(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වෙන ‘Air Tattoo - 2019‘ ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය අද (02) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර ගුවන් මගින් බීජ රෝපණය කිරීම පිළිබඳ සකසා තිබූ ප්‍රදර්ශන කුටිය එහිදී ජනාධිපතිතුමාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
එමෙන්ම ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයට අයත් ප්‍රදර්ශන කුටිය වෙත ගිය ජනාධිපතිවරයා වෙත එම පුහුණු කටයුතු පිළිබඳ සම්පාදනය කෙරුණු ග්රන්ථයක් ද පිළිගැන්විණි. එහිදී නව වෙබ් අඩවියක් ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.
හෙට සිට 06 වැනිදා දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ගුවන් හමුදාවේ කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සම්පත් ප්‍රදර්ශනය කිරීම මෙන්ම මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්වයන්හිදී හා ස්වභාවික ව්‍යවසනයන්හිදී ගුවන් හමුදාව ක්‍රියාකරන ආකාරය නිදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම සිදු කෙරේ.
එමෙන්ම ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, තූර්ය වාදන හා සරඹ සංදර්ශන සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් රැසකින් එය සමන්විතය. සෑම දිනකම ප.ව 2.00 ට ආරම්භ වන සැණකෙළිය මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙයි. මෙය මහජනතාවට සම්පූර්ණයෙන් විවෘත අතර, ඇතුලු වීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුලු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ජනපති අතින් විවෘත කරයි
sirimal Saturday, 02 March 2019 11:39 AM
හෙලිකොප්ටරයෙන් වෙන්න ඇති එන්න ඇත්තේ. දැන් ගෙදරින් එළියට බහින්නත් බැහැනේ හෙලිකොප්ටර් එකක් නැතුව. මදැයි රට හදන්න දුන්නු පොරොන්දු...
Dayal Sunday, 03 March 2019 12:17 PM
මෙයා බයිලා ගහනවයි, විවෘත කරනවයි විතරයි. ජනතාවට කළදෙයක් නැහැ තමන්ගේ පවුලට හැර...
smn Monday, 04 March 2019 04:53 AM
ගුවන් හමුදා ප්‍රදර්ශනය සපුරා සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු!!!