(රංජිත් රාජපක්ෂ)
ජනාධිපති ලේකම් කාර්යාලයේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව කාසල්රී ජලාශයට ‘රෝ’ මත්ස්‍යය පැටවුන් 280,000ක් අද(29) මුදාහරින ලදී.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රෝටීන් ඌනතාව අවම කිරීම, මිරිදිය මත්ස්‍යය අස්වැන්න සුලභ කිරීම සහ පරිභෝජනය ඉහළ දැමීම යන අරමුණු ඉටුකරගැනීම සඳහා මෙය ක්‍රියාත්මක කර ඇත.
මෙම ව්‍යපෘතිය සඳහා ජනාධිපති ලෙක්ම් කාර්යාලය මගින් නුවරඑළිය ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලයට මේ වසර තුළ රුපියල් මිලියන 16ත ප්‍රතිපාදන ලබා දී ඇත.
ගත වූ මාස කිහිපය තුළ කාසල්රී සහ මාවුස්සාකැළේ ජලාශවලටත්, වතු ආශ්‍රිත පොකුණුවලටත් ඉස්සන් සහ මිරිදිය මත්ස්‍ය පැටවුන් මුදාහැර තිබූ බවද, එහි මත්ස්‍ය අස්වැන්න මේවනවිට ලබාගෙන ඇති බවද, ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි නුවරඑළිය කාර්යලයේ ව්‍යපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේය.
ජලාශයේ ආරක්ෂිත දැල් කූඩුවලට ඇඹිලිපිටිය මුරුතවෙල රෝ මත්ස්‍යය පැටවුන් අභිජනන මධ්‍යස්ථානයේ මත්ස්‍ය පැටවුන් මෙසේ මුදාහරින ලදී. මත්ස්‍ය පැටවුන් දින 45 ක කාලයක් ජලාශයට හුරු කර වැඩුණු පසු දැල් කූඩුවලින් ඉවත් කර ජලාශයට මුදා හැරීමට නියමිතය. මත්ස්‍යය පැටවුන්ට අවශ්‍යය මත්ස්‍යය ආහාර කාසල්රි ජලාශයේ ධීවරයන් දිනපතා ලබදෙනු ඇත.
කාසල්රි ජලාශයේ ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් 62දෙනෙකුගේ සුබ සාධන කටයුතුද මෙම ව්‍යාපෘතියෙන් වර්ධනය කෙරේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කාසල්රී ජලාශයට මිරිදිය මසුන් ලක්ෂ දෙකක් මුදාහැරේ
sharm warn Monday, 02 December 2019 04:45 AM
මේ මුදා හරින්නේ අපේ ආවේණික මසුන් වර්ගයක් නෙමෙයිද? මෙයින් අපේ ආවේණික මිරිදිය මසුන්ට තර්ජනයක් නොවන්නේද? පරිසර පද්ධතියට හානියක් සිදු නොවේ යයි සහතික කරනවද?