(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
එක්සත් ජාතීන්ගේ 15 වැනි ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කර ගෙන ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය අනුග‍්‍රහයෙන් වසරකට වරක් පවත්වන වෙසක් උත්සවය මෙවරත් පැරීසියේ පිහිටි ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන්ද සමඟ පැවැත්විණි.
බෞද්ධ සංස්කෘතිය මූලික කර ගත් විවිධ ජාතීන්ගේ ජාතික සංස්කෘතික සංදර්ශනයක්ද ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සංස්කෘතික හා උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ මහතා, හා ප‍්‍රංශයේ තානාපති බුද්ධි. කේ. ආතාවුද මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය මෙම වෙසක් උත්සවය පැරීසීයේදී පැවැත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකාවෙන් හා යුරෝපයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 57 නමක් වැඩම කර සිටියහ.
ආසියානු පැසිපික් කලාපයේ බෞද්ධ රටවල තානාපතිවරුද මෙම උත්සවයට සහභාගි වි සිටියහ.
ශ්‍රීලංකා යුද හමුදාවේ සංස්කෘතික නර්තන කණ්ඩායමේ නර්තන පැරීසියේ ජයමිණි ,ශ්‍රී ඬේසි ඩාන්සින් සහ සරසවි රංඟ කලායතන වල දරුවන්ගේ නර්තන හා විවිධ බෞද්ධ රටවල් වූ වියට්නාමය, මොංගෝලියාව, චීනය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය, කාම්බෝජය, ශ්‍රී ලංකාව යන රටවලට ආවේනික එම සංස්කෘතිය විදහා දැක්වූ නර්තනයන් ඇතුළත් ප‍්‍රදර්ශනයක්ද පැවැත් වුයේය.
පැරීසියේ වෙසෙන දක්ෂ චිත‍්‍ර ශිල්පීන් දෙදෙනෙකු වන මහින්ද හේරත් හා ජගත් වික‍්‍රමආරච්චි විසින් නිර්මාණය කළ බුදු ගුණ විදහා දැක්වෙන අනර්ඝ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක්ද මෙම උත්සවයට එක් කර තිබිණි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රශයත් සමරයි