(විමුක්ති එස් රුද්‍රිගු)
කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘‘ලුසී‘‘ නැමති ඇතින්න ශ්වසන අපහසුතාවයකින් පෙළෙන බව "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය පවසයි.
‘‘ලුසී‘‘, එඩ්මන්ටන් සත්වොද්‍යානය පින්නවල අලි අනාථාගාරය සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය මත 1977 වසරේදී එඩ්මන්ටන් සත්වොද්‍යානයට රැගෙන එන ලදි.‘‘ලුසී‘‘ කැනඩාවට පැමිණෙන විට ඇයගේ වයස වසර දෙකකි.
ශ්වසන අපහසුතාවය හේතුවෙන් ‘‘ලුසී‘‘ හුස්ම ගැනීමට මුඛය භාවිත කරන බවත් මුඛයෙන් හුස්ම ගන්නා පළමු වෙනි ඇතින්න "ලුසී" බවත් "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය ප්‍රකාශ කර ඇත. මුඛයෙන් හුස්ම ගැනීම හේතුවෙන් නිර්වින්දනය කළ නොහැකි බවත් නිර්වින්දනය කළහොත් හුස්ම ගැනීම නතර විය හැකි බවත් "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය පෙන්වා දී තිබේ. නිර්වින්දනය කළ නොහැකි නිසා ප්‍රතිකාර කිරීමට හෝ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමට සිදුකළ හැකි පරීක්ෂණ සීමිත වී ඇතැයි "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය සඳහන් කර ඇත.
"ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය ‘‘ලුසී‘‘ වෙනුවෙන් 2021 වසරේ සිට පෙනී සිටි සංවිධානයකි. ආසියානු ඇතින්නක් ආර්ක්ටික් කාලගුණයට අනුගත වන්නේ කෙසේදැයි "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය නැගූ ප්‍රශ්නයක් විය. අවසානයේ පසුගිය මාර්තු මස ලෝකයේ ප්‍රමුඛ අලින් පිළිබඳ විශේෂඥයන් හතර දෙනෙක්ගේ සහභාගීත්වය මත දින තුනක් පුරා පරීක්ෂණ සිදු කරමින් ‘‘ලුසී‘‘ ගේ සෞඛ්‍ය තත්ත්වය ඇස්තමේන්තු කර ඇති අතර ඉන් තීරණය කර ඇත්තේ ‘‘ලුසී‘‘ ගේ අවිනිශ්චිත ශ්වසන අපහසුතාවය හේතුවෙන් එඩ්මන්ටන් සත්වොද්‍යානයේ සිටිය යුතු බවයි. ඉදිරි මාස කිහිපයේදී තවත් පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර "ලුසී" ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ තත්ත්වයට හැරවීම සඳහා සත්වොද්‍යානයේ ඇය සිටින ස්ථානය සහ රැකබලා ගන්නා ආකාරය වෙනස් කළ යුතු ආකාරය ගැන නිර්දේශ කිහිපයක් ද විශේෂඥයන් ඉදිරිපත් කර ඇත.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කැනඩාවට තෑගි දුන් ‘‘ලුසී‘‘ ලෙඩ වී දුක් විඳියි
wildpictureshare Tuesday, 04 April 2023 03:49 PM
මේක මෝඩ තකතිරු තීරණයක් උශ්ණාධික රටක සිට සීතල රටකට ගෙනයාම.
AB Tuesday, 04 April 2023 06:24 PM
වසර ගණනාවක් සිතල රටක තනිව ජීවත්වූ ලුසීගේ අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහිතව වෙනත් අලින් සිටිනා ට්‍රොපිකල් කලාපයකට තැනකට යැවීම සොබාදහමේ නීතියට ගරු කිරීමකි. බොහෝවිට වෙනත් අලින් සිටිනා ට්‍රොපිකල් කලාපයකට (elephant translocation) යැවීම සිදුඋවහොත් අසනීප තත්වය අඩුවනු ඇත
ජයරත්න Tuesday, 04 April 2023 08:21 PM
මේ අහිංසක සතාව තවත් වේදනාවට පත් නොකර යළි මෙරටට රැගෙන ආයුතුයි.
ලුම්බිණි Wednesday, 05 April 2023 10:29 AM
අඩු වශයෙන් ලෝකයේ ප්‍රමුඛ අලින් පිළිබඳ විශේෂඥයන් හතර දෙනෙක්ගේ සහභාගීත්වය මත දින තුනක් පුරා පරීක්ෂණ සිදු කරමින් ‘‘ලුසී‘‘ ගේ සෞඛ්‍ය තත්ත්වය ඇස්තමේන්තු කරල හරි තියෙනවා. ඒත් මියන්මාරයෙන් බෙල්ලන්විල පන්සලට දුන්නු සතා???
kankanamlage susantha Thursday, 13 April 2023 01:59 PM
දේශගුණික තත්වයන් නොසලකා කරන වැඩවලට දුක් විඳින්නේ සතුන් .