IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


චේ ගුවෙරාගේ 51 වැනි ගුණ සැමරේ


 
 
(කේ බුද්ධික කුමාරසිරි )
 
ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදී නායකයකු වන අර්නස්ට් චේ ගුවෙරාගේ  51 වෙනි ගුණ සමරු උත්සවය මොරගහහේන යහලකැලේ ‘‘චේ උද්‍යානයේදි’’ ඔහු විසින් රෝපණය කරන ලද මැහෝගනී වෘක්ෂය අසලදී කියුබානු රජයේ ශී‍්‍ර ලංකා තානාපතිනී ජුආනා එලේනා රාමෝස් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පැවැත්විණි.


අර්නස්ට් චේ ගුවෙරා මහතා කියුබානු රජයේ අමාත්‍යවරයකු ලෙස 1959 වසරේ රබර් වගාව සම්බන්ධ පර්යේෂණ කටයුතුත්තක් සඳහා මෙරට සිදුකළ සංචාරයකදී මොරගහහේන යහලකැලේ වත්තේ මෙම මැහෝගනි පැළය රෝපණය කර ඇත.


සමාජවාදී තරුණ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු  අතර සැමරුම් උත්සවය අවසානයේ ‘‘චේ සරුව’’ නිමිත්තෙන් ප‍්‍රදේශයේ ජනතාව සඳහා වෛද්‍ය කඳවුරක් ද පැවැත්වීම එම සංගමය කටයුතු සංවිධානය කර තිබිණි. 



අදහස් (9)

චේ ගුවෙරාගේ 51 වැනි ගුණ සැමරේ

කමල් Monday, 08 October 2018 03:04 PM

චේ ගුවේරා කියන්නේ බොරු වීරයින්... දැන් ඒ රටේ ගිහින් ඇහුවොත් ඔය කරපු බොරු විප්ලවය හින්දා ඇත්තටම රට වැඩිපුර ඉස්සරහට ගියාද? නැත්තං තිබ්බ නිදහසත් නැති වුණාද කියලා හොඳට කියයි. අනික මේ ගොල්ලන් 89 රට පැන්නේ මහරැජින ඉන්න තැනට. නිදහස් අධ්‍යාපනය ගැන කෑගැහුවට කන්නන්ගර මහත්තයා සමරන්න කිසිම දවසක ඉදිරිපත් වෙලානෑ. අපෙ ළමයි විතරක් නෙවෙයි... ළමයින්ගෙ ළමයි වුණත් පිං දෙන්න ඕනෑ කන්නංගර මහත්තයාට. මොන වැරැද්ද තිබුණත් දැන් ජනාධිපති විතරයි කන්නංගර මහත්තයාගේ රටට වෙච්ච අසමසම සේවයට පළමු වතාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ කන්නන්ගර ස්මාරකය හැදුවේ...

:       1095       418

erdiMonday, 08 October 2018 05:44 PM

කමල් චේ ගුවේරා ගැන නොදන්නා දේවල් ප්‍රසිද්ධ මාධ්‍යයක කරුණු දක්වන්න කලින් හය හතරවත් ලියන්න කියන්න පුරුදුවෙන්න.

:       144       401

කාන්ති දියලගොඩ Monday, 08 October 2018 07:16 PM

erdi, ඔබගේ කියමන ඇත්ත, කමල් චේ ගුවේරා කියන්නේ තම ජිවිතයම අධිරාජ්‍යවාදීනට විරුද්ධව කැපකළ අවසානයේදී අධිරාජ්‍යවාදීන් අතින් මිය ගිය ශ්‍රේෂ්ට විප්ලව වාදියෙක්. යමක් ගැන ලියන්නට කලින් ඒ ගැන හොඳට හොයා බලන්න.

:       3       219

ධනුෂ්කTuesday, 09 October 2018 02:42 PM

දැන් කමල් කියන්නේ බැටිස්ටාගේ කාලේ කියුබාව හොඳයි කියලද. කියුබාවට ගොඩ එන්න බැරි වුනේ අැමරිකානු සම්බාධක නිසා. එහෙම වුනත් ධනපති ලංකාවට වඩා ඔවුන් ඉදිරියෙන් ඉන්නේ. ටිකක් පොතපත බලන්න. යුද්ධ කරන, විප්ලව කරන හැම කෙනාටම වීරයෙක් වෙන්න බෑ. ඔවුන් සටන් කලේ මානව හිතවාදි උතුම් අරමුණක් මත. රටේ දුක් විඳින වැඩ කරන බහුතර අහිංසක ජනතාව වෙනුවෙන්. තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් නොවේ. ඔහුට ලැබුන අැමතිකම පවා පසෙක තබා තවත් රටක ජනතාව වෙනුවෙන් තම ජීවතය පූජා කලා. කියුබාවෙත් ඔහු සතුරකු ලෙස දකින සුලු පිරිසක් සිටියා. අනික් රටවල් කොහොමත් එම පන්තියට ඔහු සතුරක් තමා.

:       1       7

AbaranTuesday, 09 October 2018 10:50 PM

කමල්ගේ නොදන්නාකම් බොහෝය.අපේ රටේ ඉතිහාසය හරි හැටි නොදත්තෙක් කියුබාව ගැන කියනු හාස්‍යයට කරුණකි.

:       0       0

ලතීනුවා Monday, 08 October 2018 06:59 PM

අපිට දියුණු බසක් තිබියදී ඇයි අපි මෙලෙස වැරදි උච්චාරණ වල යෙදෙන්නෙ? මොහුගේ නියම නම ශබ්ධ වන්නේ චේ ගුවේරා ලෙස නොව චේ ගෙබාරා ලෙසය. තරමක් හාස්‍ය උවද සත්‍යය උච්චාරණය එයයි. මෙය ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ නමකි. ඉංග්‍රීසියෙන් ශබ්ධය පෙරලීම සුදුසු නොවේ.

:       59       11

DHANESHA Tuesday, 09 October 2018 04:56 AM

කමල් නොදන්න කම ප්‍රදර්ශනය කරන්න එපා, පොත පත කියවලා බලන්න.

:       85       369

sanjeewa Tuesday, 09 October 2018 09:05 PM

වැඩේ කියන්නේ මේකට ඇවිල්ල ඉන්නේ තමුන්ගේ නායකයා මැරුවේ කොහොමද කියල හොයන්න කිසිම උනන්දුවක් නැති කට්ටියනේ. ඒ වුනාට වෙන රටක විප්ලව කරයෙක්ගේ ගුණ සමරනවා. අඩු ගානේ නායකයාගේ පවුල ආරක්ෂා කරනවද? පොත් ටිකත් හොරෙන් ගහල විකුනනවා.

:       0       0

අල්විස් Tuesday, 09 October 2018 11:57 PM

චේ ගවේරා හින්දා ලංකාවේ අපේ තරුණ කොල්ලෝ කී දාහක් මැරුණද ? අන්තිමේදී නටපු නැටුමකුත් නැහැ . බෙරේ පලුවකුත් නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18144 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site