IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගාල්ල උසස් තාක්ෂණ සිසුහු විරෝධයක

(අමල් වික්‍රමරත්න)

තම උපාධි ප්‍රදානෝත්සවය වෙනදා පවත්වන ආකාරයට  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේම (BMICH) පවත්වන ලෙසට බලකරමින් ගාල්ල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු විරෝධතාවයක නිරත වූහ.

මෙවර උපාධි ප්‍රදානෝත්සවය අම්පාර හාඩි ආයතනයේ පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බවත් පාලකයන් මුදල් ඉතිරි කිරීමට මෙවර උපාධි ප්‍රදානෝත්සවය හාඩි ආයතනයට ගෙනයන බවත් එසේ වුවද ගියවර පැවති උපාධි ප්‍රදානෝත්සවයටත් රුපියල් 4000 දහස බැගින් එක් සිසුවකුගෙන් අයකළ බවත් ඔවුහු කියා සිටිති. මෙවරද රුපියල් 4000ක් බැගින් එකතු කරන අතර ස්ථානය වෙනස්වූවාට එය අඩුවී නැති බවත් තම දෙමාපියන් සමග අම්පාර වැනි ප්‍රදේශයකට යාමේදී අමතර ප්‍රශ්න රාශියකට තමනට මුහුණ දීමට සිදුවන බවත් ඔවුහු ප්‍රකාශ කර සිටියහ.

සිසුන් මෙහිදී සිය නීවාසික ප්‍රශ්නය ඇතුළු මහපොළ දීමනාවද නිසියාකාරව පොරොන්දු වූ අයුරින් දෙන ලෙස ඉල්ලා ඔවුහු  උද්ඝෝෂණයේ නිරතවුහ.

 



අදහස් (4)

ගාල්ල උසස් තාක්ෂණ සිසුහු විරෝධයක

මම1 Thursday, 17 August 2017 10:46 AM

හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව එපාද?

:       0       200

kumar (galf) Thursday, 17 August 2017 11:38 AM

පාරවල් ගානේ පිස්සු නටනවාට දෙන්න උපාධි, ඩිප්ලෝමා ඉහළින්ම...., මෙයාලා රටට කරන කිසිම වැඩක් නෑ... නිකන් පින්බතාලා තමයි.

:       10       73

Naradha Thursday, 17 August 2017 03:06 PM

ඇයි මේ උපාධි ප්‍රදානෝත්සව තමන් ඉගෙනගත් අයතනවලම පවත්වා, සිසුන්ගෙන් මුදල් අය කිරීම නවත්වන්නේ නැත්තේ? මේවා කිසි අර්ථයක් නැති, ගතානුගතිකව කරන උත්සව පමණයි.

:       1       25

පියල් පෙරේරා Friday, 18 August 2017 03:24 AM

ගාල්ලේ ඉඳන් උපාධි ප්‍රධානොත්සවයට අම්පාරට යනවා කියන්නේ විහිළුවක් නේ. දෙමව්පියන්ට, බලන්න යන අයට නවතින්න වත් තැනක් තියෙයිද?

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site