ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට අද (7) නාමයෝජනා බාරදීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා බෝධීන් වහන්සේ පැන්වලින් නහවා සිවුරක් ද පූජා කළේය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ රාජපක්‍ෂ මහතාට බුදු පිළිමයක් ද පිරිනැමූහ.
පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් එම අවස්ථාවට වැඩම කර සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්‍ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන,ජයන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.
055
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ගෝඨාභය නාරාහේන්පිට අභයාරාමයට ගොස් ආශිර්වාද ලබාගනී
sirimal Monday, 07 October 2019 05:47 PM
නර්ස් නෝනලාගේ ඡන්ද කීයක් ලැබෙයිද දන්නේ නැහැ? අනිත් අයනම් පටන් ගන්නේ කැලණිය, දළඳා මාලිගාව නැත්නම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වගේ සිද්ධස්ථාන වැඳ පුදාගනිමින් මහනායක ස්වාමින්වහන්සේලාගේ අනුශාසනා සහ ආශිර්වාද ලබාගනිමිනුයි. සමහරවිට මේගොල්ලන්ට අභයාරාමය ඊට වඩා වටිනවා ඇති.
donhettiarachchigeTuesday, 08 October 2019 08:35 AM
සමහර සිංහලයින් කියන්නේ කිසිම චාරයක් නැති, ඉක්මනට මුල අමතකවෙන ජාතියක්. මොකද අවුරුදු 30ක් යුද්ධ කරලා බේරාගත් රට නිකන්ම උතුරු නැගෙනහිර අයට පාලන බලය දීලා ඡන්ද ගන්න වෙලා. ජවිපේ කියන්නේ ජාතිය විනාශ කරපු කට්ටියක්. ඒ අය සිංහල මිනිසුන්ව භීෂණ සමයකට ගෙන ගියා. තරුණ ළමයි 50.000 කට ආසන්න ගාණක් නැතිකරා.එක්සත් ජාතික පක්ෂයේ අය බටලන්ද වදකාගාරයේ සිංහල කොල්ලන්ව ගෝනිවල දාලා පොළවේ ගහලා මැරුවා.කොටි එක්ක ගිවිසුම් අත්සන් කරලා අපේ හමුදාවේ සහ පොලීසියේ නිළධාරීන් 10.000 ක් විතර මරන්න සැලස්සුවා.බලයට ආව ගමන්ම කළේ නීති විරෝධී විදියට මහ බැංකුව මංකොල්ලය කාපු එක.
WIMUKTHITuesday, 08 October 2019 10:19 AM
ඔය කියන ඔක්කම කරලා .. කරුණ අම්මාන් ව උප සබාපති කල ... :)
Chathuri Monday, 07 October 2019 08:38 PM
මා ප්‍රර්ථනා ඉටුවේදෝ ,,,, මේ ආත්මයේ ඉටුවේදෝ ,, කල පව් පස්සෙන් ඒ දෝ .,,.
චිත්‍රානන්ද Monday, 07 October 2019 11:40 PM
එදා වෙච්ච දේවල්ම තමයි නව වටයකින් එන්න හදන්නේ.වෙනස ගෝඨාභය කියන නමේ කොටස විතරයි.
Raveendra Tuesday, 08 October 2019 12:45 AM
බැලු බැලු තැන මල් පහන් චීවර පුජාය..// හැම අපේක්ෂකයෙක්මත් මෙය කරනාය..// මෙමගින් සිත්පහන් හැගුමෙන් ඇතුවාද..// ඇරියොත් කට පතුරු යවන්නේ අනිකාගේය ..//
Jayasinghe Tuesday, 08 October 2019 01:15 AM
තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් ඔබතුමන්ට ජයග්‍රහණය පතමු).
atthanayake Tuesday, 08 October 2019 03:42 AM
සැක නැත. ඔබතුමා ජනපතිවනු ඇත. තෙරුවන් සරණ බලය ඔබට ලැබෙනු ඇති.
Fonseka Tuesday, 08 October 2019 04:14 AM
සජිත් ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. එත් ආර්යා කෝලම තමා එපා වෙන්නේ. ගෝටා ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. විමලයයි ගම්මන්පිලයි ඇමතිකම් ගන්න එක තමා ඉවසන්න බැරි. ඒ නිසා අනුර කුමාරට දීලා දානවා
Saman Tuesday, 08 October 2019 04:30 AM
කළ කළදේ - පල පලදේ.
Indhika Tuesday, 08 October 2019 04:39 AM
කොලබ තියෙන පන්සල් නෙවේ, යන්න මුහුදු මහා විහාරයට, යන්න ගුරු කන්ද විහාරයට. ඒවගෙන් ආශිර්වාධ ගත්තම දිනන්න බැරිද?
Saman Tuesday, 08 October 2019 05:23 AM
ඔන්න ලසන්ත පස්සෙන් ,,,,,,
Rata Perata Tuesday, 08 October 2019 06:30 AM
මේක රාජපක්ෂලාගේ ප්‍රචාරක මධ්‍යස්ථානය......
thusitha Tuesday, 08 October 2019 06:38 AM
බුදු හාමදුරුවෝ ගස් වලට වදින්න කියල තියනවද?
kushanTuesday, 08 October 2019 08:00 AM
තුසිත, පේනවනේ මෝඩ මිනිස්සු . හම්බන්තොට මිස්සුන්ගේ තරම.............
ereshaTuesday, 08 October 2019 08:04 AM
අපේ මෝඩ සිංහලයට ගස්, ගල්, කිසිදෙයක් ප්‍රශ්නයක් නැහැ. හැමදේටම වදිනවා.එත් කරන්නෙම මහ පොළොව උහුලන් නැති අපරාධ.