(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයන්ගේ පිහිටි දිය ඇලිවල ජල මට්ටම් අධික ලෙස ඉහළ ගොස් ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙනු දැකිය හැකිය.
තලවකැලේ-නාවලපිටිය මාර්ගයේ කඩියන්ලෙන නගරය අසල පිහිටි තට්ටු තුනකින් සමන්විත මීටර් 30 ක් උසැති කඩියන්ලෙන දිය ඇල්ල හා තලවකැලේ -හැටන් මාර්ගයේ පතන නගරය ආසන්නයේ පිහිටි මීටර් 97 ක් උසැති ඩෙවෝන් දිය ඇල්ල මෙසේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ වඩාත් සුන්දර වී තිබේ.
ප්‍රධාන මාර්ගයන් අසලම මෙම දිය ඇලි දෙක පිහිටා තිබීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ට කිසිඳු අපහසුවකින් තොරව නැරඹීමේ හැකියාව තිබේ.
ඩෙවොන් ඇල්ල
කඩියලෙන ඇල්ල
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩෙවොන්-කඩියන්ලෙන දියඇලි සක්‍රීය වෙයි
Jay Thursday, 17 May 2018 07:50 AM
සසර වසන තුරු ... නිවන් දකින තුරු... පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට ... හේතු වසනා... වේවා .. හේතු වසනා....
නිමල් Thursday, 17 May 2018 09:18 AM
වෙන රටවල සුන්දරත්වය පිරි ස්ථානවල එයට බලපෑම්වන ඉදිකිරීම් පෞද්ගලික ඉඩම්වල උනත් කරන්න දෙන්නේ නැත. ඩෙවොන් ඇල්ල උඩ මෑතක ඉදිකිරීමක් කර ඇත................ එහි සුන්දරත්වයට බලපෑමක් වෙන. එයට අවසර දුන්නේ කව්ද?
කුමාර් (ගල්ෆ්) Thursday, 17 May 2018 10:23 AM
දැන් වැස්ස ඉවරවෙලා දවස් තුන හතරකින් ඇල්ල ලෑල්ල වෙනවා, වතුර පෙනෙන්නේවත් නැත, ඉස්සර ඇල්ල මාස දෙක තුනක් යනකන් කිරිසුදු පාටට ගලනවා, ඇල්ල ඉහල කැලේ එලිකරපු රට පාලුවන්ට දඬුවම් දෙන්න කවුරුවත් නැත.