
(කාංචන කුමාර ආරියදාස)
පොහොර සහ කෘමි නාශක නොමැති කමින් දඹුල්ල වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් ද විනාශ වී ඇතැයි ගොවීහු පවසති.
විදේශ වෙළෙඳපොළ සඳහා ඉලක්ක කරගෙන කාලයක් තිස්සේ වෑවලවැව ප්‍රදේශයේ ගොවීහු පේර,අඹ,කටු අනෝදා,ගස්ලබු,දෙළුම්,ආදී පලතුරු වගාවන් සිදු කරති.
වසරක පමණ කාලයක සිට පවතින කෘමිනාශක,දියර පොහොර,සහ පලතුරු ගස්වලට අවැසි පොහොර වර්ග නොමැතිවීම හේතුවෙන් තම වගාවන් හි නිෂ්පාදන විවිධ කෘමීන්ගෙන් සහ පිටි මකුණන් නිසා විනාශ වෙමින් පවතින බවත් වසර ගණනාවක් සිට මෙරටට ඩොලර් උපයා දුන් සියලු පලතුරු අස්වැන්න ගස් යට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
වගාවන් අස්වැන්න නෙළන සමය මේ වන විට උදාවී ඇතත් ඔවුන් සඳහන් කර සිටින්නේ ඉතා අලංකාර පෙනුමැති කිලෝ පේර විදේශ රටවලට පැටවීම සඳහා සූදානම් කළ ද මේ වන විට ඒවා ඉතා අඩු මුදලකට මිලදී ගැනීම් සඳහා පැමිණෙන බවයි.
කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රමාණයට ද පේර ලබාදීමට නොහැකි බවද කිලෝ හාරදහසක් පමණ එක මුරයකට අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වී ඇත්තේ පොහොර සහ කෘමිනාශක දියර පොහොර හිගය නිසාවේ බව ද ගොවීහු පවසති. එක මුරයකට කිලෝ හය හත් සියයක් පමණ සීමා වී ඇතැයි පෙර ගොවීහු පෙන්වා දෙති.




2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩොලර් ගෙනා දඹුල්ලේ පලතුරු ගම්මානයට හෙනහුරා ලබයි
JAYATH Monday, 27 December 2021 12:46 PM
විරුවා-පට්ටම් මුළු රටේම වගාව කාබාසිනියා කරලා ම දැම්මා. අඩු තරමේ තණ බිම් වල තන කොලවත් නැහැ .යූරියා නැති හින්දා ඉස්සරහට මිනිස්සුන්ට තණකොළ ටිකක්වත් නැති වෙනවා
Anura Monday, 27 December 2021 12:49 PM
දැන්වත් මේ නන්දසේනව ගෙදර යවමු , අපේ කෘෂි කර්මාන්තය ඉවරෙටම ඉවර කලා
de silva Monday, 27 December 2021 12:55 PM
කබ්රාල්ගේ උපදෙස් මත සර්ගේ මග පෙන්වීම යටතේ ,මහින්දගේ උපදෙස් පරිදි පලතුරු ගම අභාවයට ගියා කියලා සමරු පාලකයක් නිර්මාණය කරමු
Hafeel Monday, 27 December 2021 02:29 PM
මෙතන මහින්දානන්ද සහ ශෂීන්ද්‍රයි අඩු. මේ දෙදෙනාම ඇතුළත් කළයුතුයි.
fairoos Monday, 27 December 2021 12:58 PM
තවත් සර්ට කඩේ ගියානම් හරි
JCn Monday, 27 December 2021 01:18 PM
දැන්වත් මොලේ පෑදෙයිද? මේ රටේ මිනිස්සුන්ට මේ දෙගොල්ලන්ටම රට හදන්න බැරි විත්තිය...
කිරි පුතා Monday, 27 December 2021 02:04 PM
මෙච්චර කාලයක් වහම නේද කාලා තියෙන්නේ...?
දර්ශණWednesday, 29 December 2021 02:07 PM
තවත් වස ඕනෑ කියලද මේ කියන්නේ...? මෙහෙමත් මුලාවීමක්...!!!
de silva Tuesday, 28 December 2021 12:22 PM
මහින්දානන්දගේ කැපවීම සහ ශෂින්ද්‍රගේ කොමිස් ප්‍රහාරයෙන් යන කොටසත් මේකට එකතු කරමු
Always breakdown Tuesday, 28 December 2021 01:19 PM
දැන් සැපද?මුන් ටික මේ අසරණ ගොවි ජනතාව මුලා කළා. චන්දෙ කොල්ල කාලා. දැන් බුලටි ගහනවා. කාලකන්නි ආණ්ඩුව