IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ජනපති බ්‍රිතාන්‍ය අගමැති සහ ස්ලෝවේනියා ජනපති හමුවේ

 

 

(අංජුල මහික වීරරත්න)

COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මහතා  හමුවිය.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් මහතා  (Borut Pahor) අතර හමුවක් ද අද (07) සිදු විය.

ස්ලෝවේනියා ජනාධිපතිවරයා  මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක් වූහ.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (15)

ජනපති බ්‍රිතාන්‍ය අගමැති සහ ස්ලෝවේනියා ජනපති හමුවේ

chandima Monday, 07 November 2022 08:17 PM

සුදු පුතා ලෝකෙ වටේ ඇවිදිනව. කෝ දැන් රට හදනව කියපු කතා එකක්වත් නැහැනේ. නිකම් පඹයෙක් ගෙනත් ජනාධිපති මන්දිරේ හිටෙව්වා වගේ. වැදුරනා පඹයන්ට ලෝකෙ වටේ යන්න බැහැනෙන්.

:       36       69

athuraTuesday, 08 November 2022 11:45 AM

තමුන්ලා චන්දෙ දීල ගෙනාපු පබයව ගලවල දාල පෝලිම් නැති කිරීමත් රට හැදිල්ලක් තමයි

:       9       13

බද්රානි Monday, 07 November 2022 08:36 PM

යුගොස්ලෝවියාවේ වෙන් උනාට පස්සේ, ස්ලෝවේනියා හා ක්‍රොඒෂියා වැනි රටවල් සීග්‍රයෙන් සංවර්ධනය උනා. සංචාරයකට සුදුසු ඉතාම සුන්දර රටවල් දෙකක්. අනික, මිනිස්සුත් හරිම අවංකයි. අපේ ජනාධිපති එංගලන්තේ අලුත් අගමැති තුමාගෙනුත් හිඟා කනවද දන්නේ නැහැ? අහු උනොත් ඉතින් එතුමත් විනාශයි...

:       37       32

Nandalal DE SILVA - FranceMonday, 07 November 2022 09:22 PM

අපේ ජනාධිපතිතුමා, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලෝක පූජිත පුද්ගලයෙක්. ඔහු සියලු ලෝක නායකයින් විසින් ගරු කරනු ලැබේ. කිසිදු ලෝක නායකයෙකු සමඟ, විශේෂයෙන් එක්සත් රාජධානියේ අගමැති සමඟ හමුවීමේ කිසිදු වරදක් අපට නොපෙනේ. රනිල් අමාරුවෙන් හරි අමාරු වැඩක් බාරගත්ත නිසා කුණු වෙච්ච දූෂිත මීයෝ කාපු අපේ රට ආයෙත් සමෘද්ධිමත් කරන්න හැම ක්‍රමයක්ම හොයාගන්න ඕනේ !!!!

:       1       2

බද්රානි Wednesday, 09 November 2022 02:02 PM

ප්‍රංශයේ ඉන්න නන්දලාල් මහත්තයත් ලෝක නායකයින් ගැන දන්නා දේවල්? සාටක පළඳින ගෝත්‍රිකයෙක් නොවන රනිල් මහත්මයා, ශිෂ්ඨ සම්පන්න පුද්ගලයෙකු ලෙස, චතුරව ඉංග්‍රීසි බස හැසිරවිය හැකි ලෝක දේශපාලනය ගැනත් අවබෝධයක් ඇති බව සත්‍යයක්. එත්, ඉතින් ප්‍රජාතන්ත්‍රවාදීව මහබැංකුවට වග කිව්ව පුද්ගලයෙක් බවත් සත්‍යයක්නේ. රටේ මෝඩයින්ගේ චන්දයෙන් පත් නොවුන එතුමා, හොරුන්ගේ චන්දයෙන් පත් උන බවත් සත්‍යයක්නේ. එතකොට හොරු වෙනුවෙන් සේවය නොකොට, මේ රටේ මෝඩයින් වෙනුවෙන් සේවයක් එතුමා කරයි කියා ඔබ නිගමනය කරනවද? මම මෙතන දුක් වෙන්නේ, එංගලන්තයේ නව අගමැති තුමා මේ කොහෙවත් යන පල් හිඟන හොරුන්ට උදව් කරන්න යාමෙන් එතුමත් අමාරුවේ වැටෙයිද කියලයි. ඔබ ඉන්න රටේ නායකයා වන මැකරන් මහත්මයාගේ අහලකින් වත් තියන්න පුලුවන්ද මේ දුෂිත නායකයින්. කටක් ඇරලා වර්ණනා කරන්න පුළුවන්නේ ඒ වගේ නිහතමානී ශ්‍රේෂ්ඨ නායකයින්ව.

:       0       3

arschfikaaMonday, 07 November 2022 10:30 PM

එකනම් 200%ක්ම ශුවර් බදුාරානි. මොන පක්ෂෙ ඒකාවුනත් සිංහල සුරුට්ටු හැතිකරෙටම දන්නෙ හිගාකෑයි හොරකමයි අල්ල්ස්ගැනීමයි විතරයි. ඉතින් කොහෙන් රට හදන්නද? එවුනාට හැම සුරුට්ටුවකෙගුම ඔලුවෙ තියෙන්නෙ උද්දච්චකම.

:       1       5

PereraTuesday, 08 November 2022 03:50 AM

එංගලන්තෙත් දැන් හිඟා කන තත්ත්වෙට වැටෙන්න ඔන්න මෙන්න.

:       1       8

බද්රානිTuesday, 08 November 2022 01:27 PM

ආර්ථිකය කඩා වැටෙනවා කියන්නේ හිඟා කන එක නෙවෙයි පෙරේරා. ඒක එහෙම උනෙත් යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීමට ගත් තකතීරු තීරණය නිසයි. ඒකටත් ඉතින් දකුණු ආසියාවෙන් සංක්‍රමණය වුවන් තමයි වැඩිපුරම චන්දය දැම්මේ. ඒ දකුණු ආසියානුවන්ට නැගෙනහිර යුරෝපීයන් සමග ඇතිඋන තරගකාරිත්වයට ඔවුනට මුහුණ පෑමට නොහැකි නිසයි. දැන් ඉස්සර වගේ නෙවෙයි පහු කාලයේ එංගලන්තයට පැමිණි ලාංකිකයින් එරට ප්‍රතිලාභ ලබමින් ඉන්දියන් හෝ ද්‍රවිඩ ව්‍යාපාරිකයින්ගේ සුළු ව්‍යාපාරවල සුළු රැකියාවල නීත්‍යානුකුල නොවන ලෙස අතට මුදල් (CASH IN HAND) ලබාගෙන කුලී වැඩ කරනවා. ඉස්සර ලංකාවෙන් එංගලන්තෙට ගියෙ මොන තරම් වැදගත් මිනිස්සුද? එහෙම එකේ එංගලන්තෙටත් ලංකාවට අත් උන ඉරණමට සමාන ඉරණමක් අත්වෙන එකත් පුදුමයක් නෙවෙයි. දැනුත් දිගට හරහට එංගලන්තෙට වීස දෙන්නේ නම් ඒ තරම් හොඳකට නෙවෙයි. ඔවුනුත් විනාශ වෙයි තමයි මේ අපතයෝ නිසා.

:       1       6

sugath Monday, 07 November 2022 09:19 PM

ණය ඉල්ලයි. බලාගෙන අතට අත දෙන්නේ.

:       1       6

chandima Tuesday, 08 November 2022 12:10 AM

මේ තරම් ලෝකෙ වටේ ගිිහිල්ලත් කිරි අත්ත කවුද කියලා හොයාගන්න බැරි වුණාද? දැන් නම් ජාන පරීක්ෂා කරලා බලන්නත් පුළුවනි.

:       2       5

siri Tuesday, 08 November 2022 12:32 AM

" පින් ජනපති පින් අගමැති මුණ ගැසෙයි" වගේ කට කැඩිච්ච කතා එහෙම කියනවා නෙවේ ඔන්න.

:       5       7

ARISTOTLE Tuesday, 08 November 2022 12:52 AM

දේශපාලනයේ පරිණත ජ්‍යෙෂ්ඨයා සහ ආධුනික කණිෂ්ඨයා අතර ඓතිහාසික හමුවක්.

:       7       8

ARISTOTLE Tuesday, 08 November 2022 12:53 AM

අදේශපාලනයේ පරිණත ජ්‍යෙෂ්ඨයා සහ ආධුනික කණිෂ්ඨයා අතර ඓතිහාසික හමුවක්.

:       9       3

nihal Tuesday, 08 November 2022 09:36 AM

අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ටයි කෝට් දාගෙන ලෝකෙවටේ ගිහින් හිඟාකන්න.

:       7       6

Bamunu Tuesday, 08 November 2022 11:25 AM

මේ අයිසේ,ණය එහෙම ඉල්ලන්න එපා,හැඳුනුම්කමට ඕන්නං කෝපි එකක් බොන්න එක යන්නං.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6693 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1129 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site