IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


චිත්‍රපට ජවනිකාවක් නොවේ

(බිමල් ශ්‍යාමන්- ජයසිංහ)

හොරයින් මත්කුඩු පාර්සල් දෙකක් රැගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෝටර් රථයෙන් පලා යද්දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී ඔහු අල්ලා උත්සාහ කිරීමේදී සැරයන්වරයා ද රැගෙන මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් මෝටර් රථය වෙට්ටුවක් දමා සැරයන්වරයා බිමට වැටීමට සලස්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පළා යාමේ සිද්ධියක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොලිස්  අත්අඩංගුවේ සිටි මත්ද්‍රව්‍ය ලබාදීමට පැමිණි තීරෝද රථ රියැදුරු ද එම කලබලය ඔස්සේ පලා ගොස් ඇතැයි එම නිලධාරියා කීය

මෙම අවස්ථාවේදී වැටලීමට ගිය කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සතුව ගිනි අවියක් තිබී ඇතත් ඔහු එම ගිනි අවිය පරිහරණය කර නැතැයි පොලිස් උසස් නිලධාරියෙක් පැවැසීය.

නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ තිබෙන කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව වැටලීමට ගිය අවස්ථාවේදී  රාජගිරිය ඔබේසේකරපුර හන්දියේ දී මෙම සිදුවීම සිදුවී ඇතැයි පොලිසිය කියයි

මෝටර් රථයෙන් බිමට වැටීමෙන් පොලිස් සැරයන්වරයාගේ හිසට සහ පාද වලට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඔහු නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් වී ඇත

සැරයන්වරයාගේ හිසට මැහුම් ද දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි

වැටලීමට ගිය පොලිස් කණ්ඩායම එම ස්ථාන ළඟා වන අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරු මත්කුඩු පාර්සල් දෙකක් මෝටර් රථයේ රියැදුරු වෙත ලබාදෙමින් සිට ඇතැයි පොලිසිය කියයි

පොලිස් නිලධාරීන් එසැනින් ක්‍රියාත්මක වී ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන මෝටර් රථයේ පැමිණි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා මෝටර් රථය වට කිරීමත් සමඟම ඔහු මෝටර් රථයේ දොරවල් අගුළු ලාගෙන තිබු බව පොලිසිය කියයි

එසැනින් මෝටර් රථය පණගන්වා ගත් මෝටර් රථයේ සිටි පුද්ගලයා එය ඉදිරියට ධාවනය කිරීමට සූදානම් වීමත් සමගම වැටලීමට ගිය සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත පැන ධාවනය වීම වැළැක්වීමට උත්සාහ කළත් නොනවත්වා කිලෝමීටරයක් පමණ මෝටර් රථය ධාවනය කර වරින්වර මෝටර් රථයේ තිරිංග තද කරන ගමන් වෙට්ටු දමා සැරයන්වරයා බිමට වැටීමට සලස්වා ඇතැයි පොලිසිය කියයි

එහිදී මහත් ආයාසයෙන් මෝටර් රථයේ ඉදිරිපස වෙරෙන් අල්ලා ගැනීමට උත්සහ දැරුවද වේගයෙන් මෝටර් රථය ධාවනය වීම හේතුවෙන් එය අල්ලා ගැනීමට නොහැකිව අනතුරුව පැති කණ්නාඩි කන්නාඩියක් අල්ලා ගෙන ඇතැයිද එම අවස්ථාවේදී නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු එකවරම තිරිංග තද කිරීමත් සමගම සැරයන්වරයා බිමට වැටී ඇති අතර ජාවාරම්කරු ඊයක වේගයෙන් මෝටර් රථය පදවා පලාගොස් තිබූ බවත් පොලිස් නිලධාරියා පැවසීය

මෙම සිදුවීම අවට තිබෙන සිසිටිවි කැමරා කිහිපයකම සටහන්ව ඇතැයි ද ඊට අමතරව චිත්‍රපටියක් යයි සිතූ ජනයා තුෂ්නිම්භූතව බලා සිට ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය

මේ පිළිබඳ වැටලීමට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ විමසීමේදී මේක සුළු සිදුවීමක් එච්චර දෙයක් නැහැ යැයි පැවසීය

 

 



අදහස් (24)

චිත්‍රපට ජවනිකාවක් නොවේ

susantha Monday, 20 September 2021 09:04 PM

පොඩ්ඩෝ ඔහොම මහන්සි උනාට ලොක්කෝ මහන්සි වෙන්නේ නෑ ,ඒකනේ ගිනි අවියක් තිබිලත් අඩුම ගානේ රෝදෙකටවත් වෙඩි තියලා නැත්තේ .පොලිස් ලොක්කෝ සහ කුඩු මුදලාලිලා අතර තියෙන සම්බන්ධතා දන්නෝ දනිති

:       1       40

Sk Monday, 20 September 2021 09:08 PM

හරියට ජෝක් එකක් වගේ, පොලිසිය මේ තරම් දක්ෂද ?

:       17       2

පැරකුම් Monday, 20 September 2021 09:34 PM

අපරාදෙ අවංක නිලධාරි දිවි පරදුවට තබා අල්ලන කුඩුවලට මොකද වෙන්නෙ? මහ පරිමාන කුඩ්ඩෙකුට දඞුවම් කල බවක් අහල තියනවද? නිකං මාධ්‍ය සංදර්ශන විතරයි. අපි ඊළග කොටස එනකං බලා ඉන්නවා. එච්චරයි.

:       23       13

ana Tuesday, 21 September 2021 01:17 AM

රාජකාරියට ඔහු තුළ වූ කැපවීමට ජාතියම ප්‍රණාමය පුදකළ යුතුයි.

:       0       43

sunil gikiyanage Tuesday, 21 September 2021 01:29 AM

පේන හැටියට ගිය උසස් නිලධාරීන් මේ පොලිස් නිලධාරියාව කුඩුකාරයාට පාවා දීලා වගේ... කුඩු කාරයාව නොඇල්ලීමට කලින්ම තීරණය කරලයි තියෙන්නේ. මේ නිලධාරියා ඒක දැනගෙන ඉඳලා නෑ වගේ...

:       0       25

ගජමෑන් Tuesday, 21 September 2021 05:57 AM

උසස් පොලිස් නිළධාරියෙකු අත ගිනි අවියක් තිබී ඇත. මේක සුළු සිදුවීමක් යැයි උසස් නිළධාරියා පවසා ඇත. සැරයන් වරයා සමග උසස් නිළධාරියා අමනාපයෙන්වත් සිටියාද සැකයක්ද නැතහොත් කුඩු ජාවාරම්කරු බේරා ගැනීමේ අවශ්‍යතාවක් තිබුනේද ලෙස සැකයන් ඇතිවේ යම් ලෙසකින් සැරයන් වරයා මිය ගියේ නම් අසරණ වෙන්නේ කවුද අඩුම තරමින් කාරයේ ටයරයකටවත් වෙඩි තියන්න හැකියාවක් නොතිබුනේද පැහැදිලි නැහැ.

:       0       13

චන්දිම Tuesday, 21 September 2021 07:28 AM

සුළු දෙයක් වේවි අන්තිමට අර බොනට් එකේ ගිය සැරයන් වරයා වාහනයට අහුවෙලා ජිවිත හානි උනානම්. දැනටමත් තුවාලයි නේද? ඔය වැඩේ තිබුනේ STF අයට බාර දෙන්න.

:       0       18

samare Tuesday, 21 September 2021 08:44 AM

මේ පිළිබඳ වැටලීමට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් කළ විමසීමේදී මේක සුළු සිදුවීමක්... එච්චර දෙයක් නැහැ.. යැයි පැවසීය.. අනිවාර්යයෙන් දේශපාලකයෙක් ඇති ගෑවිලා...

:       0       17

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 21 September 2021 08:58 AM

මේ එඩිතර පොලිස් නිලධාරියා අගැයීමට ලක්කොට තනතුර ඉහළ දැමිය යුතුයි.එසේම, රාජකාරියේදී,අලස බවක් පෙන්වූ නිලධාරියා සම්බන්ධව පරීක්ෂණ සිදු කළ යුතුය.

:       0       24

Lal Tuesday, 21 September 2021 08:59 AM

මෙවැනි වීර පොලිස් නිලධාරීන් අපට සම්පතක්. පොලිස් නිල දරුවන්ගේ රාජකාරියට අභියෝග කළ ඒ වාහනය පදවපු කෙනා ළඟ හංගපු ආයුධ හුඟක් ඇති.

:       0       13

buruva Tuesday, 21 September 2021 09:13 AM

උසස් නිලධාරියා අත්අඩංගුවට ගත යුතුය. මේවා ඔහුගේ ව්‍යාපාරයක් බව පෙනෙනවා.

:       0       18

janahitha Tuesday, 21 September 2021 09:15 AM

ලංකාවේ ඔහොම තමයි... අයි ඩෝන්ට් නෝ වයි..? පුළුවන් තරම් නූගතුන්, බාර් කරුවන් පාලන කේන්ද්‍රයට යොමු කළ මෝඩ ජනතාවනි...

:       0       17

Nuwan Tuesday, 21 September 2021 09:21 AM

සරත් වීරසේකර ඇමතිතුමාට මේ දවස්වල ඕවා ගැන හොයන්න වෙලා නෑ.. ආපහු පාරක් කොටි නැගිටිනවෝ නාට්‍යයේ පිටපත ලියන්නයි, බෝම්බ හංගන්නයි තියෙනවා..

:       28       23

Senarath Tuesday, 21 September 2021 09:30 AM

මේ වැටලීමට ගිය පොලිස් ලොක්කා ගැන සැකයක් ඇතිවෙනවා. ඔහුට මොවුන් සමග යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. මේක කොහොමද සුළු සිදුවීමක් වෙන්නේ? ඒ වගේම ඔහු ගිනි අවිය පාවිච්චි නොකළේ මන්ද?

:       0       22

Karunajeewa Tuesday, 21 September 2021 10:09 AM

ඒක සුළු සිදුවීමක් කියා විග්‍රහ කරන උසස් යයි කියන පොලිස් නිලධාරියා ැක සහිතයි.. ඔවුන් ට ගිනි අවි දෙන්නේ මීවගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න සහ වාහනය ලුහු බැඳපු සාජන් වරගේ ජීවිතය ගැනවත් උනන්දු නොවූ නිසා...සැකය තවදුරටත් වැඩි වෙනවා..

:       0       7

පැරතුම් Tuesday, 21 September 2021 12:44 PM

මතුපිටින් පෙනෙන දේට වඩා යමක් යටින් සිදුවන බව ඉතා පැහැදිලියි. කවුරු බලයට ආවත් එච්චරයි. රටේ අනාගත පරපුරේ අවාසනාව...

:       1       18

godfrey Tuesday, 21 September 2021 01:45 PM

තම ජීවිතය ගැන නොතකා තම රාජකාරිය අකුරටම ඉටුකරන්න ගිය ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි...

:       0       15

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 21 September 2021 01:49 PM

මේ වගේ ජේ්‍යෂ්ඨ නිලධාරින් නිසා තමයි පොලිස් සේවයේ නිරතවන ශේෂ්ඨ නිලධාරීන් විනාශයට පත් වෙන්නේ... අනිවාර්යයෙන්ම මෙම නිලධාරියත් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ඇති... ගිනි අවියකුත් අතේ තිබ්බා නම් ඇයි අවම බලයක්වත් මේ ජාවාරම්කාරයාට එරෙහිව තමන්ගේ සගයාව බේරගන්න භාවිතා කළේ නැත්තේ... මොවුන් මුළු පොලිස් දෙපාර්තමේන්තුවට විතරක් නෙමේ මුළු රටටම ලැජ්ජාවක්... තම ජීවිතයත් පරදුවට තබලා කළ වීර ක්‍රියා වෙනුවෙන් අර විරෝදාර මහත්මයාට තෙරුවන් සරණින්ඉක්මන් සුව අපි ප්‍රාර්ථනා කරමු...!

:       0       9

nimal karunaratne Tuesday, 21 September 2021 02:10 PM

ඉතාමත් සැකසහිතයි........උසස් පොලිස් නිලධාරියා මේකට සම්බන්දයි.... මේ වැටලීමට ගිය පොලිස් ලොක්කා ගැන සැකයක් ඇතිවෙනවා. ඔහුට මොවුන් සමග යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. මේක කොහොමද සුළු සිදුවීමක් වෙන්නේ? ඒ වගේම ඔහු ගිනි අවිය පාවිච්චි නොකළේ මන්ද?

:       0       9

sarath perth Tuesday, 21 September 2021 03:16 PM

උසස් යයි කියාගත් පොලිස් නිළදාරියට කැටපෝලයක් දිය යුතුයැයි යෝජනා කරමි

:       0       10

ගාමා Tuesday, 21 September 2021 04:27 PM

පොලිස් ලොක්කන් තමයි ඔක්කෝම කරන්නේ...!

:       0       3

thilak Tuesday, 21 September 2021 04:37 PM

අපි හිතුවේ ගාමිණියි, විජේයි කියලා..

:       1       1

amila Tuesday, 21 September 2021 06:24 PM

ඇයි මේ බොනට් එකේ යන්නේ? ඇතුලේ ඉඩ තිබුණේ නැද්ද?

:       0       1

ganegoda Tuesday, 21 September 2021 07:51 PM

මෙව්වා අපේ පාලනයේ වැරැදි... තාම අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ ‘‘නවතිනු‘‘ කිව්වාම නවතින්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35892 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site