(*** ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
බුදුරදුන්ගේ කේශ ධාතු නිදන්කර ඉදිකර ඇති ත්‍රිකුණාමලය හිරියායේ පිහිටි ගිරිහඬු සෑ රදුන් උදෙසා පවත්වනු ලබන වාර්ෂික කේශධාතු පින්කම් මාලාව පෙරේදා (24) බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.
ගිරිහඬු සෑ විහාරාධිපති දෙවිනුවර චන්දිම, අමරපුර නිකායේ නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම පින්කම් මාලාව ලබන 30දා දක්වා පැවැත් වේ. දිනපතා පෙරවරු හයට හා පස්වරු හයට අසිරිමත් කේශ ධාතු පූජා පෙරහර, කේශ ධාතු වන්දනා පූජා පැවැත්වෙන බව විහාරාධිපතියෝ පැවැසූහ. ලබන 30දා පෙරවරු 8.00 මහාමායා මාතෘ දිව්‍ය පුත්‍රයා උදෙසා පැවැත්වෙන දේව දානයෙන් පසු මෙම පිංකම් මාලාව අවසන් වේ. ගිරිහඬු සැයේ ආදි කර්තෘ අපවත් වී වදාල ගන්දර ආනන්ද හිමිගේ ගුණානුස්සමරණය ද මෙයට සමගාමීව පැවැත් වේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිරිහඬු සෑ රදුන්ගේ කේශධාතු මංගල්‍යයේදී
jayasekara Wednesday, 26 August 2020 09:42 AM
නැගෙනහිර බොදු පුනරුදය නිසා නිදහසේ අපට ආගමික වතාවත් කරන්න ලැබිලා තියෙනවා.
ආනන්ද පිටබැද්දර Wednesday, 26 August 2020 10:19 AM
සාධු සාධු... හරිම ලස්සනයි චෛත්‍ය රාජයාණන් වහන්සේ. අනන්ත බුදු ගුණ බලයෙන් සියළු මිනිසුන් සිත් පිරිසිදු වී දහම් ඇස පහළ වේවා..!!!
Champa Wednesday, 26 August 2020 12:17 PM
අතීතයේ දකුණු ඉන්දියානු ආක්‍රමණ වලටත්, පසුව එල්ටීටී ත්‍රස්තවාදයටත් හසු වෙලා අද වෙනකොට මේ තරමටවත් ආරක්ෂා කර ගත්තු තිරියායේ ගිරිහඬු සෑ රජුන් වෙනුවෙන් මේ පින්කම් මාලාව සංවිධානය කළ විහාරාධිපති හිමියන් ඇතුළු සියලු සංඝයා වහන්සේලාටත්, දායකයන්ටත්, සහභාගි වුනු බෞද්ධයින්ටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපේ පැරණි දාගැබ් ඒ විදිහටම තියෙන කොට ඒවායේ පෞරාණික බව අලුත් පරම්පරාවට වගේම, ලොව පුරා මිලියන 500ක් පමණ වන බෞද්ධයන්ටත් දැකගන්න පුළුවන්... අනිත් වතාවේ සැරසිලි කරන කොට ඒ ගැන හිතනවා නම් හොඳයි. ගිරිහඬු සෑය ඇත්තටම ගොඩ නැගුවේ කවුද කියන එක අදටත් පැහැදිලි නැහැ. ඉතිහාසයේ කියන විදිහට, හරියට පැහැදිලි නැති පළාතක ඉඳලා ආව තපස්සු භල්ලුක බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කළ කරඬුව ගිරි කන්ද උඩ තියලා ආහාර අරන් ආපහු කරඬුව අරගන්න හදන කොට ඒක සොලවන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඔවුන් එතන පූජනීය භූමියක් බව තේරුම අරගෙන බිමට සවි වෙච්ච කරඬුව ආරක්ෂා වෙන්න වට කරලා ගල් තියල (ගඩොල් වෙන්න ඕනේ) ඔවුන් තමන්ගේ ගමන දිගටම යන්න ගිහින්. හැබැයි මේ දකින චෛත්‍ය ඉඳි කලේ තපස්සු භල්ලුක නෙමෙයි. ඇත්තම කිව්වොත් අපේ අතීතය අපි තාම හරියට හොයාගෙන නැහැ.
ChampaWednesday, 26 August 2020 02:04 PM
මම මේ කමෙන්ට් එක ආපහු ලිව්වා. කලින් තැනක කියවපු තපස්සු භල්ලුක ගැන වෙනත් කතාවක් මතක් වුනේ පස්සේ. ඒ වගේම මේ සෑයට කලින් ගිරිකන්ද සෑය කිව්ව හේතුව මෙතන නම ගිරිකන්ද නිසා. පස්සේ ඒ නම ගිරිහඬු කියලා වෙනස් කලේ කාගේ වුවමනාවටද දන්නේ නැහැ. වෙනත් තැන්වල තියෙනවා තපස්සු භල්ලුක කේශ ධාතු තබාගෙන හිටියේ කරඬුවක නෙමෙයි පාත්‍රයක කියලා. මේ ගැන තව හුඟක් මත තියෙනවා. පුරුදු විදිහටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනත් බොහෝ කරුණු ගැන කිව්වට, 8 වෙනි ශත වර්ෂයට එහා ගිහින් නැහැ. ඒ හින්දා ඔවුන් කියන දේ නිවැරදි නැහැ...
මංජුල Wednesday, 26 August 2020 03:13 PM
මේ වටිනා තොරතුරු ටිකක්.... නමුත් මගේ අදහස නම් පෞරාණික තත්වයට පත්වෙලා තියෙන දාගැබ් වෙහෙර විහාර ඒවායේ මුල් තත්වය තත්ත්වය නිරූපණය වන ආකාරයට නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි. මොකද මේ චෛත්‍යය ඉදි කරපු බලාපොරොත්තුව වුණේ බැතිමතුන් තුළ ශ්‍රද්ධාව සහ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීම මිසක පෞරාණික වස්තුවක් අනාගත පරම්පරාවට ඉතිරි කිරීම නොවෙයි. කිසියම් දවසක ශ්‍රී ලංකාව තුළ බුද්ධාගම සම්පූර්ණයෙන් නොමැති වී ඇති කලක එම ජනතාවට බලා ගැනීම සඳහා පෞරාණික වස්තුවක් වශයෙන් මේවා ඒ කාලයේදී පවත්වා ගැනීම වරදක් නෙවෙයි නෙමෙයි. නමුත් ලංකාව තවම බෞද්ධ රටක්. එම නිසා රුවන්වැලි මහාසෑය වර්තමාන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කළා වගේ ගරා වැටී ඇති සියලුම චෛත්‍යයන් ඒව ඉදි කළ අයගේ අරමුණ ශාක්ෂාත් වන පරිදි නැවත මුල් ආකෘතියට අනුව ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි මගේ හැඟීම ...
ChampaWednesday, 26 August 2020 03:35 PM
අපේ දාගැබ් ප්‍රතිසංස්කරණය කරන විදිහ ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. විශාල යකඩ අට්ටාල හදාගෙන රුවන්මැලිසෑයට කරපු හානිය තාම තේරෙන්නේ නැහැ. ජේතවන චෛත්‍යයත් ඒ වගේම යකඩ අට්ටාල හේත්තු කරගෙන ප්‍රතිසංස්කරණය කරන හැටි මම දැක්කා. නමුත් ගිරිහඬු සෑය වගේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කරනවා කියන්නේ පැරණි විදිහ වහලා නැවත ගොඩ නගන එක නෙමෙයි, පැරණි ගොඩනැගිල්ල ආරක්ෂා වෙන විදිහට තියන්න ඕනේ. මේ පැරණි ගඩොල් මිනිස්සු දකින්න ඕනේ. පැහැදිලිවම කියන්න ඕනේ අපේ චෛත්‍ය, වෙහෙර විහාර එකක්වත් නිකම් අව්වට වැස්සට කඩා වැටුනේ නැහැ. ඒව සියල්ල කඩා බිඳ දැමුවේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්. සමහර ඒව යටත් විජිත කාලෙත් විනාශ කළා.
ChampaThursday, 27 August 2020 01:11 PM
දාගැබ් ප්‍රතිසංස්කරණය කිරීම ඉතාම සියුම් කර්තව්‍යයක්. ප්‍රතිසංස්කරණය කරන්න ගිහින් හැඩය වෙනස් කරපු දාගැබ් ගැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ පොත්වලම තියෙනවා. උදාහරණයක් විදිහට ථූපාරාම දාගැබ මුලින්ම තිබිලා තියෙන්නේ ධාන්‍යාගාර හැඩයට. නමුත් ප්‍රතිසංස්කරණය වුණාට පස්සේ ඒකෙ හැඩය ඝන්ඨාකාර හැඩයට වෙනස් වෙලා කියලා ඒ ගොල්ලොම කියලා තියෙනවා. මෙතන දාලා තියෙන ගිරිහඬු සෑයේ පින්තූරේ හැඩය මම තාම තේරුම් ගන්න උත්සාහ කරනවා. මුල් හැඩය මෙහෙම නෙමෙයි පැහැදිලිවම. අනිත් එක මේ සෑයේ ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව සහ කොත් කැරැල්ල කියන අංගවල ප්‍රමාණය සමානුපාතිකව වැරදි බව බැලූ බැල්මටම පේනවා.
shantha QatarThursday, 27 August 2020 08:47 AM
මගේ නෝනගේ නමත්.. චම්පා..!! ඒ වුණාට එයාට ඔයාට වගේ මොලේ නැහැ.
Raveendra Wednesday, 26 August 2020 03:45 PM
champa සහ මංජුල වටිනා අදහස් අප අගයන්නෙමු. අපගේ බෞද්ධ ශිෂ්ඨාචාරය මෙන්ම ඉතිහාසය අනාගත් පරපුරට නිසිලෙස දායාද කර රටේ අනන්‍යතාවය පිළිබඳව මෙන්ම ඒවායේ වටිනාකම් පිළිබඳව අධ්‍යාපනය මගින් ලබාදිම වඩාත් සුදුසු වන අතර පැරණි දාගැබ මෙන්ම පෞරාණික ස්ථාන නිසිලෙස ආරක්ෂා කිරීම රජයේ මෙන්ම පුරවැසියන්ගේද වගකීමකි. එලෙසම ඒවා දුරදිග නොබලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ අරමුණින්ම පමණක් අරයාට මෙයාට පවරාදීම මගින් සිදුවීඇති හානිය ඉතාමත්ම භයානකයි. හොඳම උදාහරණය කුරුණෑගල නාට්‍ය සංදර්ශන නොවේද?