(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදලංගල, කුට්ටිගල, හාගල, ජූලංකැටිය ඇතුලූ ප‍්‍රදේශ ගණනාවක සවස හතරට පමණ ඇති වූ තද වැස්සත් සමග හමාගිය සැඩ සුළඟ හේතුවෙන් අස්වනු කැපීමට ආසන්නයේ ඇති කෙසෙල් වගාව අක්කර දෙසිය පනහක් පමණ සහ වෙනත් ගස් කොළන් වලටද, නිවාස විස්සකට පමණ ද හානිවී ඇතැයි එම ප‍්‍රදේශවාසීහූ කියති.
මේ සම්බන්‍ධයෙන් ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ රත්නපුර සහකාර අධ්‍යක්‍ෂ මුදිත මංජුල මහතා පැවසුවේ අද (24) දහවල් වන විටත් හානියේ සැබෑ තොරතුරු ලබාගැනීම පවා දුෂ්කර වු බවයි.
ඌරුපැරැත්ත, 15 ඇල, 16 ඇල, 17 ඇල, වෙහෙරගොඩැල්ල, යන ප‍්‍රදේශවලට ද මෙම ආපදා තත්ත්වය ඇතිවී තිබුණි. සුළං හමාගෙන ගොසු තිබුණේ එක් ප‍්‍රදේශයක් ඔස්සේ පමණි. ඒ ප‍්‍රදේශයේ තිබූ සියලූම දේපල හානියට පත්ව තිබේ. කෙසෙල් වගාව මෙන් ම පොල්, කොස්, තේක්ක, දෙල්, අඹ, ආදී විශාල ගස් ඇදවැටී තිබුණි. විදුලි රැහැන් මාර්ග ගණනාවකට ද ගස් කඩාවැටීම් නිසා අලාභහානි සිදුව ඇත.
අද (24) දහවල් වනතුරු බොහෝ ප‍්‍රදේශවල විදුලිය ඇණහිට තිබුණි.
ඇතැම් නිවාසවල වළහල් ගැලවී ගොස් තිබුණි. නිවෙස් මෙන්ම තාවකාලික මඩු ආදියද දැඩි හානි සිදුව තිබුණි. නිවාස මතට ගස් කොළන් ඇද වැටීමෙන් නිවෙස් වල ඇතුලේ තිබූ ගෘහ භාණ්ඩ ඇතුලූ බොහෝ දේපල වලට ද දැඩි හානි සිදුව තිබෙන අතර අළාභය කොතෙක් දැයි ගණන් බලා නැතැයි අපදා කලමනාකරණ ඒකකය පවසයි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තද සුළඟින් නිවාස-වගාබිම් හානි රැසක්