(ටී.කේ.ජී.කපිල)
වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31) දින දහවල් පියවර ගෙන තිබුණි .
ඔහු තම අවසන් පියාසැරිය සදහා තම පුත් රහල් කුමාරසිංහ මහතා සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී කර ගෙන තිබීම විශේෂත්වයකි .
ඔවුන් විසින් ඉන්දියාවේ මදුරෙයි නුවර සිට අද දින දහවල් 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 138 දරන ගුවන් යානය , සිය අවසන් පියාසැරිය ලෙස පදවා ගෙන පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ගුවන් තොටුපළ ධාවන පථයේ දී " ජල ආචාරයක් " පවත්වා පිළිගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙන්ම කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් ද පියවර ගෙන තිබුණි .
1979 වසරේ දී සහකාර මෙහෙයුම් නිලධාරීවරයකු සේවයට එක් වී ඇති උත්පල කුමාරසිංහ මහතා වසර 44 ක සේවා කාළයකින් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වශයෙන් සේවයෙන් සමු ගැනීම සිදු කෙරුණි .
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ගුවනේ නමක් තබා නියමු පියා ගුවනට සමු දෙයි
Sumith Saturday, 01 April 2023 01:16 AM
ෆ්ලයිට් එක ක්‍රෑෂ් වෙන්න ගිහින් ඔබතුමා අපිව බේරාගත්තා. ඔබට පින්..!
Chandana Ekanayake Sunday, 02 April 2023 03:27 AM
ඔබට නිදුක්, නිරෝගි, සතුට සපිරි වාසනාවන්ත විශ්‍රාම දිවියක් පතමි...
Nandana Monday, 03 April 2023 05:43 PM
ස්තුතියි සර්...!