(කතරගම කේ. ඩී. දේවප්‍රිය)
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 12 වැනි පෙරහැර මංගල්‍ය අද (01) රාත්‍රි වීදි සංචාරය කරනු ලබයි. පසුගිය මස 21 වැනි දින කතරගම ඇසළ මංගල්‍ය ආරම්භ වූ අතර ඇසළ මංගල්‍යට සමාගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල අද (01) උදෑසන සුබ මොහෙතින් සිදු කරන ලදී.
සුළු බැතිමත්හු පිරිසක් පමණක් මෙම ගිනි පෑගීමේ අවස්ථාව සඳහා එක්වූහ.
මෙම අවස්ථාව සඳහා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියෝද සහභාගි වූහ. මීට අමතරව මොණරාගල දිසා ලේකම් කඳවුරු බාර නිලධාරි ගුණදාස සමරසිංහ, කතරගම ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. නන්දසිරි, කතරගම ප්‍රාදේශීය සභාපති චානක අමිල් රංගන සහ පොලිස් ස්ථානාධිපති උපුල් ලියනගම යන මහත්වරුද පැමිණ සිටියහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතරගම දේවාලයේ ගිනි පෑගීමේ මංගල්‍යය
jayasekara Saturday, 01 August 2020 06:00 AM
අහෝ..!!! බොදුනුවන් නොදිටි මොක්පුර...
පූජා Saturday, 01 August 2020 06:26 AM
මේ ගිනිපෑගීමේ මංගල්‍ය ගැන බොහෝ දෙනා තුළ විවිධ අදහස්, මතිමතාන්තර තිබුණත් මට නම් ඇත්තේ මහත් කුතුහලයක්.. රතුපාටින් දිලිසෙන ගිනිගොඩක් උඩ, දෙවියන් කෙරෙහි වූ අපමණ භක්තියකින් කරන්නා වූ මේ කර්තව්‍ය, ඇත්තෙන්ම පුදුම සහගතයි. ගිනි පෑගීමෙන් අනතුරුව බැතිමතුන් ඉතා සැහැල්ලුවෙන්,ඉන් ඉවත්ව යන දර්ශනය දුටුවිට සිතට ඇතිවන්නේ පහන් හැඟීමක්. "සිත " කියන එක පුදුම සහගත එකක්...හිතුවොත් කරන්න බැරි දෙයක් තිබේද.? හැබැයි හැමටම එය කරන්නට බැරිය.
jayasekaraSaturday, 01 August 2020 07:03 AM
මමත් ගිනිපාගලා තියෙනවා.. හැබැයි ඔය කියන විදිහේ පේ වෙලා නැතිව... නිකන් හිතුණා යාළ්වන් 3 දෙනෙක් එක්ක පාගමු කිව්වා.. පෑගුවා. මාගේ මුල් තැන ගෞතම බුදුපියාණන් වහන්සේගේ දර්ශනයටයි. ඊට එහා අපට පිළිසරණක් නැහැ. තමාට පිහිට තමාම පමණයි.
පූජාSaturday, 01 August 2020 07:54 AM
ජයසේකර මහත්මයා,ඔබ ගිනි පාගන විට ඔබට දැණුන හැඟීම මොකක්ද? අපි මුලුතැන්ගෙයි, ඉවුම් පිහුම් කරන විට, පොඩි ගිනි දැල්ලකින් පවා දෑත් පිළිස්සුනාම, මහත් වේදනාවකට පත්වෙනවා. ඒකයි මම සඳහන් කලේ මට මහත් කුතුහලයක් දැනෙනවා කියලා.. ඔබ මෙන්ම මමද විශ්වාස කරන්නේ අප සම්මා සම්බුදු හිමියන්ගේ සරණ හැර අපට වෙන සරණක් නොමැති බව..
සමිත සේනක අලුත්ගමගේ.Saturday, 01 August 2020 08:12 AM
පූජා, මා 9 වසරේ පැරණි O/L විද්‍යා පන්තියේ සිටියදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අපට ගිනි පෑගීම ගැන එතුමා කළ පර්යේෂණයක් ගැන දේශනයක් දුන්නා. එතුමාව ගෙන්නුවේ අපගේ විද්‍යා සංගමයෙන්. අපට විද්‍යා විෂයන් 5 ක් තිබුණා. ග්‍රේඩ් නයින් එකට ගත්තේත් අමාරු විභාගයක් සමත්වීමෙන් පසුවයි. ඉහත කාලෝ මහතා ඔප්පු කොට තිබුණේ ගිණි පෑගීම විද්‍යානුකූලව බොරුවක් බවයි. එතුමා සමග පර්යේෂණ වල නිරත වූ වෛද්‍යවරයෙකු පසු කාලීනව මගේ විශ්ව විද්‍යාලයීය මිතුරෙකු වී සිටියා. අප අතර විරුද්ධ මත තිබුණත්, ඔහු සංවේදී බුද්ධිමතෙක්. ඔහු මට වරක් කීවේ කාලෝ මහතා කීවලු ඉහත පර්යේෂණ වැඩෙන් පස්සේ ඔහුට මහා කරදර සිදුවුණා කියා. මේවායේ මිනිසාට, විද්‍යාවට එහා ගිය ග්‍රහණය කළ නොහැකි දේ තිබෙන බව පෙනේ... රත්තරන් දුවේ මගේ රත්තරං දූවේ ගීතය එතුමා ලිව්වේත් එතුමා ලත්, දුක්මුසු අත්දැකීමක් තුලින්... මාත්, සිරිතක් ලෙස අාගමික දේට ගරහන්නේ නැහැ. විවේචනය කරන්නේ නැහැ. ඒත්,ඒවායේ ඇති සැඟවුණු ගුප්ත දේ සෙවීමේ දැඩි ආශාවක් මා තුළ තිබෙනවා.
සමිත සේනක අලුත්ගමගේ.Saturday, 01 August 2020 12:32 PM
පූජා, බුදු හාමුදුරුවෝ තමයි අපේ ප්‍රාණය හා ජීවය. ඒ නිසා අපට උන්වහන්සේ හැර වෙන කෙනෙකු ප්‍රධාන නැහැ. එ්කේ කිසි සැකයක්ද නැහැ. මෙහි තිබෙන්නේ අපගේ සංස්කෘතික අනන්‍යතාව... සංස්කෘතියක් නැති මිනිසුන්ට ලොව පිළිගැනීම හරිහැටි සිදුවෙන්නෙ නැහැ. ජාතික අනන්‍යතාව මෙන්ම අපට සංස්කෘතික අනන්‍යතාවත් ඉතා වැදගත්. සංස්කෘතික ලෙසට දෙපාර්තමේන්තුවක් තිබෙන්නේ ඒ නිසා තමයි. සාමාන්‍යයෙන් ගිණි පෑගීමේදී නොපිච්චෙන්නේ යටි පතුල හා ගිණි අඟුරු මත ස්පර්ශ වෙන කාලය ඉතා අඩු නිසා.ඒක එහෙම වුණත්, මේවා සාම්ප්‍රදායික දේවල්. අප ඒවා අගය කළ යුතුයි. පොල් කටු අඟුරු දමා පෑගුව හොත් පිච්චෙනවා. ඒවා කකුලේ ඇලෙන නිසා. ඒ කෙසේ වෙතත්, මේ සංස්කෘතික දේවල් අප අගය කළ යුතුයි. ලොව ජාතීන් වර්ග කිරීමේදී සංස්කෘතියට ප්‍රධාන තැනක් දෙනවා. ඒකයි රටක පුරාවස්තු වටින්නේ. ඒවා ජාතියේ අභිමානය පෙන්වන නිසා. ඒකයි සීගිරි චිත්‍ර, කුරුටු ගී ආදිය වටින්නේ. ඒවා ජාතියේ ප්‍රෞඩත්වය පෙන්වන සාධක. ඒ යුගයේ මෙවන් සාහිත්‍ය රසයක් දත් මිනිසුන් සිටියා කීම ලොකු අභිමානයක්. ජාතියකට භාෂා අනන්‍යතාව මෙන්ම සංස්කෘතික අනන්‍යතාවත් එහි ප්‍රගමනය සඳහා වැදගත්. අපගේ ජාතිය වනසන සතුරන් පැරණි පිළිම, පුරාවස්තු වනසන්නේ ඒ නිසා තමයි.
පූජාSaturday, 01 August 2020 01:50 PM
සමිත ,ඔයාගේ පැහැදිලි කිරීම් ඉතාමත් අගය කරන අතර මගේ ස්තූතියද ඔබට පිරිනමනවා. ඔයාට පුලුවන්නම්, අර වැව් තාවුල්ලේ, රුක් සෙවනේ, කියන ආටිකල් එකට ලස්සන කවියක් ලියන්නකෝ බලන්න.. ගොඩාක් කාලෙකින් ඔබගෙන් කවියක් ඇහුවේ නැහැ.. මම ඒ කවි රස විඳින රසිකාවියක්..
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 04 August 2020 05:29 AM
පූජා, ඒ විශේෂාංග පුවතට මගේ කවි 3 ක්ම ලියා ඇති. තව විමලරත්න කුමාරගම කවියාගේ කවි කිහිපය කුත් ලියා ඇති.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 01 August 2020 07:09 AM
මේවා සංස්කෘතික ලක්ෂණ. විදේශිකයන් බොහෝ මුදල් වියදම් කරගෙන පැමිණ මේ දේවල් වීඩියෝ සහ ඡායාරූප කරගෙන ගොස් මුදල් සොයනවා. සතෙක් අල්ලාගෙන පිහියට මතුරා බෙල්ල කපා මරාකන ජාතියකට සංස්කෘතියක් නැහැ. සල්ලි බලය විතරක් ඇති සංස්කෘතියක් නැති ඔවුන් මේ රට විනාශ කරන්නට ව්‍යවසන කරන්නේ තිබෙන ඉරිසියාව නිසයි. සංස්කෘතික දේට අපහාස උපහාස හා සමච්චල් කොට නැහැදිච්ච සතුටක් විඳින අපේ අයද නැතුවා නොවේ. වරක් විමලරත්න කුමාරගම කවියා මෙසේ කීවා.' සංහිඳ බාරයට පහනක් දැල්වීම - මා නොකළත් නොකළෙමි එය ගැරහීම ' යනුවෙන්. මා මේවායේ එල්බගෙන නොසිටියත් මා ඒවාට අපහාස කරන්නේ නැහැ. මිනිසා නොදන්නා බොහෝ දේ මේවායේ සැඟව ඇති. ජාතියක් සතු සංස්කෘතික ලක්ෂණ ඒ ජාතියේ අභිමානය කියාපාන දෙයක්. ජාතීන් වර්ග කිරීමේදී ඒ ලක්ෂණ නිසා එම ජාතියට ලැබෙනුයේ ඉහළ අගයක්... සංස්කෘතිය උකස්කොට බඩ වඩා ගන්නා අය ගැන වර්ණනා කිරීමක් මෙහිදී මා සිදුකර නැහැ.
Bamunuarachchi Saturday, 01 August 2020 09:21 AM
මේවා අමූලික බොරු... අපි රැවටෙන්නේ නැහැ.
Champa Saturday, 01 August 2020 11:23 AM
ලංකාවට ආවේණික සංස්කෘතික ලක්ෂණ ඒ විදිහට පවත්වාගෙන යාම අගය කළ යුත්තක්. අපේ අනන්‍යතාවය ගොඩනැගිලා තියෙන්නේ අපේ සංස්කෘතිය මත...
samarasekara - gampahaSaturday, 01 August 2020 12:02 PM
කොහේ තියෙන සංස්කෘතියක් ගැනද ඔබ කතාකරන්නේ..? රාජ්‍ය බලය ගන්න තාත්තාව බිත්තියට තියලා මැටි ගැහුව කාශ්‍යප කියන පිස්සෙක් ගැනද, සිය ගණන් අන්තපුර පවත්වාගෙන ගිය රජුන් ගැනද, සුප්පාදේවි නම් සිංහයෙක් සමග එකතුවී හදපු දරුවන් ගැනද, අයියලා නංගිලා විවාහ වෙන බොහොම ගම්භිර සංස්කෘතියක් ගැනද , විජය කියන හොරාගෙන් පැවත එන හොරුන්ගෙන් පිරි ඉන්දියන් සාගරයේ හිඟන දුපතේ සංස්කෘතිය ගැනද ඔබ මේ තප්පුලන්නේ... තව දෙන්නද..? ඔහේ රෙද්දක් ඇඳගෙනද ඉන්නේ?
mudithaSaturday, 01 August 2020 01:18 PM
දන්න ප්‍රමාණය වගේම දැනෙන ප්‍රමාණය තමයි ඔබ කියලා තියෙන්නේ. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
Binkunndaa Saturday, 01 August 2020 02:33 PM
ඔබ හොඳින් සත්‍ය කියාදී ඇත. ස්තුතියි...!!!
ChampaSaturday, 01 August 2020 05:51 PM
සමරසේකර - සිංහල ජාතියට ගැරහීම සහ දුර්වල ඉතිහාස දැනුම විජය හොරාගෙන් පැවතෙන්නන්ගේ ලක්ෂණයක්. ඉතිහාසයට අනුව, ධාතුසේන රජුගේ බෑනා මිගාර සෙනෙවියා රජු එක්ක වෛරයෙන් හිටපු නිසා, කාශ්‍යපට තමන්ගේ පියා මරලා රජකම ගන්න පෙළඹෙව්වා. හැබැයි ධාතුසේන රජුව මැරුවේ මිගාර මිසක් කාශ්‍යප නෙමෙයි. ඉතා කලාතුරකින් තැනක දෙකක තියෙන රජ කෙනෙකුගේ උප භාර්යාවක් පිළිබඳ කතා හැරෙන්න, ඉන්දියානු ආභාෂය උඩ වංග ජාතික මහානාම භික්ෂුව, ශ්‍රේෂ්ඨ සිංහල නරපතීන්ට ගරහන්න අතින් දාලා ලියපු අන්තඃපුර කථා ඔප්පු කරන සාධක කිසිවක් නැහැ. උදා: විදිහට කාශ්‍යපගේ මව, ධාතුසේන රජු විවාහයට පෙර පාණ්ඩ්‍යයන් සමඟ යුදකරන කාලයේ ආශ්‍රය කළ කාන්තාවක්. නමුත් ඇයට ලැබුණු දරුවට රජ්ජුරුවෝ රාජ කුමාරයෙකුට හා සමානව සැලකුවා. අන්තඃපුර තිබ්බ නම් ළමයි දුසිමක් දෙකක් ඉන්න එපැයි. කෝ? සුප්පාදේවි හිටියේ ලංකාවේ නෙමෙයි. වංග රටේ. ඒ හින්දා ඒ සංස්කෘතිය යක්ඛ ජනවර්ගයෙන් පැවතෙන සිංහල අපට අදාළ නැහැ. සිංහල ඉතිහාසයයි කියලා මහානාම භික්ෂුව ලියපු බිතුසිතුවම් ඔක්කොම තියෙන්නේ ඉන්දියාවේ. ලංකාවේ තියෙන්නේ බුදු දහමෙන් හික්මුණු උදාර ජාතියක ශිෂ්ඨ සම්පන්න බව පෙන්වන බිතු සිතුවම්....
සපුමල් (Sapumal.)Tuesday, 04 August 2020 02:16 AM
අනන්ත ගැඹුරු මහා සාගරයේ ජලය නිසලයි. එහෙත් නොගැඹුරු වෙරළේ තිබෙන ගොඩ රළ මහා සද්දෙන් ඝෝෂා කිරීම සිරිතයි. ස්වල්පයක් දත් අයද ගොඩරළ මෙනි. තමන්ගේ අදහස ගලපා එඩිතරව ඉදිරිපත් කිරීමට නොහැකි කොන්දක් නොමැති සමහර දෙනා පුහු වීරත්වයක් ආරූඪ කරගෙන සිටිනු පෙනේ. ස්වල්පයක් දත් අනුවණයන් ඝෝෂා කිරීම සාමාන්‍ය දෙයක් වුවත්, මෙවන් අවස්ථාවලදී කණගාටු විය යුත්තේ කරුණු කාරණා මැනවින් දත් බුද්ධිමතුන්ගේ නිහඬවීමයි. ස්වල්පයක් දත් අනුවණයන්ගේ උඩ පැනීමට වගකිවයුත්තේ කරුණු කාරණා මැනවින් දත් බුද්ධිමතුන්මයි.
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 04 August 2020 03:12 PM
චම්පා මහත්මියගේ පැහැදිලි කිරීම අගයමි. ලංකාවට සීගිරි කාශ්‍යප රජ නිසා ලැබෙනුයේ විශ්ව කීර්තියක්. අද විදෙස් හා දේශීය විද්වතුන්ගේ මතය වනුයේ ලොවට අග්‍රගන්‍ය කලා වස්තුවක් දායාද කළ සීගිරි කාශ්‍යප කිසිසේත්ම පීතෲ ඝාතකයෙකු නොවන බවයි. ඔහු එවන් කෙනෙකු වූවා නම්, කිසිසේත්ම, මෙවන් උදාර නිර්මාණයක් බිහි නොකරන බව විද්වත් මතයයි. සීගිරි චිත්‍ර හා කැටපත් පවුරට අමතරව සීගිරි පර්වතය මුදුනට ඒ යුගයේ ජලය නල මගින් ජලය ගෙනගොස් තිබීමද ලෝක පුදුමයක් සේ සලකනු ලබයි. ඒ විතරක් නොව ලොව පුරාණයේ සිටි විශිෂ්ඨම වාරි ඉංජිනේරුවන් සිටියේ ලංකාවේ බවට විද්වතුන් මවිත වෙති.
ChampaTuesday, 04 August 2020 03:17 PM
samarasekara - ඔබට උත්තර දීපු මගේ කොමෙන්ට් එකේ වචන කීපයක් අඩුයි. ඉන්දියාවේ තියෙන බිතුසිතුවම් වල ඔබ කියන විවිධාකාර සතුන් සමඟ චර්යාවන් සහ අපේ රටේ අසම්මත යැයි සලකන දේවල් චිත්‍රයට නඟල තියෙනවා. කවුරුවත් කියන හින්දා පිළිගන්නේ නැතුව තමනුත් හොයල බලන්න.
kavindaSaturday, 01 August 2020 02:59 PM
මිනිහා මැරුණාම බිරිඳ ගිනිගොඩට පනින සංස්කෘතියක් තියෙනවා. චම්පා හරි කැමති ඇති ඒ වැඩේට නේද? මම නම් හරි ආසයි ඒ වගේ සංස්කෘතියට... එතකොට රටේ හරක් අඩුවෙනවනේ...
ChampaSaturday, 01 August 2020 04:45 PM
kavinda - ඔබ ලංකාවේ ජීවත් වෙන ඉන්දියානුවෙක් නිසා සැමියා මැරුණාම නෑදෑයින් බිරිඳව ගිනිගොඩට තල්ලු කරන ඉන්දියානු සංස්කෘතියට ඔබ කැමති ඇති. මම සිංහලයෙක් නිසා මට ඒ සංස්කෘතිය අදාළ නැහැ. ඔබේ බිරිඳ ගිනි ගොඩට පැනීමයි, හරක්(?) හරක් අඩුවීමයි අතර සම්බන්ධය මොකක්ද? ඔබේ සිංහල භාෂා දැනීම දියුණු කර ගැනීම සඳහා, විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ නාම පද හඳුනා ගැනීම සඳහා මම ඔබට දෙක වසර සිංහල පොත කියවීම නිර්දේශ කරන්න කැමතියි.
damith Saturday, 01 August 2020 11:29 AM
මේ පාර ගිනි පාගන්න කවුරුත් නැති එකේ, ඔය සුදු ඇඳගෙන ඉන්න අයටත් ගිනි පාගන්න කියන්නයි තිබුනේ.
Vidya Saturday, 01 August 2020 07:14 PM
හාමුදුරුවරුත් මේවට ගිහින් ඉස්සරහින්ම අසුන්වලට ඉන්නවනේ... මේවා ඉන්දියාවෙන් පැමිණි ඇදහිලි ක්‍රම...
ChampaTuesday, 04 August 2020 03:43 PM
ගිනි පෑගීමෙන් පෙන්වන්න හදන්නේ දෙවියන් පිළිබඳ ඒ පුද්ගලයාගේ භක්තිය. සමහර රටවල හිතනවා ගිනි පෑගීම හින්ද ඊට සහභාගී වන පිරිසට ශාන්තියක් ලැබෙනවා කියලා. ඉතා ඈත අතීතයේ පටන් උතුරු ග්‍රීසියේ ශාන්ත කොන්ස්ටන්ටයින් සහ ශාන්ත හෙලන් වෙනුවෙන් ගිනි පෑගීම කරනවා. ඒ උත්සවය විශාල සංචාරක ආකර්ශනයක්. තව චීනය ජපානය සහ ෆිජි දූපත් වලත් ගිනි පෑගීම කරලා තියෙනව. මේ වගේ විවිධ ඇදහිලි සහ විශ්වාස ඒ ඒ රටවල සංස්කෘතික ලක්ෂණ. කතරගම ගිනි පෑගීම අපිට ආවේනිකයි. ලංකාවේ වෙන කොහෙවත් මෙහෙම කරන්නේ නැහැ.