(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජලයෙන් පිරී ඉතාමත් සුන්දර දසුන් මවමින් කඩා හැලෙමින් පවතින අයුරු දක්නට ලැබේ.
දිය ඇලිවල මෙසේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙනත් දිනවලට වඩා දිය ඇලි විවිධාකාර හැඩතල මවමින් කඩා හැලෙමින් පරිසරයට අපුරු සුන්දරත්වයක් ගෙන දෙනු ලැබේ.
(රංජිත් රාජපක්ෂ-ඩෙවෝන් ඇල්ල)
(ශාන්ත චන්ද්‍රසිරි - ඩෙවෝන් ඇල්ල)
(ශාන්ත චන්ද්‍රසිරි- සෙන්කෙලයාර් ඇල්ල)
(ශාන්ත චන්ද්‍රසිරි - කඩියන්ලෙන ඇල්ල)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කඳුකරයේ දියඇලි හැඩවැඩ වෙයි
පූජා Thursday, 06 August 2020 07:51 AM
කඳුකරයේ සියලුම ලොකු පොඩි දිය ඇලි අධික වැසි සහිත කාලවලදී දකින්නන්ගේ නෙත් සිත් පැහැර ගනිමින් කොමළ ගමනින් පහළට ගලා හැලෙන්න ඇති... අධික ලෙස වැස්සොත් විතරනේ, ඒ අසිරිය.. පායන කාලවලදී කෝ ඒ අසිරිය? නුඹලා කෘශවෙලා ගිහිල්ලා, එහෙම නැත්නම් වේලිලා ගිහිල්ලා.. ඒ විදියට ඉන්න කොට කව්ද නුඹලාගේ අසිරිය විඳින්නේ? කාලයක් මමත් මේ සුන්දර දිය ඇලි කොමලියන්ගේ සුන්දරත්වයෙන් වශීකෘත වෙලා හිටියා... සිත නුඹලාගේ දැක්මෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් වුණා. දැනුත් නැතුවාම නොවේ. ඇති නැතිවීම ලෝක ස්වභාවය කියලා හැඟෙන කොට සිතට දැනෙන්නේ ගුප්ත හැඟීමක්.." ලස්සන සැමදේ මොහොතට සුව දේ "නාරද දිසාසේකරයන් කලකට උඩදී ගායනා කරන ලද ඒ අරුත් බර ගීතයත් මේ මොහොතේ මගේ සිතට වද දෙනවා. කමක් නැහැ, මම අදත් වෙනදා වාගේම නුඹලාගේ අසිරිය විඳින්නම්... ඒත් එම අසිරියේ කුමක්දෝ අඩුවක් තිබෙන බව හැඟෙන කොට සිතට දැනෙන්නේ දුක්ඛිත සිතුවිල්ලක්...
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 06 August 2020 08:04 AM
"කොරෝනා මැදින් ගැයූ ඒ දුක්බර ගීතේ ... මඳකට හෝ නිමවීම සතුටකි ජනතා සිතේ ... ඡන්ද සටන නිමවී ඇත ගතෙහි සිතේ .. සොබා සිරිය විඳිනෙමූ හිඳ හිඳ සීතේ ... "
විජිත් Thursday, 06 August 2020 01:59 PM
අද වෙනස් දවසක්.. මේ එදා කඩා හැළුණු සුදුම සුදු දියදහරාවන් නොවෙයි. ඒ සුන්දර දිය ඇල්ල කොහේ ගිහින්ද...? ඒ වෙනුවෙට මට පෙනෙන්නේ ඇස් රතු , ජල රකුසෙක්, හදවතේ කිසිම තෙතක් ,අනුකම්පාවක් නොපෙන්වන දඩබ්බරයෙක්... අන්තිම ෆොටෝ එක බලන්න ආයෙත් වතාවක්.. දෑස් පිසදාලා... දිය ඇල්ලට උඩින් තියෙන වගා බිම් පාලු කරගෙන, ගම්දනව් පිසදාගෙන, ගෙවල් දොරවල් කඩා බිඳදමමින්... ඒ පළාතේ ජීවත්වන අහිංසකයින්ගේ දෑස්වලට දුක් කඳුළු වගුරුවා, උතුරවමින් වියරුවෙන් මෙන් කඩා වැටෙන දුඹුරු වර්ණයෙන් යුත් ප්‍රචණ්ඩකාරී දිය රකුසෙක්... මම ආයෙත් කියනවා මිනිස්සුනේ.. මේ සොබාදම් අම්මගේ දුක් කඳුළු.. ඇය හඬා වැටෙනවා ...ඇයට කල හැක්කේ එපමණයි. ළඟම එන මහා ඛේදවාචකයක පෙරනිමිතිද?
පූජාFriday, 07 August 2020 06:16 AM
ඔබ මෙතෙක්, මෙතරම් හිත් වේදනාවකින් සටහන් ලියනවා මා දැක නැත. පෑරුණු හදවත් සුවපත් කිරීමට ඇති එකම මඟ "කාලයයි." කාලය විසින් සියල්ලම යහපත් ලෙස විසඳා දෙනු ඇත. ඉදිරියටත්, ඔබේ ලස්සන, අරුත් බර සටහන් අපට කියවීමට හැකියාව ලැබේවා.!
සමිත සේනක අලුත්ගමගේ.Friday, 07 August 2020 07:53 AM
විජිත්, ඔයාගේ සටහනට මාත් සංවේදී වුණා...
kriss Thursday, 06 August 2020 02:00 PM
මොන සොබා සිරියක්ද? පේන්නේ නැද්ද වැස්ස වළාහක දෙවියන් කෝප වෙලා..., මහ වැසි වස්සවා, ගස් කොළන් සොලවා, උදුරා දෙදරා, ගස් කොළන් බිමට පතිත වී මිනිසුන්ගේ ගෙවල් දොරවල් කුඩු පට්ටම් වී තිබෙන හැටි... පාරවලුත් අවහිර වෙලාලු... ඇයි මෙහෙම අසරණ මිනිසුන්ව පෙලන්නේ? සොබාදහමත් හැමදාම කරදර කරන්නේ දුප්පතාටමයි. ඒකෙත් හැටි නේද?
සමිත සේනක අලුත්ගමගේ.Friday, 07 August 2020 03:56 AM
ලංකාවේද ඉන්නේ..? මොන වැස්ස වලාහක දෙවියෙක්ද? මේක සොබා දහම අව්ව, වැස්ස, සුළං මේවා අපට පාලනය කරන්න බැහැ. ටිකක් පුළුල්ව සිතන්න. විටෙක අපව සනසන සොබාදහම විටෙක අප හඬවනවා. මේක ලෝක ස්වාභාවය... වෙනස් නොවන ස්ථිර දෙයක් ලොව නැහැ. සැමදේම කිසියම් වෙනස්වීමකට භාජනය වී අවසානයේ විනාශයට පාත්‍ර වෙනවා. මේක තමයි සනාථන දහම... පීඩාවට පත් ජනතාව ගැන කණගාටුයි. ඒත්, මොනවා කරන්නද? නින්දා ප්‍රශංසා සැප දුක් ආදී අටලෝ දහම අප කාටත් පොදුයි. මා කවි ලිව්වේ දිය ඇල්ලේ සේයාරුවට මිසක් අනතුරු සිදුවූ එකකට නොවෙයි. ඔබ ඒ සඳහා වෙනත් දෙයක අදහසක් දී ඇත. කරුණාකර සේයාරුවට අදාළ දේ ලියන්න. ඔබ ලියාඇත්තේ වෙනත් සේයාරුවකට අදාළ සටහනකි. අවශ්‍යදේ අවශ්‍ය වෙලාවට යොදාගන්න. පටලවා නොගන්න. ස්තූතියි.