IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොබ්බෑකඩුව 28 වැනි ගුණසැමරුම


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 28 වැනි ගුණසැමරුම් උළෙල, මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේදී අනුරාධපුර ශික්ෂණ රෝහල් වට රවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුව අභියසදී ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විණි.

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා 1992 වසරේ අගෝස්තු 08 වැනි දින යාපනය අරාලි තුඩුවේදි එල්ටිටිඊ ත්‍රස්වාදීන් අටවන ලද පීඩන බෝම්බයකට  හසුවී දැයෙන් සමුගෙන අදට (08) වසර 28 ක් ගතවී ඇත.

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා දැයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් බිමේ සිදුකළ සේවාවන් උදෙසා ඒ මහතාගේ පිළිරුව ඉදිරිපිටදී මෙසේ ගුණසැමරුම් උත්සවය සංවිධානයකර තිබුණි.

මෙම අවස්ථාවට යුද හමුදාවේ උසස් නිලධාරිහු රැසක් එක්ව සිටියහ.



අදහස් (5)

කොබ්බෑකඩුව 28 වැනි ගුණසැමරුම

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 08 August 2020 04:22 PM

මේ රට මහ පුදුම රටක්. බොරුව සමාජගත වුනොත් මේ රටේ මිනිසුන් කිසිදු වග විභාගයක් නොමැතිව එය පිළිගන්නවා. ඒක තමයි තිත්ත ඇත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය ත්‍රස්තවාදීන් කළ දෙයක් නොවෙයි. විදේශයකින් ගෙන්වන ලද යුධ විශේෂඥයෙකු ඒ බව යුද පර්යේෂණයකින් ප්‍රායෝගිකව ඉතා පැහැදිලිව ඔප්පු කොට පෙන්නුවා. ඒ දිනවල එම වීඩියෝ රූපවාහිනිය ඔස්සේ මාද නැරඹුවා. තවත් මෙය දැකපු අය ඇති. පොළොවේ සවි කරපු පීඩන බෝම්බයක් නම් එය එසේ නොවන බව එම යුද විශේෂඥයන් පොළොවේ සවි කරන ලද බෝම්බයකින් පෙන්වා දුන්නා. ඉන්පසු ඇතුළත සවි කරන ලද බෝම්බයක් තබා ඩිපෙන්ඩරයෙ උඩ තිබුන ස්පෙයා වීල් එක ගැලවී උඩ විසි වෙන වැටි වැටි හැටි ඔහු මනාව පෙන්වා දුන්නා. ඒත් මේ රටේ මිනිසුන් මේ රටේ දේශපාලනඥයෙකු කළ ඒ වරද, ඒ ඝාතනය ත්‍රස්තවාදීන් පිටින් ඔවුන්ගේ ගිණුමට බැර කලා. කොහොමද බොරුව සමාජගත වූ අපූරුව ... කියලා වැඩක් නෑ....

:       0       115

Kumar (Gulf) Saturday, 08 August 2020 05:41 PM

උත්තමාචාරය...

:       0       1

Janka Sunday, 09 August 2020 01:56 AM

මෙතුමාව ඝාතනය කලේ කවුද කියලා දන්නෝ දන්නවා.

:       0       0

SL Sunday, 09 August 2020 05:14 AM

තවම මතකයි... සාලිය අහංගම, විජය විමලරත්න, මොහාන් ජයමහ, ලංකාතිලක, විජේපුර වැනි විරුවන්ගේ මරණ... ඒ අයට නිවන් සුව අත්වේවා..!

:       0       0

sharm warn Monday, 10 August 2020 08:37 AM

අපට හිටිය ඉතාම නිහතමානී සෙන්පතියෙක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28680 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site