IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජාජබ ජන ගඟ නුගේගොඩ දෙසට

(මුදිතා දයානන්ද)

බඩු මිල ඉහළ යාම ඉන්ධන හිඟය ඇතුළු ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටළුවලට වහා විසැඳුම් දෙන්නැයි බල කරමින් ජාතික ජනබලවේගය දෙල්කඳ පොළ අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වන විට නුගේගොඩ දෙසට ගමන් ගනී.

ජාතික ජනබලවේගයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විරොධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.

ඡායාරූප ළහිරු හර්ෂණ



අදහස් (49)

ජාජබ ජන ගඟ නුගේගොඩ දෙසට

Bamunuarachchi Wednesday, 23 March 2022 04:30 PM

දැන් ඉතිං ජාතික ජන බලවේගය හැර ශ්‍රී ලාංකීය ජනතාවට වෙන විසඳුමක් නැත. ජාතික ජනබලවේගයට ජයවේවා...!

:       245       139

ManjulaWednesday, 23 March 2022 05:15 PM

ගමක්, ගමක් ගානේ..., නගරයක්, නගරයක් ගානේ ජනතාව අද ජවිපය වටා එකතු වෙනවා.

:       155       105

BamunuarachchiWednesday, 23 March 2022 06:01 PM

හුළං තදයි.., සැර විදුලි කොටයි... මහ හෙනයක් බොල මේ එන්නේ... හෙනයක් වදිලවත් මොවුන් නවතිනවා නම් රටට සෙතක්...

:       67       122

HemaWednesday, 23 March 2022 05:42 PM

නැතුව ඉතින් පුතාණෝට තේරෙනවද රටක් පාලනය කරන්න..? අනුර කුමාර බුද්ධිමත්..., නොකිළිටි නායකත්වය...!

:       43       61

BamunuarachchiWednesday, 23 March 2022 05:58 PM

බඩුමිල ඉහළ යාමට රැකියාවල් නැතිවීමට ප්‍රධාන හේතුව ජෙප්පන්... ජෙප්පන්ට පුළුවන්ද රැකියා සපයන්න? ජෙප්පන්ට පුළුවන්ද රටට ඩොලර් සපයන්න? ජෙප්පන්ට පුළුවන්ද රටට ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ ගෙන එන්න? ජෙප්පෝ බලයට ආවා කියලා අපිට තෙල් ලැබෙනවාද? අපිට පිටි ලැබෙනවාද? බැහැ. එහෙනම් මේ අය මොකටද පෙළපාලි යන්නේ? මේ අයගේ මේ උද්ඝෝෂණ දකින ව්‍යාපාරිකයින් ආයෝජකයින් මේ රටට ඒවිද? අපේ මිනිස්සු ව්‍යාපාර පටන් ගනීවිද? විකාර...

:       79       190

ajithWednesday, 23 March 2022 07:33 PM

මේ අයට පුළුවන් වැඩ වර්ජනය කරන්නට...

:       48       107

anaThursday, 24 March 2022 12:54 PM

ඔයා කියන දේ අනෙක් අයට බැරි බව ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා. ජෙප්පන්ට බෑ කියලා කියන්ට ඒ අය බලේට ආවායැ. අනේ බමුණෝ ඔය තියෙන්නේ වහල්කම...

:       36       8

මාදවSaturday, 23 April 2022 03:51 AM

අනේ...! මේ හැට පැන්න වඳුරෙක්ද කොහෙද? මොලේ එක පැත්තයි වගේ වැඩ කරන්නේ. පේන හැටියට රාජපක්ෂ සුවඳ තාම හොදටම දැනෙනව වගේ. අනුරගේ විදෙස් ප්‍රතිපත්තිය / ආර්ථික ප්‍රතිපත්තිය බැලුවද? ඒක මේ මහින්දගේ ණය ආශ්චර්ය වගේ නෙමේ... ඒකේ තියෙනවා ඩොලර් ගේන්නේ කොහොමද කියලා. තොරතුරු තාක්ෂණය/ පුහුණු ශ්‍රමිකයින්/ කර්මාන්ත වැඩි විස්තර හොයල දැන ගන්න. හොයා ගන්න අමාරු නම් කියන්න. ඒකත් හරියට කියන්නම් පොයින්ට් එකටම. පොඩ්ඩක් බලන්න ඒවාත්...

:       0       0

චන්දන Wednesday, 23 March 2022 09:31 PM

මේ වගේ රැලි කලිනුත් අපි දැකලා තිබෙනවා. ඉලෙක්ෂන් එන්නේ තව අවුරුදු 3ක් විතර... ඒ වෙ⁣නකොට මේ රැලිවලට මොකක්ද වෙන්නේ කියල හිතන්න පුළුවන්... ⁣කවුරු කැමති අකැමැති වුණත් තට්ටු මාරු ක්‍රමය විතරයි තියෙන්නේ... ලෝක බලවතුන්ට අවශ්‍ය විදියට පාලන මෙහෙය වනවා. ඒක වළකන්න තියෙන එකම ක්‍රමය මෙයාලට ඔය තට්ටු 2න් එකකට සක්කයක් ගහලා තමන්ගේ වැඩි පිරිසක් රිංගවාගන්න එක. මීට කලින් 40 ගත්තු විදියට... ඉන් පස්සේ තම බලය එම තට්ටු තුළ පෙන්නන්න පුළුවන්... එහෙම නැතිව 3% තියාගෙන ඒක 50 දක්වා වැඩිකරන එක හීනයක් විතරයි...

:       21       57

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 March 2022 04:30 PM

"බඩුමිල බොහෝ ඉහළට යන බව ඇත්ත... මහජන සුවය මත නොගනිමි මම පැත්ත ... නිල් කොළ රතු ඇතුළු සැමගේ ගතයුත්ත ... බලයට පැමිණි විට පෙනෙනුයේ බබෙකිය තොත්ත ... "

:       9       52

යෝගා Wednesday, 23 March 2022 04:38 PM

මුලු රටේම ඉන්න පාක්ෂිකයන් ගෙන්නලා මෝඩ වැඩ ගන්නවා. අනිත් පක්ෂ වගේමයි කිසි වෙනසක් නෑ.

:       36       73

Sanath Kandy Wednesday, 23 March 2022 04:45 PM

ජයවේවා...! අපිට දැන් ඇති එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගයයි.

:       69       47

Nissanka Wednesday, 23 March 2022 04:49 PM

මේ මිනිස්සු කිව්ව දේ ඇහුවා නම් අපේ රටට මෙහෙම කාලකණ්ණි යුගයක් එන්නේ නැහැ..

:       56       45

මැක්ස් Wednesday, 23 March 2022 04:50 PM

සර්ව පාක්ෂික සමුළුවට ගිහින් තමන්ගේ විසඳුම මේකයි කියලා කියනවාට වඩා මේක කොච්චර ලේසිද?

:       54       119

LalithaWednesday, 23 March 2022 05:26 PM

විසඳුම් මොනවද කියලා ජවිපය ප්‍රසිද්ධ වේදිකාවේ කියලා තියෙනවා. ඔය හොර නඩේට ඒ විසඳුම් ක්‍රියාත්මක කරන්න බැහැ...

:       63       49

EkanayakaWednesday, 23 March 2022 05:28 PM

රට විනාශ කරපු අය සේරම සර්ව පාක්ෂික සමුළුවට ඇවිත් ඉන්නවා. මොන විහිළුවක්ද?

:       50       39

MenikeWednesday, 23 March 2022 05:31 PM

විසඳුම හොරු රැළ එළවලා රටට ආදරේ කරන පිරිසකට රට බාරදෙන එක...

:       47       42

Bandara Wednesday, 23 March 2022 04:51 PM

හැමදාම ජවිපය වෙනුවෙන් අරගල කළේ ජවිපය විතරයි...අනිත් හැම කෙනාම දේශපාලනයට ආවේ හම්බ කරන්න.

:       103       76

BandaraWednesday, 23 March 2022 05:33 PM

ජනතාව වෙනුවෙන්...!

:       57       39

Jagath Wednesday, 23 March 2022 04:55 PM

අද නුගේගොඩ එකම ජන ගංගාවක්.. බස් දාලා සෙනඟ ඇද්දේ නැහැ, අරක්කු දුන්නේ නැහැ, සල්ලි දුන්නේ නැහැ, බීලා නටන අයත් නැහැ. කොහොමද වෙනස...?

:       88       80

HemalWednesday, 23 March 2022 05:19 PM

තවත් කඩේ යන්න නම් මිනිස්සු නෑ. මව්බිමේ අභීත නායකත්වය අනුර කුමාර දිසානායක...

:       43       35

Chandrika Wednesday, 23 March 2022 05:01 PM

අරක්කු ටිකට, කෑම පාර්සලේට ආපු ජනතාවක් නෙවෙයි මේ.. සැබෑවටම රටට ආදරේ මිනිස්සු.

:       116       75

BamunuarachchiWednesday, 23 March 2022 06:07 PM

මොවුන්ගේ ආදරෙන් රටට වැඩක් නැහැ කියන්න ජෙප්පන්ට පුළුවන්ද? රටට ඩොලර් සපයන්න? ජෙප්පන්ට පුළුවන්ද රටට ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ ගෙන එන්න..? ජෙප්පන් බලයට ආවා කියලා අපිට තෙල් ලැබෙනවද? අපිට පිටි ලැබෙනවද? බැහැ. එහෙනම් මේ අය මොකටද පෙළපාලි යන්නේ? මේ උද්ඝෝෂණ දකින ව්‍යාපාරිකයින්, ආයෝජකයින් මෙරටට ඒවිද? අපේ මිනිස්සු ව්‍යාපාර පටන් ගනීවිද? ඒවාටයි උත්තර ඕනේ... රට වටේ කෑගැහුවා කියලා අපි මොවුන්ට ඡන්දේ දෙන්නේ නැහැ...

:       48       97

දාසWednesday, 23 March 2022 07:26 PM

බමුණු මල්ලි සද්ද කරන්න එපා. මේ අය කෑගහලා යයි. මොකද මල්ලිගේ ලොක්කා අපිට දැනටමත් අවශ්‍ය ඔක්කොම දීලා තියෙනවානේ.... අපි සැපෙන් ඉන්නවානේ... ඒ හින්දා මල්ලි කමෙන්ට් දාන්නේ නැතිව, රාජපක්ෂලට පහනක් පත්තුකරලා වඳින්න.

:       57       47

Senevi Wednesday, 23 March 2022 07:38 PM

දැන් ඉතින් ජවිපෙ ආණ්ඩුවක් නෙමෙයිනේ, එහෙනම් ඔබ කියන ආයෝජන, ඩොලර් ඇති තරම් තියෙන්න එපායැ...

:       48       41

BamunuarachchiThursday, 24 March 2022 07:52 AM

දාස අයියා දැන් ඉන්න ලොක්කා මේ ආර්ථිකය කඩාවැටීමට මේ අවුරුදු දෙකට කළ වින්නැහියක් නැහැ. කළා නම් කියන්න. දාස අයියා දන්නවා නේද නිධන්ගත රෝග තිබෙන කෙනෙකුට කොරෝනා වැළඳුනොත් ඒ තැනැත්තා නැතිවෙන බව.. කොරෝනාව නිසා අපේ නිධන්ගත රෝගී ආර්ථිකයත් නැත්තටම කඩා වැටුණා. අන්න ඒ නිසයි අපිට මෙහෙම වුණේ. ඒ නිසා ජෙප්පන්ගේ අවසර ලැබුණා කියලා අනුරගේ පැණියෙන් මේ ආර්ථිකය ගොඩගන්න බැරි බව අපි දන්නවා. නමුත් පැණිය පස්සේ දුවන ජෙප්පන් ඒක දන්නේ නැහැ. ජෙප්පන් අහන්නෙත් නැහැ. අනුර සහෝදර, මචන් ඔබ කොහොමද රටට ඩොලර් හොයන්නේ කියලා. කාල්මාක්ස්ගේ පොතේ ඩොලර් හොයන හැටි කියලා නැහැ. තිබෙන එකාගේ දේපල උදුරාගන්න හැටි නම් කියලා තිබෙනවා. පොඩි ජෙප්පෝ බලාගෙන ඉන්නේ එහෙම උදුරලා අපිට බෙදා දේවි කියලා. සරදියල් ආණ්ඩුවක් ඒවි කියලා.

:       2       0

ගමේ එකාලාThursday, 24 March 2022 04:14 PM

දූෂිත පවුල් පාලනේ කරලා තියෙන හරිය දැන් ලෝකෙටම පේන්න තියෙනවා... මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ නිසා රට වලපල්ලටම ඇදලා දැම්මා. ඩොලර් නම් ඇති පිටරටවල හංගලා. වහල්ලුන්ට නම් මොකද?

:       20       6

Kumara Wednesday, 23 March 2022 05:12 PM

මේ වටිනා මිනිසුන්ව 3%ට ඇදලා දාපු අපිට හොඳ පාඩම... දැන්වත් ඒ වරද නිවරැදි කරමු.

:       94       80

Kumudu Wednesday, 23 March 2022 05:21 PM

අනුර කුමාර දිසානායක සහෝදරයා... රටේ එකම බලාපොරොත්තුව ඔබයි.

:       56       32

BamunuarachchiThursday, 24 March 2022 08:06 AM

මොනවද එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ? එයා බලයට ආවාම ලෝකෙන්ම අපට නොමිලේ තෙල්, පිටි, සීනි,රෙදි, බෙහෙත් ලැබෙනවද? අනුර සහෝදර මචං කොහොමද තෙල්, පිටි, සීනි, රෙදි, බෙහෙත් රටට සපයන්නේ?

:       4       0

Kanthi Wednesday, 23 March 2022 05:31 PM

දැන් ඉතින් පොහොට්ටු ආණ්ඩුවට අබ සරණයි. ඒ වගේම රාජපක්ෂලාගේ සහ හෙංචයියලාගේ කාලෙත් ඉවරයි.

:       36       30

Bamunuaarachchi Wednesday, 23 March 2022 05:47 PM

ජවිපයට ජයවේවා...! අනුර කුමාර සාදරයෙන් පිළිගනිමු...!

:       39       30

BamunuarachchiThursday, 24 March 2022 07:54 AM

හෙන 14 ම වැදියන් මේ ජෙප්පන්ට...

:       4       0

Nandana Wednesday, 23 March 2022 05:48 PM

හදවතින්ම ශ්‍රී ලාංකිකයි.

:       29       20

Kassperera Wednesday, 23 March 2022 06:00 PM

සුපුරුදු ලෙසම 3% වෙලා. රට ඉන්න යාළුවන්ගෙන් ඩොලර් 500 ගානේ ගෙනැල්ලා ප්‍රශ්නේ විසඳනවා ඇර වෙන වැඩ පිළිවෙළක් නෑ. ආර්ථිකේට වඩා මිනිස්සුන්ගේ ජීවිත වටිනවා කිය කිය රට වහන්න කියපු, වැහුවේ නැත්නම් බලෙන් වහනවා කියපු, කර්මාන්ත ශාලා වහන්න කියපු, සංචාරකයින් ගෙන්නන්න එපා කියපු 5000 මදි 10000 ඕන කියපු ජෙප්පන් එදා ඉඳන්ම කරලා තියෙන්නේ අද රට මේ තත්ත්වයට පත් කරන්න ඕන කරන කූටකකම්... ඒ මේ රටේ මිනිස්සුන්ට අර්බුදය ගොඩනගලා ඒ මතින් තමන්ගේ නරුම, අධම, නිහීන, කුහක දේශපාලන ඕනෑ, එපාකම් ඉශ්ඨ කරගන්න. මෙයාලාට කවමදාවත් ලොකු බලයක් ලැබෙන්නේ නෑ. ඒ මුවහම පොරවාගෙන මේ රටට වැඩියෙන්ම විනාශය ගෙනැල්ලා තියෙන්නේ පක්ෂයක් හැටියට මෙයාලා නිසා. ඉතිහාසය පුරාම මේ පක්ෂයේ කතා අහලා, ලණු කාලා තමයි රටට මෙහෙම වුණේ...

:       34       80

සෙනෙවිරත්න Wednesday, 23 March 2022 07:40 PM

ජවිපෙට පෙළපාලි යන්න අවශ්‍ය නැහැනේ... ඉන්න අය හරියට කළා නම් නේද හොඳ ? තවත් රැවටෙන්නේ නැතිව ජවිපෙට එකතු වෙන්න...

:       59       30

BamunuarachchiThursday, 24 March 2022 08:02 AM

හලෝ දැන් ඉන්න ලොක්කා මේ ආර්ථිකය කඩාවැටීමට මේ අවුරුදු දෙකට කළ වින්නැහියක් නැහැ. කළානම් කියන්න. ඔබ දන්නවා නේද නිධන් ගත රෝග තිබෙන කෙනෙකුට කොරෝනා වැළඳුනොත් ඒ තැනැත්තා නැතිවෙන බව... කොරෝනාව නිසා අපේ නිධන්ගත රෝගී ආර්ථියත් නැත්තටම කඩා වටුණා. මේක 1977 සිටම වැටුණු ආර්ථිකයේ අන්තිම කඩා වැටීම. මේකට 1977 සිට පාලනය සෑම දේශපාලුවාම වගකිව යුතුයි. විශේෂයෙන් ජෙප්පන් වගකිව යුතුයි. ජෙප්පන් විදේශීය ආයෝජකයින් පන්නා දැමුවේ නැතිනම්, මරා දැම්මේ නැතිනම් ජේ.ආර්. ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් රටට වටිනා ප්‍රයෝජන ගන්න තිබුණා. අපි ඇත්ත කතාකරමු...

:       3       0

විපරමා Thursday, 24 March 2022 08:09 PM

අතීතයේ එව්වා ගැන කිව්වා කියලා වැඩක් තියේවිද? දැන් ඉන්න පාලකයින් කියලා නිකම්ද? බලලෝභී දූෂිතයින් බලයට එන්න ගහපු ගේම්, කරපු, කියපු දේවල් හරිද? කරන්ඩ තියෙන්නේ අතිතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන හිතාබලා අනාගතයේ බුද්ධිමත් තීන්දුවක් ගන්න එකයි.

:       11       6

Bamunuarachchi Wednesday, 23 March 2022 06:15 PM

නලාකාරයා පස්සේ ගිය මීයන් රැළ මතක්වෙනවා...

:       35       66

ShanThursday, 24 March 2022 01:56 AM

මොලේ නැහැ. නායකයා උසි කියපු ගමන් බුරාගෙන බුරාගෙන යනවා..

:       1       0

ජනිත Wednesday, 23 March 2022 06:48 PM

මේ ආණ්ඩුව ගෙදර යවමු.

:       50       42

Nihal Wednesday, 23 March 2022 09:31 PM

අපි තීරණය කළා මාලිමාවට දෙන්න... අපේ පවුලෙම අය 60ක් ඉන්නවා...

:       44       24

gunarathnaThursday, 24 March 2022 07:53 AM

එහෙමනම් අනුරට බයවෙන්න දෙයක් නැහැ. 60ක්ම ඉන්නවනේ. තව ඕනැ කරන්නේ 9නේ.. එතකොට 69 ය හරි..

:       2       0

BamunuarachchiThursday, 24 March 2022 08:11 AM

පවුලේ 60 කට කන්න බොන්න දෙන්න ගියාම රටකට හරියාවිද? මෙයා හිතාගෙන ඇති මාලිමාව බලයට ආවාම දරුවෝ දෙන්නෙක් පවුල් වලින් උදුරා මේ 60ට කන්න දේවි කියලා. අපි නම් දෙනවා තියා හිතන්නේවත් නැහැ...

:       1       0

Rohana Wednesday, 23 March 2022 10:05 PM

මේ දෙගොල්ලන් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. රට ආර්ථික අතින් අන්ත ප්‍රපාතයකට දැම්මා. ජවිපෙ රට හදන්න ඉල්ලන නිසා වරක් බලය දීලා බලමු. මෙයාලත් රට කෑවොත් ජනතාවට දෙවියන්ගේම පිහිටයි.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 March 2022 07:44 AM

ජාජබයේ හා සජබයේ මේ නැඟී එන ප්‍රවණතාව ඉතා හොඳ එකක්. රජයට එරෙහිව හොඳ බලපෑමක් සිදුකළ හැකියි. එය ජනතාවගේ පැත්තෙන් හොඳ දෙයක්. ඒත් රැස්වීම් වලට පෙළපාලි වලට එන සෙනගෙන් ඒවා සියල්ල ඡන්ද කියා හිතන්නට බැහැ. ඉස්සර මේ රැස්වීම්වලට, උද්ඝෝෂණවලට කොපමණ සිටියද? ඒත් ඡන්ද නොලැබී ගියේ පුදුම විදිහට. පෙනීයන ආකාරයට රජය ඉවත්වෙන බවක් පෙනෙන්නේ නැහැ. එසේ වුවහොත් රටේ තරුණ පරපුර අරගල කරණා මට්ටමට පත් නොකොට තම බලය ඉදිරි ඡන්දයේදී පෙන්වා ජය ගැනීමට අනුර කුමාර මහතා කටයුතු කිරීම වැදගත්. පෙරසේම, විප්ලව අරගල කරන්න ගියොත් එහෙම රට ලේ විලක් වේවි. ජේවීපී එක පිරිහේවි. මං හඳුන්නේත්ති, සමන්ත විද්‍යාරත්න, ටිල්වින් ආදීන්ගේ කතා අහන්න ආසයි. ලාල් කාන්ත, අනුර කුමාර ආදීන්ගේ කතාවල බියකරු බවක් තිබෙනවා. මේ බියකරු බව ඔවුන්ට ඇතැම් ඡන්ද අහිමි කරනවා....

:       0       1

saman Thursday, 24 March 2022 11:56 AM

මේ වගේ මිනිස්සු යුක්රේනයේ හිටියා නම් එහෙ ජනාධිපති පුටින්ට බාර දෙනවා...

:       19       3

Sura Friday, 25 March 2022 03:35 PM

ජනබල වේගය විතරයි ඉතුරුවෙලා වෙලා තියෙන්නේ උත්සාහ කරන්නවත්. ප්‍රශ්නේ මොකක්ද කියලාවත් අනිත් අය දන්නේ නැහැ. බමුණු වගේ අය ඉන්නකම් මේ රටට හරි යයිද?

:       0       1

mahilal Monday, 28 March 2022 02:54 PM

මිනිස්සු කුහක ජාතියක්... රට හැදෙනවට කැමැති නැති, රට හදනවා නම් NPP එක ගේන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36522 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 531 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site