IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගමට යන්න පාලමක් නැතිව ගැමියෝ අපහසුතාවයට

( නිශාන්ත කුමාර )
 
ලොග්ගල්ලා ඔයේ කැන්දලන්ද මංකඩ හරහා එගොඩ මෙගොඩවීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොඩයාගම කැන්දලන්ද ,කොමාරීක, කණූගොල්ල, මැදලන්ද, ඇතුලු ගම්මාන රැසක පවුල් දහසක් පමණ විවිධ ප්‍රවාහන දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.

 
මෙම ස්ථානයෙන් එගොඩ මෙගොඩ වීම සදහා ඉදිකර තිබූ   අත්වැල් පාලම ලොග්ගල්ලා ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන යාම මෙම ගැටලුවට හේතුවී ඇතැයිද ජනතාව පවසති.
 
පාලම කැඩී බිදී ගොස් වසර දහයකටත් වැඩි කලක් ගතව ඇතත් එය ඉදි කරදීමට කිසිවෙකුත් කටයුතු නොකිරීම නිසා තමුන්ට කරවටක් දියේ ගිලෙමින් ඔය හරහා එහා මෙහා යාමට සිදුව ඇතැයිද ඔවුහු කියති.
  
 පසුගිය කාලයේදී මෙලෙස  ඔය හරහා අනාරක්ෂිත ලෙස එගොඩ මෙගොඩ වූ කීපදෙනෙකුම    මෙහි ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයිද සඳහන් කරති.
 
මෙම ගම්මානවල ජනතාවට ලොග්ගල්ලා ඔයෙන් එගොඩ මෙගොඩ වීමට වෙනත් විකල්ප මාර්ගයක්ද නොමැති අතර ගොවිතැන් කටයුතු ඇතුලු දෛනික කටයුතු සදහා අනිවාර්යයෙන්ම ඔවුන්ට මෙම අනාරක්ෂිත තොටුපොළ උදේ සවස තරණය කරන්නට සිදුව  ඇත.
 
ඔවුන් අනාරක්ෂාකාරී ලෙස  පාලමක් නොමැති ගගෙන් එගොඩ මෙගොඩවන අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.


 
 

 



අදහස් (11)

ගමට යන්න පාලමක් නැතිව ගැමියෝ අපහසුතාවයට

Raveendra Sunday, 29 September 2019 06:30 AM

අපගේ අදහස් වැඩිදෙනෙකු අනුමත නොකරනු ඇත. එහෙත් එය ප්‍රකාශ කිරීම වැදගත් යයි සිතෙන බැවින් මෙසේ කීමට කැමැත්තෙමු ඇත්තෙන්ම හරිම සුන්දර පරිසරයක් දේශපාලුවන් විසින් "තදියමේ" (තරගය ළඟ ළඟ එන නිසා) මෙම සුන්දර පරිසරය විනාශ කර පාලමක් සෑදීමට කටයුතු කරනු ඇත. එමගින් විනාශ වෙන පරිසරය අපට නැවතත් කිසිලෙස ලබා ගැනීමට හැකිවේද යන්න හිතා බැලීම වැදගත් නොවන්නේද?

:       0       6

a.b. srila Sunday, 29 September 2019 08:12 AM

පාලන මොකටද මේ මිනිස්සුනට..? හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සහ සංවර්ධන කමිටුවල සභාපතිධුර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් ලබාදීමට ඉක්මනටම හොයලා බලන්න ඕනනේ.. මේ මිනිස්සු වගේ නෙමෙයිනේ.. අපි ඒ මැති උතුමන්ට ඡන්දෙ දීලා බලන් ඉඳිමු.

:       0       7

රජින්ද Sunday, 29 September 2019 08:57 AM

කව්රුවත් මාත් එක්ක අමනාප වෙන්නෙපා. මේ වගේ සුන්දර ස්ථාන වලට පාලම්, බෝක්කු ආවට පස්සේ අපේ රටේ සුන්දරත්වය කෘතීම වෙනවා නේද? මට වැටහෙනවා මේ ගමේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ... නමුත්, එහෙමයි කියලා මේ රටේ ඉතිරිවෙලා තියෙන සුන්දර ස්ථාන කිහිපයත් විනාශ වෙනවට කැමති නැහැ. ඒ නිසා මේ ස්ථානය මේ විදිහටම තියෙන්න ඇරලා ලඟම තියෙන පාලමට මේ ගමේ මිනිස්සුන්ට යන්න පුළුවන් විදිහට මාර්ගය හදලා දුන්නා නම් හරි නේද?

:       7       5

Ruchira Sunday, 29 September 2019 09:28 AM

කරුණාකරලා ගම් දෙක අතර දුර (ගඟ හරහා) කොච්චරද කියලා දැනගන්න පුලුවන්ද? අපි අපිට පුළුවන් විදිහට ගමට වැඩක් කරමු. කාටවත් ඇඟිල්ල දික් නොකර... අපේ දැනුමෙන් අපි එකතු වී මාර්ගයක් තනා දෙමු.

:       2       8

anura Sunday, 29 September 2019 11:26 AM

අාරංචියේ හැටියට, නෙළුම් කුළුණ උඩට නැග්ගම ඔය ගම පේනවා කියන්නේ. ඉතින් තවත් මොන පාලම්ද?

:       3       5

chadima Sunday, 29 September 2019 11:41 AM

බයවෙන්න එපා ළඟදීම අලුත් ආණ්ඩුවක් ආවම මිලියන් එක්දහස් ගාණක් වියදම් කරලා රට වටේම යන්න ඉලිප්සාකාර මාර්ගයක් හදනවලු. එතකොට කරදරයක් නැතුව වටෙන් යන්න පුළුවනි.

:       1       4

Hafeel Sunday, 29 September 2019 03:16 PM

මේ මැතිවරණයේදී හරි මේ පළාතේ මිනුස්සු බුද්ධිමත්ව කතිරය ගහන්න ඕනේ. මම හිතන්න විදියට මේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත්. එහමනං කෝ හරින්, ඩිලාන්, නිමල් සිරිපාලලා? ඔවුන්ගේ කට විතරයි.

:       1       4

mahajanapathi Monday, 30 September 2019 04:28 AM

ඔය යන්නේ මේ වගේ සීතල වතුරක බැහැලා යන්න පින් කරන්න ඕන වතුර වැඩි වුණොත් ඩියුටි ෆ්‍රී වාහන බලපත් දෙන්න බලමු. කොටුවට නම් එන්න එපා වතුර නාන්න වෙනවනේ..

:       1       1

sharm warn Monday, 30 September 2019 04:30 AM

ඉන්න හිතෙන රටක් අම්මපා.. බලන්නකෝ වතුර ටික විතරක්... ආසාවේ බැහැ... අර පාලමේ මුල් ගලක් තියපු පුවරුවක් එහෙම නැද්ද රෙදි අපුල්ලන්න ගන්නවත්? තේරෙන්නේ නැතිකමට ඇහුවේ...

:       2       6

gamvasiya Monday, 30 September 2019 04:30 AM

අපි හරි සන්තෝෂයෙන් මේ ගමන යන්නේ.. පාලම් ගහලා මෙතන තියෙන සුන්දරත්වය නැති කරන්න එපා..

:       0       2

athura Monday, 30 September 2019 06:07 AM

අර කුලුන හැදුවා. මේ කුලුන හැදුවා. ආසියාවේ ආශ්චර්ය.

:       1       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19746 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 290 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site