IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ජනපති ශ්‍රීලනිප අපේක්ෂකයන් හමුවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද  පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

අපේක්ෂකයින් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය තුළින් බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම වෙනුවෙන් මෙම හමුව කැඳවා  තිබුණි.

මෙහිදී සියලූම අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සුරකිමින් නීති ගරුක, පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතන ව්‍යූහය තුළ ඇති කිරීම සදහා ප්‍රතිඥා දීම ද සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාස නියෝජිත පත්වීම් ලබාදීම යටතේ, පළාත් පාලන ආයතන 341ක් නියෝජනය වන පරිදි එක් සභාවකට එක් නියෝජිතයෙකු බැගින් පත්කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ද අද සිදු විය.

ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (24)

ජනපති ශ්‍රීලනිප අපේක්ෂකයන් හමුවෙයි

ප්‍රසාද් Friday, 29 December 2017 02:04 PM

පලවෙනි පින්තුරේ හැටියට තමන්ගේ හදවත උඩින් අත තියලයි දිවුරන්නේ. අනේ මේ දේශපාලකයෝ රටට කොච්චර ආදරේකින්ද මෙහෙම දිවුරන්නේ.

:       79       504

RaveendraSaturday, 30 December 2017 05:39 AM

ප්‍රසාද් මයා වෙත,ඔබගේ අදහස් සමග අපහට එකඟවීමට නොහැක. මක්නිසාදයත් " මුන්දැලා නිවැරදිව හදවතට උඩින් අත තියනවා නම්" තිබිය යුත්තේ "අඩියක් දෙකක් පහලින් ශරීරයේ පිටුපසින්" බව ස්ථිරවම කිව යුතුමය. මෙසේ හදවත පිහිටා තිබෙන්නේ විශේෂයෙන් අප රටේ සිටින සියලුම දේශපාලකයන්ගේ පමණක් බවත් කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු.

:       0       272

Raveendra Friday, 29 December 2017 02:28 PM

අපි හොරකම් කලේ පොදු දේපොළ බව ඇත්ත... ඒ අය හොරකම් කලේ මහජන දේපොළ බව ඇත්ත... ඒ අය අපි සැම කලේ එක දෙය බව ඇත්ත... අනේ අපේ මව්බිම කෑ බව ඇත්ත ..

:       0       524

Athula K Friday, 29 December 2017 02:35 PM

අනේ එ්ක හින්දා වෙන්න ඇති අපේ ගමේ හොරකම් කළ අයෙකුට නාම යෝජනා දීලා තියෙන්නේ....

:       0       711

shan Friday, 29 December 2017 02:40 PM

හිනහ යනවා .මහජන මුදල්...

:       0       228

erdi Friday, 29 December 2017 02:56 PM

මාර හමුවක්නේ? මේ ජනපති ශ්‍රීලනිප ඡන්දවලින්ද රටේ ජනපති වුණේ? අපරාදේ අපිත් මේ කොහෙවත් ගිය අයෙකුව ජනපති කලේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් මහින්දට සහයෝගය දීපු අය. මේ හමුව සංවිධානය කරන්න තිබුණේ එතුමාව ජනපති කරන්න උදව් කරපු හැම පක්ෂයක්ම කැඳවලා රටේ ඉදිරිය ගැන පැහැදිලි කරන්න. නැතුව ශ්‍රීලනිප එක්ක සංදර්ශන තියන්න නෙවෙයි.

:       833       1032

Thilina Friday, 29 December 2017 04:05 PM

දැන් එතකොට මේවා මැතිවරණ නීති උල්ලංඝනය වීමක් නෙමෙයිද? ඊයේ තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවය රූපවාහිනී නාලිකාවල සජීවීව පෙන්නුවේ කොහොමද? ජනාධිපති ලේකම් ලිපි යවලා ආරාධනා කරලා අපේක්ෂකයින් ගෙන්නුවේ කොහොමද? උත්සවයට වියදම් කළේ කාගේ මුදල්ද?

:       0       627

sisila gunawardana Friday, 29 December 2017 07:23 PM

පපුවෙ අතගහගන්න වෙන්නෙ ඡන්දෙන් පස්සෙ.

:       90       131

siri Friday, 29 December 2017 09:36 PM

සංදර්ශන සංවිධානය අතින් අනෙත් කට්ටිය පරද්දන්න පුළුවන් ජගතෙක් තුන් ලෝකෙම නෑ. ලබන සුමානේ බලාගන්න පුළුවන්. මොනවද ඔට්ටු?

:       38       1

prakaash Saturday, 30 December 2017 03:03 AM

හොර, නිවට, දේශද්‍රෝහී නඩයක් මේ ඉන්නේ. මේ අය සංදර්ශන කරන එකයි කරන්නේ. ඕනෑම වසල වැඩක් කරනවා. මුදලට පාවා දෙන කුමන්ත්‍රණ කාරයෝ තමයි.

:       152       215

Sathyayaa Saturday, 30 December 2017 03:52 AM

තාත්තා වෙහෙස මහන්සි වී හම්බ කළා. අම්ම පිරිමහගෙන ඉවුම් පිහුම් කළා. පුත්තු ටික.... අනේද කියන්නේ ! වැරදි නොකරන්න දිවුරුම් දෙන්නේ අනාගතයට. අතීතය විනාශ නොකර ගත්තා නම් මෙතන ඉන්න ප්‍රධාන පෙලේ කිහිප දෙනෙකුටම හොඳ ගමනක් යන්න තිබුණා. පෙරදා වැරදි කරපු මිනිහා පසුපස ගොස් අද හරි කෙනා පිටුපස වුණත් යන ගමන ගැන ජනතාව තුල ඇති කුකුස පපුවට අත තැබූ පමණින් පහවේද? මෙන්න මේවයි සිතා බැලිය යුත්තේ...

:       34       707

saman Saturday, 30 December 2017 04:31 AM

සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා...

:       0       33

indrajith Saturday, 30 December 2017 05:04 AM

පපුවේ අත ගහගෙන රට කන මිනිසුන් කොටසක්...

:       0       412

bandara-kekirawa Saturday, 30 December 2017 08:57 AM

මේ බොරු සෝබන වලට පොඩි ළමයෙක්වත් රැවටෙන්නේ නැහැ. මේ ඡන්දේදි හොඳ පාඩමක් උගන්වමු.

:       0       54

SathyayaaSaturday, 30 December 2017 10:41 PM

බණ්ඩාර කියනවද මේ පාර ඡන්දේදි කොහොමද පාඩම උගන් වන්නේ කියල? අපිත් දැනගෙන ඉන්න එක හොඳයිනේ. ගියපාර අපිත් කෙනෙකුට හොඳ පාඩමක් ඉගැන්වුවා. නමුත් එයා පාඩමක් ඉගෙන ගත්තෙත් නැහැ. පාඩම කියල දුන්න මිනිස්සු පාඩමක් ඉගෙන ගෙනත් නැහැ. මොකක්ද මේ ලංකා දේශපාලනයේ කිසිදා නොනිමෙන පාසැල් ගමන ?

:       0       61

SHAN Saturday, 30 December 2017 07:48 PM

මිනි මැරුම් ළමා අපචාර වලට නීතිය නැති ලෝකේ එකම රට ලංකාව.මොනවද මේ විහිළු

:       0       47

Kumari Sunday, 31 December 2017 05:21 AM

මිනිසුන්ගේ හදවත ගැහෙනාරාවය නොවේ ඔබේ හදවත ගැහෙනා රාවයවත් ඔබට ඇහෙනවද? චන්දයක් ලන්වෙනකොට තමා හදවතත් මතක් වෙන්නේ.

:       0       0

Kumar (Galf) Sunday, 31 December 2017 05:46 AM

මට නම් ඉතින් මතක් වෙන්නෙ අලි බබා සහ හොරු හතලිහ කතාව තමා

:       72       254

sunil Sunday, 31 December 2017 09:37 AM

අන්තිම ෆොටෝ එකේ අස්සෙන් ඉන්න කෙනෙක් කිණ්ඩියට හිනාවක් දාගෙන ඉන්නවා වගේ,.. මට පෙනෙන්නේ.

:       0       0

Sunil Sunday, 31 December 2017 09:39 AM

මේ ෆොටෝ ඉස්සරහ පෙලේ ඉන්න කට්ටිය එක පැත්තක ඉඳලා අනික් පැත්තට බලාගෙන ගියාම අනේ අපිට හිතෙන දේවල්වල හැටි !!!

:       0       0

sathyaa Sunday, 31 December 2017 09:45 AM

මොකටද අප්පේ මෙහෙමත් කොඳු නැවෙන්නේ දේශපාලකයින් ඉදිරිපිට? මේ ලෝකේ මොන රටේද මෙහෙම කොඳු නැවෙන්නේ දේශපාලකයින් ඉදිරිපිට?

:       0       0

Sunil Sunday, 31 December 2017 09:50 AM

යමු යමු අපි පෝලිමේ, නැවෙමු වඳිමු. අපි නැවෙමු වඳිමු. කීයක් හරි හරි හම්බ කරගන්න අපිටත් කල දසාව පාදලා තියෙන උතුමන් ඉදිරියේ අපි නැවෙමු වඳිමු.

:       0       0

deshapaalu Sunday, 31 December 2017 09:56 AM

දැන්ලුනේ ඉතින් මේ හාහා පුරා කියලා වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න යනවා කියන්නේ... 2015 සිට මේ දක්වාත් බැරිවුණු නිසා වෙන්න ඇති...

:       0       0

manoj Sunday, 31 December 2017 11:45 AM

මෙයාලා ඇත්තටම හදවතින්ම වැඩ කරනවා නම් මේ රට කොච්චර ලස්සන වේවිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site