IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘තාක්ෂණ හා නවෝත්පාද‍න ජාතික ප්‍රදර්ශනය‘ විවෘත කෙරේ

(ප්‍රියන්ත ජයලත් සහ කේ බුද්ධික කුමාරසිරි 
 
උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබූ ‘තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය‘ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11)  දින හෝමාගම පිටිපන අධිතාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේදී ආරම්භ විය
 
මෙම ප්‍රදර්ශනය මාර්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා දින හතරක් පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත
 
දිවයිනේ පාසල් 101 ක සිසුන්ගේ නව නිපැයුම් සහිත ප්‍රදර්ශන කුටි විශ්ව විද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් ආරක්ෂක අංශවල සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගේ විවිධ නවෝත්පාදන ඇතුලත් 500 කට ආසන්න ප්‍රදර්ශන කුටි ප්‍රමාණයක් නැරඹීමට පහසුකම් සලසා ඇතැයි සංවිධායක කමිටුව පවසයි
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නැනෝ තාක්ෂණ ආයතන පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබූ නව නිපැයුම් ඇතුලත් ප්‍රදර්ශන කුටි කිහිපයක් නිරීක්ෂණයට ලක් කළ අතර එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිට පාසල් සිසුන් සමග සුහඳ කතා බහක නිරත වීමෙන් පසු මෙසේ පැවසීය .
 
තරුණ පරපුරට නව නිපැයුම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සදහා මේ ප්‍රදර්ශනය වැදගත් කාර්යයක් ලෙස මා දකිනවා.  එම නිසා හොදම නව නිපැයුම්කරුවන් නගා සිටුවීමට අත දීමට නව නිපැයුම් කොමිසමට මෙය මහගු අවස්ථාවක් වනු නොඅනුමානයි.
 
මෙම අවස්තාවට උසස් අධ්‍යාපන  තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ උප සභාපති බන්දුල රංජන් ඉලේපෙරුම යන මහත්වරු ප්‍රමුඛ  ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ විවිධ අමාත්‍යාංශවල රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.



අදහස් (4)

‘තාක්ෂණ හා නවෝත්පාද‍න ජාතික ප්‍රදර්ශනය‘ විවෘත කෙරේ

Raveendra Wednesday, 11 March 2020 07:25 AM

දරුවන්ගේ නව නිර්මාණ පිලිබදව විස්තරාත්මක සටහනක් පලකිරීමට හැකි නම් එය වැදගත් වනු ඇත.

:       0       32

ලුම්බිණි Wednesday, 11 March 2020 08:19 AM

පින්තූරේ දැක්කමත් ජාතික ප්‍රදර්ශනය බැලුව වගේමයි. කොච්චර දෙයක්ද බන්දුල ගුණවර්ධන සහ තිලංග සුමතිපාල ඉන්න එක...

:       0       1

Hasi Wednesday, 11 March 2020 08:42 AM

ඉතාම අගය කළ යුතු දෙයකි. එත් කලින් බලයේ තියෙද්දී කලා වගේ 'දැයට කිරුළ' වගේ හිතවත් කොන්ත්‍රාත්කරුවන් පොහොසත් නොකරන්න. රටේ සල්ලි නිකරුනේ කාබාසිනියා නොකරන දෙයක් නම් වඩාත් හොඳයි.

:       0       28

sirimal Wednesday, 11 March 2020 09:07 AM

අපේ රටේ කොරෝනා වයිරසය වැළඳුණු පළමුවැනියා සොයාගත් අවස්ථාවක සෙනඟ එක්රැස්වෙන අවස්ථා වළක්වා ගැනීම වඩාත් නුවණට හුරු බවයි කිවයුත්තේ. නිවාරණය ප්‍රතිකාර කරනවාට වඩා නුවණක්කාර බව නේද කියන්නේ?

:       0       307

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24097 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23250 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site