IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘කොරෝනා‘ තුරන් කරන්නට කිරිඅම්මාවරුන්ගේ දානයක්

(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)                                        

ලොවපුරා පැතිරීගිය කොරෝනා වසන්ගතය මෙරටින් තුරන්කර දෙන ලෙස නවගමුව දේවාලයේ පත්තිනි මෑණියන්ට මාකඳුර ප්‍රදේශවාසීන් විසින් වූ බාරයක් ඔප්පුකරමින් කිරි අම්මාවරු 100 දෙනෙකු උදෙසා පවත්වන ලද දානමය පිංකම අද (29) අඵයම කජුවත්ත ක්‍රීඩාංගණයේදී සිදුකරනු ලැබීය.                               

මෙයට සමගාමීව මාකඳුර ශ්‍රී සරණන්කරාරාම විහාරවාසී මඩුගල්ලේ මහානාහිමියෝ ඊයේ  (28) රාත්‍රී ධර්ම දේශනා පිංකමක්ද පැවැත්වූහ.
                                                                   
ලිවේනී මහනාම මහත්මියගේ මැදිහත්වීම මත මාකඳුර ග්‍රාමසේවා වසම් දෙකෙහි ජනතාවගේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වය ඇතිව සංවිධානය කළ මෙම කිරි අම්මාවරුන්ගේ දානය පොඩිමැණිකේ සහ විමලාවතී කිරි අම්මාවරුන් දෙපළ විසින් මෙහෙයවනු ලැබීය.
                                                          
මෙම අවස්ථාවට නැදලගමුව රාහුල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. සමරරත්න මහතාද, ඉහළ මාකඳුර වසමේ ග්‍රාමනිලධාරි නිශා ලක්ෂිකා මහත්මිය ඇතුඵ ප්‍රදේශවාසිහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.



අදහස් (6)

‘කොරෝනා‘ තුරන් කරන්නට කිරිඅම්මාවරුන්ගේ දානයක්

සෙනරත් Saturday, 29 August 2020 07:57 AM

මෙහෙම දේවල් බුදුදහමේ නැහැ. මෙය සම්පූර්ණ ව්‍යාපාරයකි...

:       1       29

බද්රානි Saturday, 29 August 2020 07:59 AM

මම අහන්නේ, බුදුහාමුදුරුවොත් ලෙඩට දුකට බෙහෙත් ගත්තේ පත්තිනි මෑණියන්ට පින්කම් කරලද? දේවාල ගානේ වැඩම කළ බුදුවරයෙක් ගැන මම නම් අහලා නැහැ. සිංහල බෞද්ධයින් කියලා කියා ගත්තට, මේ නම් තනිකරම ජෛන ආගමිකයෝ, නිගන්ඨයෝ රට පුරාම වැහි වැහැලා. බුදුහාමුදුරුවෝ එදා දේශනා කලෙත් මේ ජෛනයින්ගේ පුහු සම්ප්‍රදායන්ට එරෙහිවයි. ඇත්තටම අපේ රටේ අඥාන මිනිස්සු ඒ අය කරන්නේ කුමක්ද කියලාවත් හැඟීමක් නැතිවයි වැඩ කරන්නේ. තමන් අනුගමනය කරන දර්ශනයට හෝ අදහන ධර්මයට තනිකරම පටහැනි ක්‍රියාවන් තමයි කරන්නේ... මෙහෙම සමාජයකට ඉතින් පැවැත්මක් තියෙයිද?

:       13       37

kamal Saturday, 29 August 2020 08:24 AM

මුඛවාඩම් වානා.. කොරෝනා ඕනා..

:       26       16

ලෙස්ලි Saturday, 29 August 2020 11:11 AM

අපේ දේ අපේකම දේශීය දෙව්වරු... අපේ දේශීය දෙව්වරුට රටේ මුල්නැන දෙනතුරු රටේ දියුණුවක් නැත..

:       3       0

බෙනට් සෙම්බකුට්ටි Saturday, 29 August 2020 12:25 PM

සාධු සාධු සාධු..!!!

:       0       0

Champa Saturday, 29 August 2020 03:19 PM

අතීතයේ පැවති විවිධ විශ්වාස, ඇදහිලි සහ භාවිතයන් අපේ සිංහලයන් අදටත් ආරක්ෂා කරගෙන එන එක ඉහළින්ම අගය කරනවා. බුදුදහම හා සම්බන්ධ එකම දේවතාවිය පත්තිනි... පත්තිනි කියන්නේ දකුණු ඉන්දියානු නමක් නෙමෙයි. සිංහල නමක්. තේරුම පතිනිය, කාන්තාව, මව කියන එක. ඉන්දියානුවන් අදහන්නේ කන්නගි අම්මාන් මිසක් පත්තිනි නෙමෙයි. මේ විශ්වාස දෙක එකක් නෙමෙයි දෙකක්. ඒ හා සම්බන්ධ පුදපූජා වල වෙනස බලපුවාම ඒ බව පැහැදිලිවම පේනවා. බෞද්ධයන් සහ සහල් අතර විශේෂ සම්බන්ධයක් තියෙනවා. ඒකයි බෞද්ධයින් තමන්ගේ මුල්ම අස්වැන්න "අලුත් සහල් මංගල්‍යය" කියලා උත්සවාකාරයෙන් පවත්වන්නේ... මේ උත්සව ජාතියක අනන්‍යතාවය රකින සංස්කෘතික ලක්ෂණ... පත්තිනි සංකේතවත් කරන්නේ සිංහල බෞද්ධ මාතාව. කිරිදානය කියන්නේ ඒකයි. අපේ සිංහල මහාසෙන් දෙවියන්, මුරුගන් දෙවියන් වුණා වගේ, පහුකාලෙක පත්තිනි මෑණියන්ට වෙනත් පූජාක්‍රම එකතු වුණත්, කිරි අම්මා දානයේ හරය කවදාවත් වෙනස් වුනේ නැහැ. අතීත ලංකාවේ කාන්තාවට ඉහළ ස්ථානයක් තිබුණා. මුල්ම ස්ථූප සහ ලෙන් විහාරවල දොරටු වල ආරක්ෂකයන් විදිහට, දේව ස්වරූපයෙන් අඹලා තියෙන්නේ යක්ඛ සහ යක්ඛණී රූප... කාන්තාව සැලකුවේත් බුදුදහමේ ආරක්ෂකයෙක් විදිහට...

:       1       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28683 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site