පාකිස්තානයේ 74 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී අද (14) පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ, වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. තන්වීර් අහමඩ් මහතා පාකිස්තාන ධජය ඔසවමින් මෙම උත්සවය ආරම්භ කළේය.
කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ ලේකම් අස්මා කමල් මහත්මිය, මෙම උත්සවයේ දී පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතාගේ නිදහස් පණිවුඩය කියවූවාය.
පසුව මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබුබකර් ෆාහඩ් මහත්මිය පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පණිවුඩය කියවූවාය.
පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, මෙරට ජීවත්වන පාකිස්තාන ප්‍රජාව ඇතුළු අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කොළඹදී පාකිස්තාන නිදහස් දිනය සැමරේ
Kumar (Gulf) Friday, 14 August 2020 08:58 PM
ලංකාවේ සැබෑ මිතුරු පාකිස්තානයට ජයවේවා..!!!
bandaraSaturday, 15 August 2020 11:16 AM
ඔයාලා ලෝකේ කොහේහරි රටක දැකලා තියෙනවද, වෙනත් රටක නිදහස් දිනයක් සමරනවා.? කොහෙන් හොයාගත්තු කට්ටියක්ද කොඩි අතට දීලා මෙතැනට ගෙනැල්ලා තියෙන්නේ...?
ChampaSaturday, 15 August 2020 05:54 PM
බණ්ඩාර - මොනවද මේ කියන්නේ? ඕනෑතරම් දැකලා තියෙනවා. විදේශ රටවල තියෙන ශ්‍රී ලංකා තානපති කාර්යාල අපේ ජාතික දිනය ඒ රටවල මීටත් වඩා ඉහළින් සමරන පින්තූරයක්වත් දැකල නැත්ද ඇත්තටම? ලැජ්ජයි... ඔන්න කඹයක් දැම්ම මැඩියට ලිඳෙන් ගොඩට ඇවිත් පත්තරේකින්වත් ලෝකය දිහා බලන්න.
BinkunndaaSunday, 16 August 2020 10:24 AM
බණ්ඩාර කොළඹ ගිහින් තියෙනවද? නූගත්කම ලෝකෙට පෙන්නන්න එපා..
NaushiSunday, 16 August 2020 02:14 PM
බණ්ඩාර උන්නැහේ දැකලා නැද්ද ලංකාවේ නිදහස් දිනය අනික් මිත්‍ර රටවල සමරන එක...
thusharaMonday, 17 August 2020 02:24 AM
ඔයා පව්, ලෝකෙ හැම රටකම තානාපති කාර්යාල මට්ටමින් සෑම නිදහස් උත්සවයක්ම පවත්වනවා. ලංකාවේ නිදහස් උත්සවයත්, ශ්‍රී ලංකා තානපති කාර්යාල තිබෙන සෑමරටකම පවත්වනවා විතරක් නෙවෙයි, එම රටේ ඉන්න ශ්‍රී ලාංකික හැමෝම පුළුවන් විදියට සහභාගි වෙනවා..
suranMonday, 17 August 2020 03:32 AM
අපි ඩකාවලදී ලංකාවේ නිදහස් දවස සැමරුවා.. බණ්ඩාර මොන ලෝකෙද ඉන්නේ..?
wikiMonday, 17 August 2020 05:26 AM
අපිව ලැජ්ජාවට පත් කරන්න එපා. හැම රටක්ම තම තමන්ගේ තානාපති කාර්යාලවල මේ වගේ නිදහස් උත්සව පවත්වනවා.
BinkunndaaMonday, 17 August 2020 07:52 AM
පාන්දරම මොනවද මේ කරන්නේ?
Champa Saturday, 15 August 2020 01:01 PM
පාකිස්තානයේ 74වැනි නිදහස් සැමරුමට මාගේ උණුසුම් සුබපැතුම්...!!!