකර දෙන්න.

:       45       1

DasaSunday, 01 April 2018 05:08 PM

කෙනෙකුට තව කෙනෙක්ව පාපයට ඇදල ගන්න එක අද හරිම ලේසි වැඩක්. මේකේ ප්‍රතිවිරුද්ද දේ තමා කරන්න අමාරු දේ. හැම ආගමික ශාස්තෘවරයෙක්ම උත්සහ කලේ ඒකට. එක ආගමකට අදාල නැහැ නේද.

:       3       21

ලසන්තMonday, 02 April 2018 02:33 PM

හරිම ලේසි එක පාපයක් කියන්නකෝ. අමාරු හොඳ එකකුත් කියන්නකෝ. මමනම් හිතන්නේ කාටවත්, කිසිවෙකුත්, කොහෙවත් ගෙනයන්න බෑ. තම අවබෝධය අනුව ඒ ඒ කෙනා කටයුතු කරනවා. එයාට හිතන්න යමක් කියන්න විතරයි අනෙකෙකුට පුළුවන්. ඒ අනුව කටයුතු කිරීමේ හෝ නොකිරීමේ හැකියාව, අයිතිය තනි තනි කෙනා සතුයි. කෝඳුරුවෙක් තරම් කෙනෙක්වවත් වෙනස් කිරීමට තවකෙකුට නොහැක.

:       61       0

vidya Saturday, 31 March 2018 07:21 PM

කාලයෙන් කාලයට මනුෂ්‍යයන් බලයෙන් පාලනය කිරීම සඳහා නොයෙක් රට රාජ්‍යන් සදා ගත්තු උපායන් තමයි ඕවා.

:       21       8

අබරා Saturday, 31 March 2018 09:58 PM

ඔය විදියට අප්‍රිකාවේ ඉන්න ඔක්කොම යක්කු වෙන්ට ඇති .....

:       203       56

jayasiri Sunday, 01 April 2018 12:03 AM

කළු මිනිස්සු යක්ෂයන්ද ?

:       3       50

lalith Sunday, 01 April 2018 03:10 AM

මෙවැනි දේවල් තමන්ගේ විශ්වාසය අනුව කලාට කමක් නැහැ. නමුත් කළුතෙල් කියන්නේ පාවිච්චි කරපු එන්ජින් ඔයිල්. ඒවායේ විවිධ රසායනික ද්‍රව්‍ය තියනවා. ශරීරයේ තවරා ගැනීම සුදුසු නැහැ. සුදුසු විකල්පයක් පාවිච්චි කරන්න.

:       50       29

Rishard Sunday, 01 April 2018 03:27 AM

ජේසු තුමා නැවත පැමිණෙනවිට එයට ආයේ කෙනෙහිලිකම් කරන කට්ටියක් ඉදී මේවා ජේසුතුමාගේ මග පෙන්වීම් නොවේ .

:       0       7

විදුරංග Sunday, 01 April 2018 05:08 AM

මේක ආගම්වාදය නෙමෙයි වර්නබේද වාදය... කළුහම් මිනිස්සු යක්කු කියල පහත් කරන්න හදන සුදුහම් මිනිස්සුන්ගේ උපායික වැඩක් වෙන්න පුළුවන්. නැතිනම් යක්කු කලුයි දෙයියෝ සුදුයි කියන්න යක්කුවත් දෙයියෝවත් දැකපු කෙනෙක් නැහැනේ.

:       0       39

chamara silva Sunday, 01 April 2018 10:37 AM

මමත් කතෝලික... මෙහෙම දෙයක් දැක්කමයි. මේක අපහාසයක් වගේ නිකන්...

:       196       140

chamara Sunday, 01 April 2018 10:47 AM

ඇතැම් බෞද්ධයෝ තම ධර්මය වෙනුවෙන් ඉටු කළ යුතු බොහෝ දේ අතපසු කරමින් අනුන්ගේ ආගම් විවේචනය කිරීමට කාලය වැය කරනවා. ඒකයි උතුම් ධර්මය දවසින් දවස අපේ රටින් පිරිහෙන්නේ...

:       1       23

gayan hettiarachchiSunday, 01 April 2018 07:19 PM

චාමර සහ චාමර සිල්වා, මම බෞද්ධයෙක්. ගොඩක් අය එහි හරය දන්නේ නැහැ. පොඩි දේවල් පස්සේ දුවනවා. අපි ඉන්න භයානක තත්වය දන්නේ නම් හැම දෙනාම නිවන හොයන්ඩ පටං ගනී. ඒක හැමොටම පොදුයි

:       51       33

Chandima Sunday, 01 April 2018 02:18 PM

ඔය කියන යක්කු මේ අහිංසකයෝ නම් වෙන්න බැහැ. මම කියන්නම් කවුද යක්කු කියලා. ඔය තමන්ට තමන්ගේ රටවල් තියෙද්දී අනිත් රටවල් වලට ඇවිත් ඒ මිනිස්සුන්ගේ රටවල් අල්ල ගත්තු ඔය අාගමම අදහන ආත්මාර්ථකාමී බටහිර ජාතින් තමා නියම යක්කු. ඔන්න ඔය අදහස තමා අපි ඉදිරිපත් කරන්න ඕනෑ.

:       147       1

Rajah Monday, 02 April 2018 12:59 AM

මෙවැනි දෙයක් මම කිතුනු විස්වාසයේ හෝ බයිබලයේ කොහෙවත් සදහන් වෙන්නේ නැහැ. ඒවගේම මේවා කවදාවත් ලංකාවේ සිදුවුන බව මටනම් මතක නැහැ. ජේසුන්වහන්සේ ගේ මරණයෙන් සනිටුවුන ප්‍රධාන පණිවිඩය වන්නේ, යක්ෂයා, සදාකාලිකව පරාජයකල බවය. බයිබලයේ සදහන් වන්නේ ජේසුන් වහන්සේ ඔහුගේ හිස පොඩිකල බවය. (උප්පත්ති 3:15)

:       190       302

ලසන්තMonday, 02 April 2018 02:39 PM

වනේ වන හතුරෙකුටවත් හිස පොඩිවීම වැනි පීඩාවක් සිදුනොවේවා !!!

:       7       0

RajahTuesday, 03 April 2018 07:00 AM

යක්ෂයා මෙලොවට පාපය ඇතුල් කලබව කිතුනු කවුරුත් දන්නවා. එමෙන්ම මෙලොව ඇතිවී තිබෙන සියලු විනාශයන්ට මුල ඔහුබව සදහන්. හිස පොඩිකිරීම යනු උපහැරණයකි. උන්වහන්සේ එසේකලේ තමන්ගේ ජීවිතය වන්දියක් හැටියට ගෙවීමෙනි. පාපයේ කුලිය වන මරණය උන්වහන්සේ ගෙවීමෙන් යක්ෂයා සදහටම පරාජය කිරීම මෙයින් අදහස් කෙරේ.

:       0       5

අමාලි Monday, 02 April 2018 02:21 AM

එතකොට ග්‍රීස් යක්කු කියලා ගෙවල් වලට පැනලා තියෙන්නේ කතෝලික අයද?

:       33       559

kumar (galf)Monday, 02 April 2018 06:50 AM

බිබිලයේ කියා ඇති පරිදි දෙවියන් වහන්සේගේ ඒකජාත පුත් ජේසුතුමා කුරුස පත්වී මිනිසාගේ පාපයේ වන්දිය වසර 2000 කට පෙර මුළුමනින් එතුමාගේ දඬුවම හා වැගිරූ ලෙය තුළින් ගෙවා ඇත. තමන්ගේ පාපය පිළිගෙන ඒගැන පසුතැවී ජේසු තුමන්ගෙන් සමාව ඉල්ලා සිටින ඕනෑම තරාතිරමක පව්කාරයෙකුට සම්පුර්ණ පාපයට සමාව ලැබෙනවා ඇත. එපමණක් නොව ඔහුව ධර්මිෂ්ඨයකු සේ හඳුන්වා, එතුමා ස්වර්ගයේ වැඩවසනා දෙව්පියාණන්ට එම පාපයෙන් ගැලවීම ලැබූ තැනැත්තා දරුකමට ඉදිරිපත් කරයි, ජේසුතුමන්ගේ කරුණාවේ අනුග්‍රහයේ ශක්තිය තුළින් මේ පුද්ගලයාට නැවත පාපයට නොවැටෙන්නත් පාපය ජයග්‍රහණය කරන්නටත් අසීමිත බලයක් ලබාදෙනු ඇත. කුරුසියේ ක්‍රියාව දිනයේදී යක්ෂයා (සාතන්) හා ඔහුගේ මුළු කෝටිගණනක් අසුද්ධ ආත්ම පරාජය වූ අතර ඔවුන් සියල්ල නිර්වස්ත්‍ර කර ප්‍රසිද්ධ විහිළුවක් බවට පත්කළ බව ශුද්ධ ලියවිල්ලේ ස්ථිර කර ඇත. මේනිසා මහ පොළවේ සිටිනා සෑම අශුද්ධ බලවේගයන්ම ජේසුස් නාමයට යටත් වන අතර, ජේසුස් නාමය තුළින් අණකර අසුද්ධ ආත්ම පලවා හැර මිනිසුන් මුදාහැරීමට සත්‍ය කිතුනුවන්ට ජේසුතුමා බලය දී ඇත. නමුත් ජනතාව රවටා කිතුනු නාමය පමණක් දරා සිටින්නවුන්ට යකුන් පලවා හැරීමට යාම අනතුරුය.

:       0       417

RajahMonday, 02 April 2018 08:54 AM

කුමාර් ඔබගේ අදහස බයිබලයට ගොඩක් සමීපයි. නමුත් යක්ෂයන් නිරුවත් කලබව බයිබලයේ සදහන් නොවුවත්, ඉන් අදහස් කරන්නේ, ඔවුන්ගේ සැබෑ සුවරුපය ලොවට එළිදරව් කලබව විය යුතුය. මගේ එකම ඉල්ලේම වන්නේ මෙවැනි ක්‍රියාදාමයන්ගෙන්, කිතුනු ඉගැන්වීම වැරදි ලෙස හුවාදැක්වීමට ඉඩ නොතැබිය යුතුබවය.

:       338       103

ලසන්තMonday, 02 April 2018 03:18 PM

මම නරක කෙනෙකු බව විටෙකදි මට සිතේ. ඒ අන් කිසිවක් නිසා නොව මොහොතක් පාසා මා වෙත යොමුවන හැම කෙනෙකුම, හැම දෙයක්ම මගේ අනසකට, පාලනයට, යටතට, ගැනීමට මට සිතේ. ඇතැම් විට එසේ කිරීමට උපක්‍රම යොදයි. ජේසුතුමාත් ඒසේ කල බව ඉහත කියවේ. මේනිසා මම අනේක දුක් වින්දෙමි. ඒ ඒ අයට, ඒ ඒ දෙයට, එහි අයිතිය ලබාදී 'අතහැරිම' කළවිට පමනක් මට සැනසීම ලැබේ. ඔබත් අත්හදා බලන්න.

:       10       0

කුමාර් (ගල්ෆ්) Monday, 02 April 2018 08:17 PM

ඔබ පැවසූ දේට මා එකඟ නොවෙමි, කරුණාකර දේව වචනයේ ලියා ඇති තැන පෙන්වන්න,

:       0       112

RajahTuesday, 03 April 2018 06:51 AM

ලසන්ත ඔබ ඔය කියන දෙයක් ඉහත සදහන් නැත. එමෙන්ම ජේසුතුමන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවත්, සියල්ල උන්වන්සේ මැවූ බවත් බයිබලයේ සදහන්. උන්වහන්සේ රජවරුන්ගේ රජාණන් බවත්, මැවුම්කරුවානන් බවත් බයිබලයේ සදහන්; එමනිසා සියල්ල උන්වහන්සේ යටතේ තිබෙන බැවින්, කිසිවක් උන්වහන්සේ යටතට ගැනීමට උවමනා නැත.

:       62       35

ලසන්තTuesday, 03 April 2018 04:07 PM

මම නම් නොවෙයි කුමාර් ගල්ෆ් එසේ ලියා ඇත. "කුරුසියේ ක්‍රියාව දිනයේදී යක්ෂයා (සාතන්) හා ඔහුගේ මුළු කෝටි ගණනක් අසුද්ධ ආත්ම පරාජය වූ අතර" කෙනෙකු පැරදී තවකෙකු දිනයි "අසුද්ධ ආත්ම පලවා හැර මිනිසුන් මුදාහැරීමට සත්‍ය කිතුනුවන්ට ජේසුතුමා බලය දී ඇත" පලවා හරින්නේ තමාට යටත් කරගත් දුබලයා මිස බලවත් බලවතෙකුව පලවා හැරිය නොහැක.

:       0       32

de silva berlin Monday, 02 April 2018 02:37 PM

කිතුනු රටක් වන ජර්මනියේවත් මහා සිකුරාදා මෙහෙම යක්කුන්ට අදින සිරිතක් නැත.

:       0       5

lal Tuesday, 03 April 2018 01:07 AM

අවුලක් නැහැ ...අපේ දියවන්නාව පැත්තෙත් මේ ජාතියේ මිනිස්සු තමයි දැන් ඉන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22051 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21882 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site