IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපති නෙළුම් කුළුනේ නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) එක් විය.

අදාළ ඉංජිනේරුවන් සමග සුහද කථා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබද විමසා බැලු ජනපති ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් ලබා දුන්නේය. 

ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුළුනේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹූම් මැදිරියක් ද ඉදිකිරීමට නියමිතය. මෙම සියලූ ඉදිකිරීම් ලබන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව ද මෙහිදී ඉංජිනේරුවෝ ප්‍රකාශ කළහ.

 

(ඡායාරුප-ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (36)

ජනපති නෙළුම් කුළුනේ නිරීක්ෂණ චාරිකාවක

rangana Tuesday, 05 September 2017 12:29 PM

දින 100 මේක හදල ඉවර කරන හැටි ගැන උපෙදෙස් දෙන්න ඇති. ඇපල් ලේකම් තුමත් ගිහිල්ල තියෙන්නේ. අනේ මන්ද...

:       5218       2130

lalith Tuesday, 05 September 2017 12:35 PM

මාර විශ්ව කර්ම වැඩක්නේ? අර පන්තිවල පුටුනැතුව ගස්යට ඉගෙනගනගන්න ළමයිනුයි වැස්සට වහල තෙමෙන ඉස්කෝලවල ළමයිනුයි අගෝස්තු නිවාඩුවට අද්යාපන චාරිකාවකට ගෙනියන්න කියාපු තැනක්. මේකත් අර පෙරදක්නා දර්ශනය අනුව ඉඳිවෙන එකක්වෙන්න ඇති?

:       548       123

shan saudiWednesday, 06 September 2017 07:47 AM

ඒක තමා මේක පටන්ගත්ත අයට මේක තේරුනේ නැහැනේ මීට වඩා විසදන්න රටේ දැවෙන ප්‍රශ්න තියනවා කියල

:       262       1076

janatha anura Thursday, 07 September 2017 03:01 AM

ඉතින් මේකේ පාලනය බර අරන් කොරන්නකො කෙහෙල් මල හැමදාම කියෝනව වැඩේ එහෙමමයි

:       0       32

rama Tuesday, 05 September 2017 12:36 PM

මොන කෙහෙල් මලකටද මහල් 3 කට මෙච්චර වියදම් කරන්නේ???

:       810       142

raveendraWednesday, 06 September 2017 03:58 AM

rama මයවෙත, ඔබගේ අදහසේ ගැබ්වන්නේ " ඇටිකෙසෙල් මලක්ද " නැතිනම් වෙනත් කෙසෙල් මලක්ද ? මක්නිසාදයත් ඇටිකෙසෙල් කපු උගුඩුවොත් ඔය අතරේ ඉන්නවා නොවේ.

:       28       98

shan saudiWednesday, 06 September 2017 10:33 AM

රටේ පාලන බලය මේ අයට ගියාම මේ වගේ අවලම් වැඩ තමයි කරන්නේ....ඔය රඟහල සඳහා කල වියදමෙන් රටේ ණය ගෙවුවා නම් අඩු තරමේ අනාගත පරපුර ණය බරින් හරි නිදහස් වෙනවා.

:       164       163

RuwanWednesday, 06 September 2017 12:53 PM

මොනවා කරන්නද ටිකිරි මොලේට තේරෙන්නේ ඔච්චර නම්.... ටිකක් දන්නා කෙනෙක්ගෙන් ඇහුවා නම් තේරුම් ගන්න තිබුණා. තමන් සියල්ල දන්නවා කියල හිතන්න යන්න එපා.

:       1       268

janatha anura UAEThursday, 07 September 2017 05:43 AM

සිචිල් ඉංජිනේරු නිර්මාණ ඉදිකෙරීම් කෙහෙල් මලට හෝ සය්ටම් , වෛද්‍ය විද්‍යාවලට අදාල නැහැ ඉදිකිරීම් දියුණ වෙන හැටි බලන්න මෙහෙ ඇවිත් යන්න

:       0       0

akila Tuesday, 05 September 2017 01:12 PM

කොළඹ කොච්චර අපිලිවෙලද , කැතද කියල මේ කුලුනට නැග්ගම බලන්න පුළුවන්

:       347       180

රජින්ද Tuesday, 05 September 2017 02:03 PM

නිරීක්ෂණය කලාට කමක් නැහැ ඕකත් යහපාලනයේ ගිණුමට දාගෙන බොරු සංවර්ධනයක් පෙන්වන්නේ නැතුව. යහපාලනය ඉතිහාසගත වෙන්නේ කලින් ආණ්ඩු කාලේ හදන්න පටන් ගත්තුවා විවෘත කිරීමෙනුයි රජයේ සම්පත් විකිනීමෙනුයි විතරයි.

:       15307       11159

raveendra Tuesday, 05 September 2017 03:32 PM

අහසට ගොඩක්ම ලග නිසා කවුරු කවුරුත් තමන්ගේ ඔලුවටෙට " අකුණු සන්නායක හත අටක් " බැදගත්තොත් කාට කටත් හොදා.

:       484       324

sathyayaa Tuesday, 05 September 2017 04:07 PM

"අදාළ ඉංජිනේරුවන් සමග.......පවතින අඩුපාඩු පිළිබද විමසා බැලු....." බලන කොට ඉංජිනේරු ශාස්ත්‍රයත් දන්නවනේ. ඒ වුනාට කුලුනේ උඩ කොටස තරමක් ඇදට ඉදිවෙනවා වගේ ගතියක් 6 වෙනි පින්තුරයෙන් පෙනෙනවා. මේ කුලුනේ අඩු පාඩු හොයන්න උත්සුක වෙන එකේ "යහපාලනේ" අඩු පාඩු ටිකත් හදාගත්ත නම් නේද හොඳ?

:       646       722

Athula Tuesday, 05 September 2017 05:14 PM

හරි ලස්සනයි නේද ඊටත් වඩා ලස්සනයි ඔය කොන්තරාත් වලට ගහපු කොමිස් , ඒවා ගෙවන කොට රටේ ජනතාවට දෙවි පිහිටයි එතකොට තවත් ලස්සනයි.

:       264       660

dinesha Tuesday, 05 September 2017 05:54 PM

යහපාලන රජයේ යෝධ සංවර්දන ව්‍යාපෘතියක් නිමවෙන්න ලගාවීම කකුලෙන් අදින්න බලන් ඉන්න අයට දුකක් වේවි

:       1344       1633

thejWednesday, 06 September 2017 02:31 AM

මේක යහපලනෙන් පටන් ගත්ත එකක් නොවෙය් මගේ හිතේ

:       1655       1229

RuwanWednesday, 06 September 2017 05:23 AM

පටන් ගත්තේ කවුද කියල බලන එක නෙවෙයි වැදගත් කම එය ක්‍රමානුකුලව අවසන් කිරීමි. මොකද මේ දේශපාලකයන් වියදම් කරන්නේ දුක් මහන්සියෙන් අපි උපයන දේවල් වලින් ගහන බදු වලින්. එහෙම නැතුව අපි කියල වැඩක් නැහැ අධිවේගය පටන් ගත්තේ රනිල් කියල. එ්ක ඇත්තක් වුනාට අධිවේග සම්පුර්ණ කිරීමට තව අවුරුදු 10 ක් විතර යන බව මේ නුගතුන්ට නොතේරීම දුකක්.

:       19       2137

LapayaWednesday, 06 September 2017 02:32 AM

දිනේශ "යහපාලන රජයේ යෝධ සංවර්දන ව්‍යාපෘතියක්" ඉපදුනේ මොන අවුරුද්දේද. දැන් වයස කියාද. පහුගිය අවුරුදු දෙකට පටන් අරගෙනත් සැහෙන්න වැඩ කරලා නේද යෝධ සංවර්දන ව්‍යාපෘතියේ.

:       1560       1074

RasWednesday, 06 September 2017 06:34 AM

දිනේෂ්, රටේ සල්ලි වියදම් කලත්, රටක සංවර්දනයට නායකත්වය අත්‍යවශ්‍යයි. දැන් ඊළඟ ආණ්ඩුවට විවෘත කරන්න හරි මේගොල්ලෝ කරේ මොනවද?

:       924       571

raveendra Wednesday, 06 September 2017 02:24 AM

සත්‍යා මයා වෙත,ඔබගේ අදහස් ගොන්නටම ගරුකරමි. අප කුලුනේ තිබෙන අඩුපාඩු ගැන කතාකිරීම වඩාත් යෝග්‍යවේ.මක්නිසාදයත් "යහපාලනය " යන වචනයේ අර්ථයෙන්ම එහි කිසිදු අඩුපාඩුවක් තිබිය නොහැක. එබැවින් එහි අඩුපාඩු සෙවීම අර්ථසුන්‍යවේ. තවද එහි සිටින"සියළු උන්නැහේල" ඉතාවංක (100% ට 200%ටත් වඩා අවංක ) බැවින් ඔවුනට පරිබව කිරීමෙන් වැළකෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

:       30       443

Lapaya Wednesday, 06 September 2017 02:46 AM

මේ වගේ ලුණු ගෙඩියක් හම්බ උනහම අර චුටි ලුණු බික නිකම්ම් අමතක වෙලා යනවා නේද ? එක නිසානේ රටේ නිල ඇති සහ නිල නැති පාලකයෝ දෙන්නම ඒ ගැන සද්දයක් වත් නැත්තේ..

:       423       310

ගගන Wednesday, 06 September 2017 03:02 AM

රෝසපාට වීදුරු හරහා නගරය රතුපාටට දැක්කට පස්සේ, ඒ අපරාධය ගැන වාස්තු විද්යග්නයාගෙන් ප්‍රශ්නකලේ නැත්තේ මොකද මන්දා

:       103       4

බණ්ඩාර(කැකිරාව) Wednesday, 06 September 2017 04:01 AM

මේ මොන විහිලුවක්ද ,..මීටර් 350 උස කුලුනේ මහල් 3යිලු ...මේ උස හැටියට මහල් 50ක් වත් තියෙන්නේ ඕන....ඔබ අස ඇති ඩුබායි වල තියෙන ""කලීෆා ටවර්"" එකේ උස මීටර් 828 මහල්163ක් තියෙනවා ..... මේවැනි මීටර් 350 උස කුළුනක මහල් 3න් පමණක් තියෙනකොට ලැබෙන ප්‍රතිලාබ ගැන දන්නකෙනෙක් ඉන්නවනම් අපිට තේරුම කරලා දෙන්න .. මේ කුලුනේ මුදුනේ වතුර ටැංකියක්වත් හැදුවොත් නම් ප්‍රයෝජනයක් ලැබේවි ..

:       447       101

vipula Wednesday, 06 September 2017 04:26 AM

සංවර්දනය කියන්නේ ගොඩනැගිලි නෙවෙයි කියල කියපු කට තමයි කුලුනකට නැගල අඩුපාඩු හොයන්නේ. කුලුනේ වැඩ ගානට යනවා. තම තමන්ගේ තියෙන අඩුපාඩු බැලුවනම් තමයි වටින්නේ.

:       441       278

මිලින්ද Wednesday, 06 September 2017 04:42 AM

ඒ උනාට මහින්ද හොරා

:       178       208

Ruwan Wednesday, 06 September 2017 05:04 AM

සැවොම නොදත් දෙයක් ඇත මෙම කුලුනේ. මෙහි සුකොපබොගී කාමර හත ජනාධිපතිට පමණ බවිත කරන්නට පෙර රේගිමය සුදානම් කර තිබුනත් එය ඔබ පැමිණි විගස රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා පමණක් බව කියමින් වෙනස් කළේය. නැතිනම් මෙය පුතුන්ගේ සෙල්ලම් පෙන්වන ඉස්තනයක් බවට පත්වෙනවා සිකුරුඉ. ඔබට හිස නම ආචාර කරමි ඒ කල මහගු ක්‍රියාවට.

:       2691       5207

one srilankan Wednesday, 06 September 2017 05:20 AM

මේවා රටට ඔරොත්තු නොදෙන වැඩ ,,,,විස්වවිද්යල සිසුවෝ මහපාරේ ---සමහර දෙමාපියෝ හොර මගඩි අධ්‍යාපන කඩ වලට කෝටි ගණන් දීල තම දරුවෝ වෙනුවෙන් ,,,තව වෛද්‍ය විද්‍යාල කීයක් මේ මුදලින් හදන්න තිබුනද ,,,,

:       279       2

chamaraWednesday, 06 September 2017 09:15 AM

වන් ශ්‍රී ලංකා මේකටත් එතකොට වැරදි සයටම් එකද? කොහෙන් හිනා වෙන්නද මේ අරගලයට...

:       12       262

akilaWednesday, 06 September 2017 01:19 PM

නිකන් ඉගෙන ගන්න අයට තවත් මොනවද අයිතිවාසිකම් ගැන කියවන්නේ....?

:       0       1

anuraThursday, 07 September 2017 03:02 AM

දියුණුවේ මග "ඔරොත්තුව" කියවන්න

:       0       0

Ruwan Wednesday, 06 September 2017 06:05 AM

කැකිරාවේ බණ්ඩාර හේනක් කොටගෙන හිටියනම් තම හොඳ. මෙයා හිතාගෙන ඉන්නේ ගෙවල් වල ගහන තට්ටු වගේ කියල ලෝකේ තියෙන හැම දෙයක්ම. අනුකම්පා කරමි ඔබට.

:       1       734

චන්ද්‍රිකා Wednesday, 06 September 2017 10:36 AM

අකුණු සන්නායක කූර කිලෝමීටරයක් විතර උසට හැදුවා නම් මේක ලේසියෙන්ම ලෝකයේ උසම කුළුණ කරන්න පුළුවන්...

:       55       0

Vichi Wednesday, 06 September 2017 08:37 PM

හා හා.. ඔය කොහෙද යන්නේ. තමන් කරපු දෙයක් නෙති නිසා මෙවටවත් ගොඩවෙලා බැලුවද? ඉගුරු දී මිරිස් ගත්තු ජනතාවක් ඉන්නකන් ඔබට හොදයි. ඇත්තටම කරපු දෙයක් නැනේ මෙය විකුනම් කාපු එක හැර.

:       0       1

බක්මීවැව Wednesday, 06 September 2017 10:56 PM

ලංකාවේ මිනිස්සුන්ගේ දුපත් මානසිකත්වය මෙතන තියන කොමන්ට් වලින් තේරෙනවා විතරක් නෙවේ , තව අවුරුදු 500ක් ගියත් ඔතනමයි කියල වැටහෙනවා. අතිපණ්ඩිත උතුමානන්ලා ගොඩයි. ""කලීෆා ටවර්"" කියන්නේ කාමරම තියන බිල්ඩින් එකක්. ටවර් එකක් නොවේ. අනික මේවගෙන් නගරයේ සංකේතය ලෙස භාවිතයක් තියනවා වගේම සන්නිවේදන කුළුණක් ලෙස භාවිතා වෙනවා. උදා- ටෝකියෝ ටවර්, ටෝකියෝ ස්කයි ත්‍රී (ජපානය), ඔරියන්ටල් ටවර් (චීනය), ක්වලන්පුර් ටවර් ( මැලේසියාව) , මිලාද් ටවර් ( ඉරානය). මේ හැම එකකම නැරඹුම් ඩේක් තියනවා. අමතර අදායම් උපයනවා. ලංකාවේ මිනිස්සුන්ට සංවර්ධනය දෙන්න කලින් මානසික සංවර්ධනයක් දෙන්න ඕනේ. හැම දෙනාටම ගෙවල් හදහද හිටියනම් ඇමෙරිකාව හඳට ගිහිල්ලත් නෑ, චීනය මෙහෙ ඉඩම් ගන්නෙත් නෑ.

:       0       112

ruchi Thursday, 07 September 2017 06:12 AM

කාටද මේක විකුනන්නේ කියල හිතන්න වෙන්න ඇති බලන්න ගියේ.

:       0       30

PA-RA Thursday, 07 September 2017 06:30 AM

ලෝකයට යන්න පුළුවන් ඉතාම වටිනා ක්‍රියාවක්, මේ අදහස කාගේ උනත් එතුමාට පිනක්,

:       0       88

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28670 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site