(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (13) පැවැත්විණ.
හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කර තිබූ අතර උත්සවය ආරම්භ කරමින් හින්දු ආගමානුකුලව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මාහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව පිළිගත්හ. ජාතික ඒකාබද්දතා , රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් , අමාත්‍ය අර්ජුන රණතුංග , අමාත්‍ය දයා ගමගේ , ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාතික තෛපොංගල් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
Bandara Sunday, 13 January 2019 05:51 PM
අපි හදන කිරිබත්වලට වලට වඩා ඒ කිරිබත් රහයි කියලා මෙතුමා ගියසැරේ කිව්වා... මේවා හරි වටින කියමන්...
ඇත්ත සත්‍යපාල Sunday, 13 January 2019 09:44 PM
මගේ බිරිඳට වඩා අල්ලපු ගෙදර බිරිඳ හොඳයි කියලා කියනවද? එහි අරමුණ සහ ප්‍රතිඵල ගැටුම්කාරී නොවන්නේද? අවසානය සැකය, අවිශ්වාසය ගැටුම් නොවේද? මෙවැනි කියමන් නොවටිනා කියමන් බව බණ්ඩාරට නොවැටහීම ඔබගේ තරම පෙන්වීමකි...
RaveendraMonday, 14 January 2019 02:07 AM
ගැසුවත් කෙල බලා අහස දෙස... හිතුවද වැටෙන්නේ අල්ලපු රටට කියා... ගත්තත් ඡන්දේ රවටා ජන බලය... ඉල්ලන් කන්න වෙනවා අද හෙටම...
athuraMonday, 14 January 2019 03:24 AM
කවිය හැම තැනටම එක වගේ ගැලපෙන්නෙ නැහැ නේද මහත්මය.
nihal Monday, 14 January 2019 01:11 AM
හින්දු පූජක තනතුරට වඩාත් සුදුසුයි.. මේ උන්නැහේ
chandima Monday, 14 January 2019 02:05 AM
අර මහබැංකුවෙන් ගත්තු සල්ලි වලින් එහෙම පඬුරු දාන්න එපා. දැක්කනේ තිරුපති ගිහින් එව්වගෙන් පඬුරු දාලා වුනු දේ? අන්තිමේ දෙවියෝ දැක්කේ නැහැ වගේ අහක බලන් උන්නා. තවමත් ඔටුන්න දාගන්න බැරිවුනේ ඕක නිසයි. දාඩිය මහන්සියෙන් හම්බකරපු දෙයකින් කියක් හරි පඬුරුවලට ගැටගහන්න.
RaveendraMonday, 14 January 2019 05:57 AM
ගැසුවත් ගැට පඬුරු හැම කොවිලේම සැම විටම ... දන්නවා ලැබුනේ දහදිය මහන්සියෙන් නොවනබව... එනමුත් ගැටගසමි කාසිත් තොග ගණනේ... අඬ අඬ යදිනෙමි රජ පුටුවට හැමවිටම...
kap Monday, 14 January 2019 06:19 AM
මෙතන අදහස් දමන අය බෞද්ධ අය වෙලත්, ඇයි මේ කුහකම, ඉරිසියාව, ක්‍රෝධය? දෙමල අයට රටේ අගමැති එක්ක උත්සවයක් සමරන්න බැරිද? ඒ අය ඒක කරන්න ඕනෙ උතුරෙ විතරද? ඒකෙන් වෙන්නෙ මිනිස්සු තවත් බෙදෙනවා. කොන් වෙනවා . වෛරය පැතිරෙනවා. ලංකාව අයිති හැමෝටම. මට දැන් බනින්න එපා කොටියෙක් කියලා. මම හොද සිංහල බෞද්ද.
Bandara Monday, 14 January 2019 09:02 AM
ඇත්ත සත්‍යපාල මහතාණෙනි, ස්තුතියි ඔයාගේ අදහසට. මමත් අදහස් කළේ ඔබ කියූ අදහසමයි. වටින අදහස් කිව්වේ සෘණාත්මක අගයක් දෙන්න. එවැනි කතාවල වටිනාකම අවබෝධ කරගැනීම හැමෝටම කළ නොහැක. මන්ද බොහෝ දෙනා පාටින් අන්ධ වී ඇති නිසාය.
Bandara Monday, 14 January 2019 09:09 AM
ඇත්ත සත්‍යපාල මහතානෙනි, ස්තූතියිඔයාගේ අදහසට. මම අදහස් කලේ ඔබ කියපු දේම තමයි...