IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ගම්පෙරළිය‘ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ

(අංජුල මහික වීරරත්න)


යහපාලන  ජාතික රජයේ ‘2025 පෙහොසත් රටක්‘ සැලැස්මට අනුව  ක්‍රියාත්මක ‘ගම්පෙරළිය‘ ජාතික වැඩසටහන  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  කොටවෙහෙර කණුකැටිය මුඩුත්තව  වැව් තාවුල්ලේදී  අද (15) පැවැත්විණි.


ගම්පෙරළිය වැඩසටහන අරඹමින් මුඩුත්තව වැව පිළිසකර කිරීම ඇරැඹූණේ අගමැති රනිල් වික්‍රමසිංහ  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් ප්‍රමුඛ  මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙනි.
ගම්පෙරළිය වැඩසටහන යටතේ  ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා   ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන ,ගමේ සමාජ, සංස්කෘතිය ජීවිතය ගොඩනැඟීම සිදු කරයි.


මුදල් අමාත්‍යංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා  සෑම ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසයක් සඳහාම රුපියල් මිලියන 200 ක් ලබා දීමට නියමිතය.


ගම්පෙරළිය වැඩසටහන සමඟ ක්‍රියාත්මක කරන එන්ටප්‍රයිසස්  ශ්‍රී ලංකා  වැඩසටහන ඇරැඹීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිකවරටියේදී අද (15) ආරම්භ කෙරිණි.


ගමේ තරුණ  ව්‍යවසායකත්වයින්ට අත දී ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට අත දීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (23)

‘ගම්පෙරළිය‘ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ

d.upul Sunday, 15 July 2018 10:30 AM

අන්තිමේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මහ එවුන්ගේ සාක්කු පිරෙයි.

:       172       284

Rane Sunday, 15 July 2018 11:03 AM

මේවා 'පද පෙරලි' විතරක් නොවේවා !

:       17       132

Lal Sunday, 15 July 2018 11:09 AM

මහා බැංකුව ප්‍රසිද්ධියේම මංකොල්ලකෑවා.දැන් ගම පෙරළලා ගම කන්න වගේ ලෑස්තිය.

:       1257       1309

Raveendra Sunday, 15 July 2018 11:24 AM

ගම්පෙරළිය කෙසේ වෙතත් අම්බරුවන්ගේ නම් ගම් හරියට ලියලා තියනවද බලන්නකෝ? ඒ බෝඩ් ලෑලිවල .. මොකද ඒවා හරියටම තියෙන්න ඕනෑ ...

:       304       326

anura Sunday, 15 July 2018 12:12 PM

දැන් දින සීයට මොකද උනේ? මහජනතාවට බොරු කියලා රැවැට්ටුවාට හැමදාම ඒක එහෙම වෙයි කියලා සිතීම මෝඩ කමක්!

:       315       668

sirimal Sunday, 15 July 2018 12:17 PM

මොකටද මේ සෝබන වැඩ? යමක් ආරම්භ කරනවා නම් ඒ වැඩේ කරන අයට අවශ්‍ය පහසුකම් ලබාදී වැඩේ කරගෙන යන්න උපදෙස් දෙනවා මිස මේ අනවශ්‍ය වියදම් කරමින් සෝබන වැඩ කරන එකේ තේරුම දේශපාලන ප්‍රචාර පමණක් නේද? අර කුලියාපිටියේ හදනවා කියමින් අඬබෙර ගැසූ ෆොර්ක්ස්වැගන් මෝටර් රථ කම්හල වගේ මාධ්‍ය වල පින්තුර පලකරවාගෙන මෙන්න අපේ වැඩ කියා කයිවාරු ගසනවා වෙනුවට වැඩකටයුතු අවසන් කලහම එසම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම නේද වැදගත්? වැඩ වෙනුවට ආණ්ඩුවේ වියදමින් රටපුරා තමන්ගේ ශෝබන රුපය ඇතුළත් දැවැන්ත පුවරු ප්‍රදර්ශනය කල උදවියට මොකද උනේ කියල අපට මතකයි.

:       220       192

Keppetipola Sunday, 15 July 2018 12:45 PM

අපේ රට පිටරැටියන්ට විකුණලා මහා විනාශකාරී පෙරලියක් කරන්න තමයි මේ අය සැරසෙන්නේ. ගම පෙරලිය කෙසේ වෙතත් මේ හොර ආණ්ඩුව පෙරලෙන එකනම් සිකුරුයි.

:       675       442

athuraMonday, 16 July 2018 03:25 AM

මහත්මයා විකිණීමයි බදු දීමයි කියන්නේ දෙකක්. අනෙක ඔබතුමා කියන්නේ අර පහුගිය ආණ්ඩුව කලා වගේ ඔය බදු දීපුවා රජයේම තියාගෙන ඒකට දේශපාලන හෙන්චයියෝ පුරවා පුරවා රජයේ රැකියා නොකරන අයගේ සාක්කුවට පහර ගගහ ඉන්න කියලද?

:       23       122

dumindaMonday, 16 July 2018 07:12 AM

ලාභ පිට දුවපු ශ්‍රීලන්කන් එක ලොකු ටෝක් දල අරගෙන මස්සිනාට දීල වනසල දාපු හැටි මතක නැද්ද

:       1       72

සමන්ත Sunday, 15 July 2018 02:58 PM

දැන් මේ වගේ රට වැඩක් වෙන වැඩ සටහන් ක්‍රියාත්මක වෙන කොට, පට්ට හොරුන්ගේ නොවී රටේ ජනතාවගේ සාක්කු වලට සල්ලි එන ක්‍රම හැදෙන කොට , පරණ ඒකාධිපතියන්ට කඩේ ගිහින් හොරකමෙන් හම්බ කරගත්තු පිරිසට හරියට අමාරු වෙනවා. රට දියුණු කිරීමේ කිසිම සැලැස්මක් හෝ ලෝකයේ කිසිම රටක සහයෝගයක් නැති අඳ බාල වසලයින් පිරිසකට බලය දෙන්න ආයෙත් ජනතාව මෝඩ වේ යයි හිතන්න එපා මිත්‍රයා.

:       1062       1329

Lal Sunday, 15 July 2018 03:52 PM

අපේම කරුමෙට, රටේ කරුමෙට තමයි මෙවැන්නවුන් අතට බලය ගියේ... මගේ රට මේ කාලකන්නින්ගෙන් බේරාගන්න සියළු දෙවිදේවතානුවන් වහන්සේලාගේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබේවා! ලැබේවා! ලැබේවා!

:       1192       1186

athuraMonday, 16 July 2018 03:28 AM

ලොක්ක වගේමයි වහල්ලුන්ගේ වැඩෙත් මිත්‍යාව පස්සේ දුවන එක තමයි. දැන් ලොක්ක ළඟ තියෙන්නේ වශී බෝලෙ වෙනුවට වශී වළල්ල ඔබතුමාත් අරගෙන දාගන්න.

:       18       163

දොරටුපාල Sunday, 15 July 2018 05:14 PM

අර වෝක්ස්වැගන්, ටයර් පැක්ටරි වගේ බෝඩ් ලෑල්ලක්.

:       42       25

Dasa Sunday, 15 July 2018 08:19 PM

මගේ දෙයියනේ දැන් එක 2025 වෙලාද? දැන් අවුරුද්දකට දෙකකට කලින් ඕක තිබ්බේ 2020 කියල මට හොඳටම සහතිකය. ඕක 2030 දක්වා දික්කරන අපි කී දෙනෙක් ජීවත් වෙලා ඉඳීද කියල තමා මට සැක.

:       1       4

Yasantha Sunday, 15 July 2018 09:04 PM

වැඩේ වෙලා ඕපන් කරානම් හරි, බෝර්ඩ් එකක් දාන්න එන්නට අවශ්‍ය නැත.

:       0       2

Keppetipola Monday, 16 July 2018 02:09 AM

මහබැංකුව පෙරලලා ඉවරයි දැන් ගම් පෙරලනවා. ගමත් කාල තමයි යන්න හදන්නේ.

:       55       114

rohana Monday, 16 July 2018 02:33 AM

මේකේ අදහස් දාල තියෙන අය ආත්මාර්ථකාමී කුහකයන් බව කිව යුතුයි. වැඩක් කලත් බනිනවා නොකලත් බනිනවා.

:       50       19

suran Monday, 16 July 2018 03:22 AM

ගම්වලට දෙවියන්ගේ පිහිට තමා. ඔය පෙරළියේ අවසානයේ විකුණා දැමීමට තීරණය වේ.?

:       1       51

Anjula Monday, 16 July 2018 03:29 AM

මෙයා රට පෙරළ පෙරළ රටම කන්නෙ අද එකා ඉදල නෙමෙයි. මෙයාලමයි රටම කුණු ගොඩක් කරලා තියෙන්නෙ. මෙහෙම මිනිහෙක්.........

:       41       142

Rasi Monday, 16 July 2018 03:45 AM

රෑට රෑට 2020 හීනෙන්ව පේනවා, එක හින්ද උදේට නැගිටලා මොකක් හරි පෙරලන්න බලනවා අපේ රටේ 2015 වගේ තව අම්බරුවෝ ඉතුරු වෙලා ඉන්නවද බලන්න.

:       1       37

Don Monday, 16 July 2018 04:21 AM

බැංකු පෙරලපු එකට ගම පෙරලන එකත් මහ කජ්ජක්ද? ගමත් ඉවරයි.... රටත් ඉවරයි....

:       2       74

indrajith Monday, 16 July 2018 07:59 AM

මෙතුමා තරම් නානාප්‍රකාර සංවර්ධන වැඩ කරුපු කෙනක් නැති තරම්. එත් සත පහක සංවර්ධනයක් මම නම් දැකල නැහැ

:       1       54

Chandima Monday, 16 July 2018 09:37 AM

කලියුගයේ සහ යුගාන්තය තමයි අන්තිමට.

:       0       22

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19193 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site