IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කිරිපිඬු දානයට සහල් ගන්න අතින්ම වී පිරිසිදු කරති

රංජිත් රාජපක්ෂ  
 
අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියස පැවැත්වීමට නියමිත පංච මහා අධිෂ්ඨාන පූජාවේ කිරිපිඬු දානය සඳහා අතින් වී පිරිසිදු කර සහල් බවට පත් කිරිමේ පිං කමක්  හැටන් ශ්‍රි විජයමංගලාරාම විහාරස්ථනයේදී අද (13) පැවැත්විණි.
 
එම විහාරස්ථනයේ විහාරවාසී පන්නගමුවේ දයාවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති  මෙම පිංකම  කළණ මිතුරු හවුල් සංවිධානය  සහ හැටන් රුවන්පුර තරුණ බෞද්ධ එකමුතු  විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
 
රුවන්පුර ශ්‍රී විජයමංගලාරාමය වෙත  වී ග්‍රෑම්  250 ක් ලබා දි තිබූ අතර, එම වී  රුවන්පුර ප්‍රදේශවාසින් හා පාසල් සිසුන් දින දෙකක් පෙහෙවී මුඛ වාඩම් බැඳ සුදුවතින් සැරසි ඉතා සියුම් ලෙස බුලත් කොලයක් මත තබා  වී ඇටයෙන් ඇටයට අතින් සුද්ද කර   සහල් බවට පත් කර ගැනිණි.
 
 පංච මහා අධිෂ්ඨාන පුජාව මේ මස 17,18,19 යන තෙදින පුරා රුවන්වැලි මහා සෑය අභියස පැවැත් වීමට   සැලසුම් කර ඇත.



අදහස් (14)

කිරිපිඬු දානයට සහල් ගන්න අතින්ම වී පිරිසිදු කරති

asela Sunday, 13 May 2018 02:53 PM

මහා ශ්‍රද්ඩාවට මහා ආනිසංස...

:       125       1013

sirimal Sunday, 13 May 2018 02:58 PM

මුකවාඩම් බැන්දට මදි අතපය එහෙමත් හොඳින් පිරිසිදු කර ගත යුතුයි.

:       37       27

Raveendra Sunday, 13 May 2018 03:26 PM

බොහොම හොඳ දානමය කටයුත්තක්. සහභාගි වූ සියල්ලන්ටම තම තමන්ගේ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉෂ්ඨවේවා !!!

:       182       647

amitha Monday, 14 May 2018 01:09 AM

මෝලක කොටපු හාල් සහ මෙලෙස සහල් වලින් පිසින කිරිබත් වල තියන වෙනස කුමක්ද ? බුදුන් කාලේවත් සිදු නොවුන දේවල් . රුවන්වැලි මහා සෑය ඇතුලත වැඩ සිටින බුදුන් වහන්සේගේ ධාතුන්, තුන් සිත පහදවාගෙන වන්දනාමාන කිරීම තරම් උතුම් දෙයක් තවත් නැහැ.

:       78       402

jayasekara Monday, 14 May 2018 04:49 AM

මේවට අන්ලයික් කැන අයත් ඉන්නවා......

:       9       0

ruchi Monday, 14 May 2018 05:51 AM

නියපොතු වලින් සුද්දකරන කොට විෂබීජ එමටයි. ශරීරයෙන් එන දහදිය එකතුවෙනවා. වී මෝලක කොටාගත් සහල් මීට වඩා බොහෝ පිරිසිදුයි. කාගේද මේ මෝඩ අදහස? ලංකාව දියුණු වෙන්නේ නැති හේතුව තමයි අලුත් විදිහට හිතන්නේ නැතිකම. දුකයි දෙයියනේ සිංහලයින් ගැන.

:       38       516

sam Monday, 14 May 2018 07:50 AM

බුදු දහමට කළහැකි උතුම්ම පූජාව ඒ දහම අනුව ජීවත් වීමයි. එහෙම නැතුව ප්‍රසිද්ධියක් ලබාගැනීම සඳහා අතින් වී සුද්ද කළාටවත්, (මේ සමගම තියන අනිත් පින්තූරය) බඩදරු අම්මලා තරාදියේ පැටෙව්වාටවත් විශේෂ පිනක් ලැබෙනවාද?

:       6       321

godfrey Monday, 14 May 2018 11:17 AM

අහෝ බුදු හාමුදුරුවන්නේ, අහෝ දෙවියනේ ! ධර්මය කුමක්ද කියා නොදැන, ධර්මය වෙනුවෙම්ම කියා මෙහෙමත් කාලය කන රටක්... ධර්මය කුමක්ද කියා නොදන්නා අප රටට කමාකළ මැනවි...

:       7       185

ප්‍රසාද් Monday, 14 May 2018 01:29 PM

මෝලක කොටනවිට දහඩිය සහ නියපොතුවල ඇති විෂබීජ එකතු වෙන්නේ නැහැ. මේක අලුත්ම දෙයක් වගෙයි. ශ්‍රද්ධාව සමග බුද්ධියද යොදාගෙන තීරණ ගත යුතුයි. දාගැබ් වටේට පලතුරු ගොඩ ගැසීමත් අලුත්ම පින්කම් ජාතියක්. ඉස්සර නම් පලතුරු පූජා දැක්කේ කෝවිල් වල විතරයි. මෙවැනි පින්කම් කරන්නට පෙර මහනායක හිමිවරුන්ගෙන් උපදෙස් ගත්තොත් සාසනේ රැකෙයි. මගේ අදහස නම් ධර්මය පිළිපැදීමයි වඩාත් වැදගත්...

:       6       95

ලකිත් ශ්‍යාමන් Monday, 14 May 2018 01:50 PM

මේ වගේ උතුම් දේකටත් වැරැදි කමෙන්ට්ස් දාන භෞතිකවාදීන් යැයි කියා ගන්නා ටිකක් ඉන්නවානේ.

:       770       540

නුමාTuesday, 15 May 2018 09:48 AM

උතුම් උතුම් කියාගෙන සැබැවින්ම කරන්නේ නම් බුද්ධ දර්ශනයටට නිගාවක්. එක් අතකින් බුදුහාමුදුරුවොම කියල තියෙනවනේ, තම දර්ශණය නැණ පමණින් වටහාගන්නේ කියල. මේ වගේ හරක්ට තේරෙන ප්‍රමාණය තමයි.

:       0       74

amitha Tuesday, 15 May 2018 06:08 AM

වැරදි, විහිළු දේවල් වලට ඊට අනුකුල කොමෙන්ට්ස් දාන එක භෞතික වාදයක් නොවේ. බුදුන් දවස සුජතා සිටු දුව සිදුකල කිරිපිඩු දානය, නියපොතු වලින් වී සුද්ධ කරලා දුන්න බවක් නම් කිසිම සදහනක් නැහැ. ආදිම කාලවල, එ සදහා ගෙබිම සකස් කර ගෙන තිබු බව අහල තියනවා. ඊට පස්සේ වංගෙඩියේ, ඊටත් පස්සේ මෝලට ගෙනියන්න පටන් ගත්තා. මිනිසුන් දාහස් ගණනෙන් මහා මාවත් වල බඩගින්නේ. වගකිව යුත්තන්ගේ ඇස් පෑදේවා.

:       0       48

KANDEPOLA Tuesday, 15 May 2018 08:07 AM

අපේ රටේ මිනිස්සුන්ට ඉතින් වෙන වැඩ නැති හින්දා හොඳයි. නැත්නම් මෙච්චර තාක්ෂණය තියෙන ලෝකේ අතින් වී සුද්ධ කරයිද..?

:       0       139

රජින්ද Tuesday, 15 May 2018 12:17 PM

මේකේ දක්වලා තියෙන අදහස් වලින්ම පේනවා ආමිස පුජාවන් සහ ප්‍රතිපත්ති පුජාවන් නොවැටහීම. පටිච්ච සමුප්පාදයෙන් රාග ද්වේශ වල නොඇලී යන මග වටහා ගත් අය ඔවුන්ද නොදැනුවත්වම ප්‍රතිපත්ති පුජාව කරනවා. එහෙම අය ඇසුරක් ගහන මොහොතක් පංච උපාදානස්කන්ධයන්ගේ අනිච්ජ බව වැඩීම මහා කුසලකර්මයක් බව කිවයුතුයි. එහෙත් සසරේ ශ්‍රී සද්ධර්මය එලෙසින්ම අවබෝධ කිරීමේ නුවණ නොලැබුණු අයට මෙසේ ආමිස පුජාවන් වැඩි වැඩියෙන් කිරීම ඔවුන්ගේ සසර අකුසලයන්ගේ නිවීමකට හේතු වෙන්න පුළුවන්. අකුසල හිත ක්‍රමයෙන් නිවෙනකොට කුසල හිත නිවැරදි මාර්ගයේ පිහිටුවන්න ලැබේවි. එමෙන්ම තථාගතයාණන් වහන්සේ සියලු පුජාවන්ට සුදුසුයි. මේ සෑම පුජාවක්ම උන්වහන්සේට උපහාරයක්ම වේවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site