(ජුඩ් සමන්ත)
මුහුද රළු වීම හේතුවෙන් තම ගම්මානය දිනෙන් දින මුහුදට බිළි වෙමින් පවතින බව ආරච්චිකට්ටුව - කරුකුපනේ ගම්මානයේ ධීවරයෝ පවසති.
හැමිල්ටන් ඇළට සහ මහ මුහුදට වටවී ඇති කරුකුපනේ ගම්මානයේ පදිංචි සියල්ලෝ ධීවර කර්මාන්තයෙන් ජිවත් වෙති.
කරුකුපනේ ගම්මානයේ ස්ථාන කීපයක් මුහුදු ඛාදනයට ගොදුරු වන්නට පටන් ගෙන තිබේ. ඊට පිළියමක් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැවැන්ත කළු ගල් වැටි කීපයක් වෙරළ තීරය තුළ යොදා ඇත.
නමුත් මෙවර මුහුද ඛාදනය වීම සිදුවී ඇත්තේ එම කළු ගල් වැටි යෙදා ඇති ස්ථාන වලින්ම වීම විශේෂත්වයකි.
දැනට කළු ගල් වැටි යොදා ඇති ස්ථාන වලින් මුහුද ඇතුළට ඉදිරියට ගල් වැටි යෙදීමක් සිදු නොකළහොත් වැඩි දිනක් යාමට පෙර තම ගම්මානයේ විශාල ප්‍රමාණයක් මුහුදට ගසා ගෙන යා හැකි බව ඔවුහු පවසති.
මෙම ස්ථාන වලින් අඩි 10 – 15 ක් පමණ ප්‍රමාණයක් මේ වන විට මුහුදට සේදී ගොස් තිබේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවත්, පිළියම් යෙදීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරයෙක් පැවසීය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කරුකුපනේ ගම්මානය මුහුදට බිළිවීමේ අවදානමක්