IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට

කොළඹ කොටුව සහ පිටකොටුව පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉදිකරන මංතීරු ජාලය යටතේ කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසල සිට ඕල්කට් මාවත දක්වා වූ පළමු අදියරේ වැඩ නිම කිරිමෙන් පසු ජනතා අයිතියට පැවරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (23) සිදු කෙරිණි.
 
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 17 ක් වැය කරමින් මෙම පළමු අදියරේ ඉදිකිරීම් නිම කර තිබේ.
 
ඇමැති පාඨලී චම්පික රණවක, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මීට එක්වුහ.



අදහස් (40)

කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට

daham Thursday, 23 November 2017 09:13 AM

මේක මේ ශරීර සුවතා සඳහා ඇවිදින මං තීරුවක් නෙමෙයි. අර පාරෙන් මේ පාරට මාරු වෙන්න හදපු අඩි පාරක්. මොකද මේ උදේට ව්‍යායාම කරන්න අදින ඇඳුම් ඇඳගෙන.

:       520       1131

lanka Thursday, 23 November 2017 09:41 AM

චම්පික ඇමතිතුමා දක්ෂයෙක් බව කවුරුත් පිලිගන්නවා.මේ රජය බලයට ආවට පසුව හැම නගරයකම නැවතත් පදික වේදිකා අවහිර කරමින් පදික වෙළදාම පටන් අරන්. මහපාර පවා අවහිර කරමින් කරත්ත තබාගෙන වෙලදාම් කරනවා. කරුණාකර මේවා නවත්වන්න.

:       578       1626

anuraFriday, 24 November 2017 06:49 AM

දක්ෂයෙක් ? කොයි පැත්තෙන්ද?

:       26       0

darshana Thursday, 23 November 2017 09:43 AM

මේක පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉදිකළ මං තීරුවක් මිස ව්‍යායාම ක‍රන්න හදපු තැනක් නොවේ

:       62       156

rohana kumara mendis Thursday, 23 November 2017 10:25 AM

අයියෝ ඔය ජොගින් ඇදුම් නෙමේ දහම්. අනික මොනා ඇඳගෙන හරි වැඩේ වෙනවානම් මොකද නේද? ලංකාවට අවශ්‍යම දෙයක් තමයි පදික වේදිකාවල්. මහා ජනතාවට ගමන් කරන්න. ගාලු පාරේ ඇතත් මීගමු පාරේ නැ. තව මිනුවන්ගොඩ පාර (කුරුණෑගල බස් යන පාර) ඉතා අවදානම්. හොද දෙයක් කවුරු කලත්

:       29       138

Lapaya Thursday, 23 November 2017 11:23 AM

තව ටික දිනකින් ජෝන් මහත්තයා මේකත් ගලවයිද දන්නේ නැහැ පාර පොඩියි කියලා.

:       50       162

rUCHI Thursday, 23 November 2017 11:35 AM

නිකන් මෝඩ ජෝක්! ඉස්සරලම තියෙන පදිකයන්ගේ මන් තීරු ටික පේමෙන්ට් කඩ කාරයන්ගෙන් රැක දෙන්න. පදිකයන්ට ඇවිදින්න වෙලා තියෙන්නේ මහපාරේ.

:       6       1423

kap Thursday, 23 November 2017 12:38 PM

මෙතන ඇදුම ගැන කොමෙන්ට් කරන අය තැන බලල සුදුසු ඇදුම අදින කට්ටිය වගේ. මේ කට්ටිය කියන විදිහට ෆුල් සුට් ගහල, ජාතික ඇදුම ඇදගෙනද එන්න කියන්නෙ? මොන ඇදුම ඇන්දත් මොකද වැඩේ කෙරෙනවනම්. ඇත්තටම මේක විවෘත කරන්න කවුරුත් ඕනෙ නෑ. මේක අයිති අපිටනම්, අපේ සල්ලි නම්, මේක අරින්න ඕනෙ ඕක එදිනෙදා පාවිච්චි කරන්න ඉන්න අය.

:       197       476

dahamThursday, 23 November 2017 02:47 PM

ඔබ ගැන කණගාටුයි. වෙන දෙයක් කියල වැඩක් නැහැ.

:       590       29

BamunuarachchiFriday, 24 November 2017 11:30 PM

හලෝ ඇඳුම ගැන කොහොම උනත් මේ පොටෝ එක පිට රට පුවත් පතක පල උනොත් ඒ මිනිසුන් හිතාවි හිරෙන් පන්න මිනිහෙක්ව මිනිස්සු අල්ලගෙ යනවා කියලා

:       0       2

chathuri Thursday, 23 November 2017 01:47 PM

එක පිටිසර දුප්පත් ජනතාවට ඇලෙන් එගොඩ වෙන්න පාලමක් නැතිව දුක් විදිනවා කොළඹට යට කරපු මුදල් එකතු කරලා බැලුවොත් මහින්දගේ කාලේ සිට අසල්වැසි රටක් මිලට ගන්න තිබුනා.

:       206       78

arschfikaa Thursday, 23 November 2017 02:03 PM

4වෙනි පින්තුරේ පෙනෙන අර කබල්ම කබල් අවුරුදු 200ක් පරණ කෝච්චි පාලම හදන්න හිතුනේ නැද්ද?

:       0       8

PA-RA Thursday, 23 November 2017 02:08 PM

මිලියන 17ක් එච්චර ගියාද?

:       0       24

Ruwan Thursday, 23 November 2017 02:10 PM

වෙන රටවල මේවගේ සුළු දේවල් විවෘත කරන්නේ ඒක හදපු ඉංජිනේරුවෝ.

:       0       121

roshan Thursday, 23 November 2017 03:18 PM

මේක තමයි වෙන්න ඕනේ. ජනාකීර්ණ නගර වල මුල්තැන දෙන්න ඕනෙ පදිකයින්ට හා පාපැදි වලට.

:       0       14

parakkrama Thursday, 23 November 2017 04:40 PM

මහජනතාවට අයිති නිසා ඒ මහජනතාවගේම කොටසක් වන වෙළෙඳුන්ට ඇවිද ඇවිද හෝ සුළුවෙන් හෝ වෙළෙඳාමට ඉඩ දුන්නොත් මේක තවත් සංවිධානයවූ වෙළෙන්දන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්වන එක නම් සිකුරුයි. එහෙම වුනොත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අයිතිවාසිකම් සුරකින්නත් සිදු වේවි. එවිට ඉදිකිරීමේ අරමුණ සඵල වන්නේ නැත. රේල්පාරේ ගමන් කිරීම තහනම් බවට පුවරු තිබුනත් ඒ පාරේම කීදෙනෙක් මැරෙනවාද එහෙයින්, පොරොවෙන් කපන්න සිතනවාට වඩා නියපොත්ත කිට්ටු කරන්නත් කලින් බීජ රෝපනය වීමට ඉඩ නොතබා පවිත්‍රව තබා ගැනීම හොඳයි නේද ? එම නිසා මෙහි පදික හෝ මොනයම්ම හෝ වෙළෙඳාම තහනම් කර, එවැනි තත්ත්වයක් මැඩලීමට ටික කාලයකට හෝ පොලිස්නිලධාරීන් දෙදෙනෙකු යෙදෙව්වොත් හොඳ යයි අදහස් කරමි.

:       0       147

sameera Thursday, 23 November 2017 06:56 PM

ඕක හදන්න ගත්තේ කවදද දන් නැහැ. පරණ අය පටන් ගත්ත එකක් මගේ හිතේ.

:       0       242

janahitha Thursday, 23 November 2017 09:01 PM

ඔය පාරවල් හැදුවට මගේ නම් අමනාපයක් නැහැ, එත් කරුණාකරලා පදික වේදිකාවේ වෙළදාම නවත්වන්න . නැත්නම් වෙන්නේ ඔය හදපු එකෙත් කඩ දායි.

:       0       69

ranjith Thursday, 23 November 2017 11:40 PM

මොනවා කරත් පදික වෙළෙන්දෝ හැම තැනටම රිංගල ජනතාවට විශාල හිරිහැරයක්.

:       0       98

Tissa Abeyratne Thursday, 23 November 2017 11:55 PM

ලැජ්ජා නැති කෝලම් වැඩ. පදික වේදිකාවක් හැදුවා නම් මිනිස්සුන්ට යන්ඩ අරිනවා ඇර "ජනතා අයිතියට පවරනවා" කියමින් ශෝබන සංදර්ශන පවත්වන්නේඇයි ? ඔය හදන හැම දෙයක්ම මහජන මුදලින් හදන ඒවා තමයි. ආය පවරන්ඩ දෙයක් නැහැ.

:       1       174

mohammad Thursday, 23 November 2017 11:57 PM

ලබන සුමානේ අපිට මේ පදික මාර්ගයත් අවහිර කරමින් වෙලන්දම් කල හැකි නේද?

:       1       6

Third Umpair Friday, 24 November 2017 01:14 AM

හොද වැඩක්. ඒත් ප්‍රශ්නය තියෙන්නේ සංවර්දනයේ ප්‍රමාණය ගැන.

:       0       2

yama Friday, 24 November 2017 01:41 AM

ලංකාවේ පාරවල්වල කොළඹ අවට නැතුව පිටටවෙන්න පදිකවෙදිකාවල් ඇත්තෙම නැහැ. සුදු ඉරක් අන්දලා පාර වෙන්කරලා තියෙනවා එච්චරයි. මිනිස්සු යන්න ඕනෙත් පාරේ, වාහන නවත්වන්නෙත් එතන. ට්‍රැෆික් හෝ ගාල. මිනිස්සු හප්පගෙන වැඩිපුර යන්නේ ඔන්න ඔය තැන වල. ඒවාටයි විසඳුම් ඕන.

:       0       39

ධම්ම Friday, 24 November 2017 03:03 AM

අරයා හැදුවේ ලොකු මිනිසුන්ට යන්න හයිවේ. මෙයා පොඩි මිනිසුන්ට යන්න ෆුට්පාත්. වෙනස හොඳ නැද්ද හා...

:       223       6

sam Friday, 24 November 2017 04:48 AM

මිනිස්සුන්ට පයින් යන්න දෙවට පාරක් විවෘත කරන්නෙත් රටේ ජනපති . මම ජීවත් වන නගරයේ සිට මෙල්බර්න් නගරයට යන ප්‍රධාන පාරේ පසුගිය මාස හයක තරම් කාලයක ඩොලර් මිලියන සිය ගානක විශාල ව්‍යාපෘතියක් සිදුකලා . ඒ මුළු කාලයම ඒක මගහැර ගමන් කල මට, දැනට සති කිහිපයකට පෙර සඳුදා වැඩට යනකොට ව්‍යාපෘතිය අවසන් , ඒ කාලය තුල කරදර විඳීමට සිදුවීම ගැන කනගාටුයි , දැන් පාර විවෘතයි කියලා පාරේ විදුලි දැන්වීමක් තිබුනා . ලංකාවේ එහෙම එකක් හැදුවානම් විවෘත කරන්න මාස තුනක් උත්සව පවත්වයි .

:       0       143

BamunuarachchiFriday, 24 November 2017 05:19 AM

සෑම්, අනික් රටවලත් එහෙමයි අලුතෙන් හදපු පාරක ඉස්සෙල්ලම පැමිණෙන තැනැත්තා තමයි එය විවෘත්ත කරන්නේ. කාගේ හෝ වාසනාවකට දැන් ලංකාවේ ප්‍රසිද්ධ වැසිකිළි හදන්නේ නැත.

:       0       35

nanayakkara Friday, 24 November 2017 05:06 AM

මාසයක් යන කොට ඕකත් පේමන්ට් මුදලාලිලයි, පාතාලයයි අල්ලගනියි... මේක ඉල්ලංකාවනේ...

:       0       13

දිලුම් Friday, 24 November 2017 06:13 AM

මෝඩයන්ගේ ප්‍රාථමික වැඩ.......කෝච්චියෙන් බැහැල ගව්වක් දුර පයින් යන්න ඕන බස් එකක් ගන්න.... පයින් යන මිනිහ පරංගියා කෝට්ටේ ගියා වගේ දුර ගෙවාගෙන කකුල් ගෙවෙනකම් ඇවිදින්න ඕන මූලික අවශ්‍යතා ඉටු කර ගන්න.අර ජපානේ වගේ කෝච්චියෙන් බැහැල බස් එකට ගොඩවෙන්න පුළුවන් විදියේ පහසු නගර සැලසුමක් ගැන මෙයාලට හිතෙන්නේ නැද්ද. ඒ රටවල මිනිස්සු දුම්රියෙන් බැහැල එලවළු පලතුරු ටිකත් එතනින්ම අරන් බස්එකට ගොඩවෙන්නේ ගෙදර යන්න. ඒ මිනිසුන්ගේ කාලෙත් ,මහන්සියත් ඉතුරුයි. අපේ වගේ බඩු මලු එල්ලගෙන දාඩිය පෙරාගෙන ගව් ගානක් දුර ගෙවන්න ඕන නෑ ප්‍රවාහන පහසුකමක් හොයා ගන්න.............

:       0       169

GhaweshakaFriday, 24 November 2017 09:34 AM

ලෝකාන්තයට පහළින් බේකර්ස් දියඇල්ල ළඟ ඇති තේ වත්තේ අයට පොල්ගෙඩියක් ගන්න කිලෝමීටර 18ක් පැයකින් එන්න ඕනෑ. ඒ වගේම යටියන්තොට ලිප්ටන් තේ වත්තේ අයටත් එහෙමයි. එහෙම තැන්වල රටට විනිමය උපයන අයත් දුකසේ ඉන්නවා. අපිට මංතීරු හොයනවා.

:       0       4

Bamunuarachchi Friday, 24 November 2017 08:49 AM

අපි දාන්නේ නියම අදහස්... සමහරවිට ඒවා පලවෙන්නේ නැත.

:       3       28

Sathyayaa Friday, 24 November 2017 02:39 PM

බමුණු! සත්‍යය ප්‍රකාශ කිරීමේ වරදට මටද මේ අය ඉඳල හිටලා දඬුවම් කරනවා. අපි තවම ජීවත් වන්නේ අර්ධ වහල් යුගයකයි...

:       1       19

Reks Friday, 24 November 2017 09:57 AM

මෙයානම් මාර පොරක්නේ.... !!!

:       4       1

vijesundara Friday, 24 November 2017 02:17 PM

ජනතා මුදලින් හදලා, ජනතා මුදල් වියදම් කරලා ජනතාවට පවරන අරුම පුදුම රට...

:       0       15

Indika Friday, 24 November 2017 02:28 PM

මේ නිව්ස් එකේ බලන්න ආවේ අළුතින් හදපු මංතීරු වල පින්තූර දාලා ඇති කියලා. ඒත් තියෙන්නේ මිනිසුන්ගේ පින්තූර.. අනේ මෙහෙමත් දේවල්...

:       0       6

NAWA Friday, 24 November 2017 11:45 PM

ලංකාව දියුණු වෙයිද , පදික මංතීරුවක් ඕපන් කරන්න ජනාධිපති, ඇමති, ලේකම් තවත් 20 විතර.

:       0       0

indika Saturday, 25 November 2017 03:56 AM

හොඳ වැඩක්. නගර සභාව පිරිසිදුවට තියාගනීද බලමු. භාරදුර කාර්යය එක තමා...

:       0       0

Sathyayaa Saturday, 25 November 2017 04:43 AM

තවත් "කොළඹට කිරි ගමට කැකිරි " කතාවක් වගේ.

:       0       0

asanga Saturday, 25 November 2017 05:08 AM

ඡන්දෙත් ලඟයි නේද? අඩුගානේ මෙහෙම දෙයක්වත් කළොත් හොඳයි නේද?

:       0       0

sureka Saturday, 25 November 2017 08:29 AM

වෙනරටවල ඕපන් කිරීම් නෑ.. ජනතාවගෙන් බදු ගහලා හදල දෙන එකයි, ජනතාවට පහසුකම් සැලසීමයි රජයක වගකීමක්... ජනතාව එ්කටයි ඡන්දේ දෙන්නේ.

:       0       0

saman Saturday, 25 November 2017 01:40 PM

අම්මේ මුහුණේ තියෙන ඝාම්භීර පාට. පදික මං තීරුවකට මෙහෙම නම් තාර පාරකට කොහොම වෙයිද ඈ?

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26934 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23512 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site