IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ක්‍රිකට් කළමනාකරු බිම වාඩිවෙයි

(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
 
ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ සුදානම පිලිබදව සොයාබැලීම සදහා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත්, ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාත් පැමිණ සිටි අතර ඔවුන් දෙන්නා අමුත්තන්ගේ නැරඹුම් කාමරයේ තවත් පිරිසක් සමග වාඩිවී සිටියදී ක්‍රිකට් කලමණාකරු අසංක ගුරුසිංහ මහතා පැමිණියේය.

ඉහලින් වාඩිවී සිටි කීපදෙනකු ගුරුසිංහ මහතාට ඇමති අසල පුටුවෙන් වාඩිවන ලෙස දැන්වුවද ඔහු එකවරම ඇමති හා සභාපති ඉදිරිපිට බිම වාඩිවිය. මාධ්‍යවේදීන් එකවරම ඡායාරුප ගන්නවාත් සමග ඇමති දයාසිරි කිවේ "නැගිටින්න...නැගිටින්න, බිම වාඩිවෙන්න එපා. ඕකත් හෙට මීඩියා වැටෙයි ." ලෙසයි. නමුත් සභාපතිවරයාද ඔහුට නැගිටින ලෙස කීවද නැගිට්ටේ නැති නිසා මඳ වෙලාවක් සිටි ඇමති හා සභාපති පුටුවලින් නැගිට පිටව යන්නට විය. එ්ත් සමග ගුරුසිංහ මහතාද ජනේලයේ ආධාරයෙන් නැගිට ඒ සමගම පිටතට ගියේය .



අදහස් (11)

ක්‍රිකට් කළමනාකරු බිම වාඩිවෙයි

Rohitha Saturday, 19 August 2017 04:00 PM

හොඳයි ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියන විනාශය ගැන කතා කරන්නේ නැතිව මේ "බිම වාඩිවෙන" එක දැන් කතාකරමු. මොකද මේක තමයි දැන් තියන ලොකුම ප්‍රශ්නය.

:       0       61

ධම්ම Saturday, 19 August 2017 04:27 PM

ප්‍රවෘත්ති මැවීමත් මෙයාලාගේ රැකියාවේම කොටසක් වෙන්නැති...

:       2       15

chathura Saturday, 19 August 2017 10:11 PM

ගුරා අවුරුදු ගානක් ඕස්ට්‍රේලියා හිටියේ , මෙහෙ බිම ඉන්දගන්නවා කියන්නනේ සාමාන්‍ය දෙයක් , ලොල්

:       0       30

raveendra Sunday, 20 August 2017 01:45 AM

රෝහිත මයවෙත , ඔබගේ අදහස නිවැරදිය. දැනට ශ්‍රී ලාංකිකයන් හැටියට තිබෙන ලොකුම සහ එකම එක ප්‍රශ්නය තමා මෙය.ප්‍රශ්න කිසිදෙයක් නැති අපට මෙහෙමවත් ප්‍රශ්නයක් " නිකන් ඉන්න අපිට අහල ගියත් මැදෑ " කිව්වා වැනිය.

:       1       1

Kamal Sunday, 20 August 2017 02:02 AM

අලුත් මර්වින් කෙනෙක්

:       72       136

asanga Sunday, 20 August 2017 05:08 AM

රටේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයලා බැලුවොත් හොඳයි ඉක්මණටම...

:       0       0

kap Sunday, 20 August 2017 05:52 AM

ගුරුසිංහ කියන්නේ ඉස්කෝලෙ කාලෙ ඉඳන් තිලංගගේ ඉතා හොඳ යාලුවෙක්. ඒ නිසා මැනේජර් වෙන්න උදව් වෙන්න ඇති. ඒත් ගුරා කියන්නේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ඉතා විනෝදාත්මක චරිතයක්. එයා ඉතා වැදගත් පවුලකින් ආව කෙනෙක්. ඒත් පොළවෙ පය ගහලා ඉන්න, කාවවත්, කවුරුත් කියන දේවල් සත පහකට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. පපුව හොඳ කෙනෙක්. මේ වගේ දේවල් ගැන අපේ මිනිස්සු හිතන්නෙ හරිම පටු විදිහට. හැම දෙයක්ම පේන්නෙ ඇදේට. ඒකයි ලංකාවේ ඉන්න මිනිස්සු හරිම දූපත් මානසිකත්වයෙන් ඉන්න පටු අදහස් තියෙන උද්දච්ච, ළිං මැඩියො වෙලා ඉන්නේ.

:       2       1

kumar (galf) Sunday, 20 August 2017 06:29 AM

ගුරුසිංහ බිම වාඩිවෙලා තියෙන්නේ අමුතු ගෞරවයක් දෙන්න නොවෙයි. නිදහසේ කතාකරන්න.

:       0       52

lal weerasinghe Sunday, 20 August 2017 07:47 AM

අනේ ඇත්තමයි... මේ සිංහල මිනිසුන්ට තියෙන්නේ පුදුම පිස්සුවක්නේ... දයාසිරි නම් උදේ ඉඳන් රෑ වෙනකම් කියන්නේ... බිම් මට්ටමෙන් පටන් ගමු කියලයි. අපි දයාසිරිව දන්නේ මේ ඊයේ පෙරේදා.. නමුත් අපි අසංක ගුරුසිංහව දන්නේ පාසල් යන කාලේ ඉඳන්, අපිට ඇත්ත වශයෙන්ම මේ දේශපාලකයන්ට වඩා, ලෝක කුසලානය දිනපු අසංකලව රටක් වටිනවා. අද අසංක වගේ මිනිස්සු ඉන්න ඕනෑ ලංකාවේ... එ්ත් මේ අය ලොක්කෝ වගේ ඉන්නේ අසංකලා වගේ අහිංසක මිනිස්සු නිසයි. රට ණයබරිතයි. දයාසිරි කියන්නේ දුප්පත් ගමක, දුප්පත් ඉස්කෝලෙකට ගිය දුප්පත් කොල්ලෙක... ඒත් අසංක එහෙම නේ.. රටක් වටිනා මිනිහෙක්... බිම ඉඳගන්න පුළුවන් අදටත්... සිංහලුනේ නිහතමානී වෙන්න. එක තමයි අපේ දියුණුව වෙන්නේ... සුද්දගේ ටයි එක ගැන කළු සුද්දෝ වෙන එක නෙමෙයි. නිහතමානීකම තමයි වඩා වැදගත්...

:       0       45

Chanak Los angeles Monday, 21 August 2017 12:03 AM

ක්‍රිකට් අපේ රටට ඕනෙද ? මම එහෙම අහන්නේ එමගින් පෝෂණය වන්නේ එක්තරා පිරිසක් මිස රටට වෙන සෙතක් නොමැති බැවිණි ...

:       0       1

M.MH Saturday, 26 August 2017 01:08 PM

ක්‍රිකට් වලට වෙලා තිබෙන තත්වය හරිම කනගාටුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site