(දයාරත්න ඇඹෝගම)
ලංකාවට සාමය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් තායිලන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇතුලු දුත කණ්ඩායමක් කටුනායක සිට අනුරාධපුරයට පා ගමනින් වැඩම කර සිටිති.
මෙම දුත කණ්ඩායම සඳහා තායිලන්ත භික්ෂුන් වහන්සේලා 41 නමක්ද උපාසක උපාසිකාවන් 20 දෙනෙක් ද එක්ව සිටිති.
පසුගිය 18 වැනි දා තායිලන්තයෙන් කටුනායකට පැමිණි මෙම පිරිස පා ගමනින්ම පසුගිය 29 වැනි දා අනුරාධපුරයට ළඟාවිය.
මෙදින සිට අනුරාධපුරයේ රැදි සිටි භික්ෂුන් වහන්සේලා අනුරාධපුරයේ ශ්‍රි මහ බෝධිය ඇතුලු අටමස්ථානය වන්දනා කර ගැනීමෙන් පසු අද (1) අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා නැවත පා ගමනින් වැඩම කර මිහින්තලයේ රජමහා විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත් වලටද එක්විය.
මිහින්තලයෙන් මෙම ආශිර්වාද පා ගමන නිමවන අතර මිහින්තලයෙන් නුවර බලා දුත පිරිස බස් රථවලින් දළදා වහන්සේ වැද පුදා ගෙන නැවත කටුනායකට ගොස් තායිලන්තය බලා පිටත්විමට නියමිතය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තායිලන්ත හිමිවරු පා ගමනින් අනුරපුරේ
siri Monday, 01 January 2018 10:20 AM
ථෙරවාද බුදු දහම අගේට ආරක්ෂා කරගෙන සිටින තායිලන්තය සහ බුරුමය වගේ රටවල බෞද්ධයින් සමඟ සමීප සම්බන්ධතාවයන් ඇතිකර ගැනීම වැදගත් කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන් ලංකාවේ අභාවයට යමින් පවතින පාලි භාෂා භාවිතය මේ රටවල ඉතා හොඳින් ආරක්ෂාවෙන බව පෙනෙනවා. උගත් භික්ෂුන් වහන්සේ පාලි භාෂාවෙන් කතා බස් කිරීම මේ රටවල සාමාන්‍ය දෙයක්...
Thusha Monday, 01 January 2018 10:38 AM
සිත පහන් කරන, මෙවැනි සුන්දර දසුනක් දකින්න ලැබීමත් මහත් පිනකි...!
kalpa Monday, 01 January 2018 11:07 AM
උන් වහන්සේලාට නමස්කාර වේවා!!! සැමට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා. අපරටේ සැමට තමන්ගේ පක්ෂයට වඩා රට, ජාතිය, ආගම ගැන ඇල්මක් ඇතිවේවා !!!
athula Monday, 01 January 2018 11:45 AM
සාදු සාදු
Ranbanda Monday, 01 January 2018 12:27 PM
අපේ භික්ෂුන් වහන්සේලාට දුගී දුප්පත් කෙනෙකුගේ ගෙයක බණකට හෝ පිරිතකට ආරාධනා කලත් සැප පහසු වාහනයක් සූදානම් කල යුතුම වේ.
අචලා Monday, 01 January 2018 12:44 PM
හොද වැඩක්.
NIMALLALITHA Tuesday, 02 January 2018 04:12 AM
නමස්කාර වේවා.
indika Tuesday, 02 January 2018 04:29 AM
උන් වහන්සේලාට නමස්කාර වේවා!!! සැමට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා. අප රටේ සැමට තමන්ගේ පක්ෂයට වඩා රට, ජාතිය, ආගම ගැන ඇල්මක් ඇතිවේවා !!!
S.P.DIKWELLA Tuesday, 16 January 2018 03:59 AM
උන් වහන්සේලාට නමස්කාර වේවා!!! සැමට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා. අප රටේ සැමට තමන්ගේ පක්ෂයට වඩා රට, ජාතිය, ආගම ගැන ඇල්මක් ඇතිවේවා !!!