IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොරෝනා මැද උපන් සිවු නිවුන්නු පළමු වසර සමරති

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා වසංගතය මධ්‍යයේ ඉකුත් වසරේ මීරිගම තරුණ යුවළකට  දාව කොළඹ ද සොයිසා රෝහලේදී මෙලොව එළිය දුටු සිවු නිවුන් දරුවෝ ඉකුත් දා සිය ජීවන ගමනේ පළමුවන ජන්ම දිනය සැමරූහ. 

මීරිගම ලින්දර ආර්.එම්.පී. තිළිණි සුබසිංහ (28)   හා මීරිගම කැප්පිටිවලානේ තරිදු කසුන් ලක්රුවන් (29) යන දෙමාපිය යුවලට දාව උපන් යෙතුල මෙත්මුතු, මෙතුල ලක්මුතු, යෙනුල්යා දම්සුවි, තෙනුල්යා දම්සකි යන පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනා පසුගිය 22 වැනිදා සිය පළමු ජන්ම දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ කැප්පිටිවලාන නිවසේදී සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.  

මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර පිරිත් නූල් බැඳ එම සිවු නිවුන් දරුවන්ට ආශීර්වාද කළහ.

දරුවන්ගේ මව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන අතර පියා පෞද්ගලික ආයතනයක තාවකාලික රැකියාවක නිරතව සිටි. 

ඔවුන් විවාහ වී දෙවසරකින් මෙම දරු සුරතල් බලන වරම් ලැබීය. 

ඉකුත් වසරේ  ජූලි මස 22 වැනි දා  කොළඹ ද සොයිසා රෝහලේ දී තිළිණි පුතුන් දෙදෙනෙකු  හා දියණියන් දෙදෙනෙකු මෙලොවට බිහි කළේ  පුරා මාසයක් තිස්සේ රෝහල්  ගතව සිටීමෙන් අනතුරු වය.  

 

දරුවන් ලැබීමෙන් පසුව ද වෛද්‍ය උපදෙස් මත දරුවන්ගේ මූලික ප්‍රතිකාර සඳහා තවත් මාසයක් ඇයට රෝහලේ ගත කරන්නට සිදුවිය.

 මේ වන විට දරුවන් සිවු දෙනකු බලා ගැනීමේ භාරදූර කටයුත්තකට ද ඇය සහ සැමියා මුහුණ දී සිටී. කුමන  දුක් කරදර ඇතත්  දරුවන් අඩුපාඩුවකින් තොරව ලොකු මහත් කිරීමට තමා සහ සැමියා දෙමවුපියන්ගේ සහය ඇතිව කැපවී සිටින බව ඇය කීවාය.  

 තමන්ගේ සැමියාට රජයේ ස්ථිර රැකියාවක අවස්ථාවක් ලැබෙන්නේ නම් ඒ තම දරුවන් වෙනුවෙන් කරනා මහඟු උපකාරයක් වනු ඇති බව  ඇය සඳහන් කරයි.



අදහස් (12)

කොරෝනා මැද උපන් සිවු නිවුන්නු පළමු වසර සමරති

Lalith Friday, 23 July 2021 04:08 PM

මේ දෙමව්පියන්ට හෝ වාර්තාකාර මහතාට සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් ඇතිනම් කරුණාකර ලබාදෙන්න...

:       0       65

Raveendra Friday, 23 July 2021 05:12 PM

රත්තරං දූ පුතුන්ගේ මුල් ඡායාරූපය දැකීමෙන් සිතට ඇතිවූයේ පුදුම සැහැල්ලුවකි. දෙමාපියන් ඇතුළු දරුපැටවුන්ට කරදරවලින් තොරව හොඳින් ජීවත්වීමට හැකිවේවා...!!!

:       0       156

සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 July 2021 06:17 PM

" පිණැති සිව් නිවුන් දරුවන් දකින විට.. නෙත සිත පිබිද සතුටකි දැනුනේ මට.. සුරතල් මුහුණ කට නිරතුරු දකින විට .. කිරි ඉතිරේවි නිරතුරු අප ලක්බිමට.. "

:       0       208

පූජා. Friday, 23 July 2021 07:02 PM

නෙත සිත පිබිදී, ඔබට දැනුන සතුට අපි "සියලු" දෙනාමත් ඔයත් එක්ක බෙදා හදා ගන්නවා හොඳේ. මේ වාගේ ආයිත් ලස්සන කවි ලියන්න සමිත.. විජිත් සහ මා ඔයාගේ හොඳ රසිකයන්...

:       0       99

සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 July 2021 07:33 PM

ස්තූතියි පූජා ඔයාට... ඔයත්, විජිත් හා මාගේ රසිකයන් මා අගය කරන විටදී තවත් නිර්මාණ බිහිවීමට සිත උනන්දු වේවි...

:       0       102

Raveendra Friday, 23 July 2021 08:10 PM

සුන්දර පැටව් දුටුවිට මගේ හද තුළට... දැනුණා සතුට අමතක වී සියලු වැඩ... දරු සම්පත විතරයි මෙලොව ඇති... වටිනාම වස්තුව මිනිසුන් වන අප සැමට...

:       0       67

නදී Friday, 23 July 2021 08:14 PM

තෙරුවන් සරණයි පුංචි මල් කැකුලු වලට...

:       0       48

විජිත් Friday, 23 July 2021 10:02 PM

ඔව් ඇත්තමයි පූජා.., සමිත පෙර ආත්මයක සිට අරගෙන ආව දක්ෂකමක් මේ කවිකම... මේ චූටි පුතාලා දෙන්නටත්, චූටි දුවලා දෙන්නටත් ජීවිතයේ සතුට, සැනසුම මෙන්ම නිරෝගී බවත් සැමදාම ලැබී, හොඳින් ඉගෙනගෙන, මේ ලෝකය ගැන හොඳින් අවබෝධ කරගෙන, අනාගතයේ දවසක රටට වැඩදායක යහපත් පුරවැසියන් වේවා කියලා හද පිරි සතුටින් ප්‍රාර්ථනා කරනවා. කරුණාරත්න අබේසේකර මහත්මයා ලියපු, සුජාතා අත්තනායක මහත්මිය ගැයූ ලස්සන ගීතයක පද පෙළක් මට මතක් වුණා. "...හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී.."...

:       0       109

සමිත සේනක අලුත්ගමගේ.Friday, 23 July 2021 11:50 PM

ස්තුතියි විජිත්, ඔයාගෙයි, පූජාගෙයි අගය කිරීම්වලට...!!!

:       0       40

gunarathnaSaturday, 24 July 2021 08:38 AM

විජිත් ප්‍රාර්ථනාව නම් හරිම වැදගත්... නමුත් දැන් අපේ රටේ වැඩදායක යහපත් පුරවැසියන් වැඩිවෙලා ඉන්නේ. අනේ පොඩි දරුවනේ, මම නම් බලාපොරොත්තු වෙන්නේ මේ රට කණපිට හරවන්න පුළුවන් රෙඩිකල් දරුවන් ටිකක්...

:       0       34

Palitha Friday, 23 July 2021 10:45 PM

තෙරුවන් සරණයි...!!!

:       0       65

PA - RA Friday, 13 August 2021 02:20 PM

එම දරුවන් යහමගට යොමු කිරීමට දෙමාපියන්ට හොඳ ශක්තියක් තිබිය යුතුයි, ලස්සන දරුවන් සිවු දෙනෙක් රැකගැනීමට එම පියාට රජයේ රැකියාවක් ලබා ගැනීමට මේ දේශයේ බලධාරීන්ගේ අවධානය යොමුවේවා... ඔන්න කරනවා නම් පිං වැඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6189 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7640 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18279 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1256 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9438 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 593 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site