(ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය නගරය මැදින් ගලා බසිනා මහවැලි ගඟේ අතු ගංඟාවක් වන තලාතුඔයට වෙළඳසැල්වලින් ඉවතලන අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් එය අපිරිසිදු වී තිබුණි
කොරෝනා වසංගත තතත්ත්වය හමුවේ මාස දෙකක පමණ වසා දැමුණු හෝටල් ඇතුළු බොහෝ වෙළඳ සැල් නිසා නගරය මැදින් ගලා බසින තලාතුඔයට විවේකයක් ලැබී ඇත.
වෙනදා තිබෙන පොලිතීන් ප්ලාස්ටික් වැනි කිසිදු අපද්‍රව්‍යයක් ඔයට එකතු නොවීම නිසා සුන්දර දසුනක් දැන් නගරයට පැමිණෙන්නන්ට දැකගත හැකිවේ.
ඔයේ නිදහසේ පිහිනන මාලුන් මෙන්ම අවට ඇති ගස් මත කුරුල්ලන් ගැවසීම නිසාත් අවට කුරුළු පාරාදීසයක් වී ඇති ආකාරය කැමරා කාචයේ සටහන් වූයේ මෙසේයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තලාතුඔය නගරයට සුන්දර දසුනක් එක්කළ කුරුල්ලෝ
පූජා Thursday, 21 May 2020 06:57 PM
කුරුල්ලනේ, ඇයි තනියම..? නුඹලාගේ මිහිරි කුරුලු කූජනයන් අසා සිටීමට කිසිවකුත් නැතුවා දෝ.? කුරුලු පාරාදීසයක් නොදිටීමෙන්, මගේ සිතට දැනෙන පාළුව, කාන්සිය නුඹලාටත් දැනෙනවාදෝ?
විජිත් Saturday, 23 May 2020 08:19 AM
කුරුළු පාරාදීසයක අසිරිය නොදැක දුක්වෙන පුජා, මේ ගීතය ඔයා අසා තිබෙනවාද..? තම ජීවිතයම කුරුල්ලන් වෙනුවෙන් කැපකළ ආදරණිය මිනිසෙක් ගැන කියන මේ ගීතය ලියුවේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා. ගායනා කලේ වික්ටර් රත්නායක මහත්මයා. ඉතාමත්ම සුන්දර තනුවක් තිබෙන මේ ගීතය දැන් ඇසෙන්නේ නැති තරම්... කුරුල්ලන්ට ගී හදන්න.. ගහට කොළට පාට එන්න... වීසිකලෙමි හදේ තිබුණු ආදරයයි.. කරුණාවයි, කාටවත් නොදී.. විරහ වේදනා වින්දා.. ඇසුවෙමි අවමන් නින්දා - ආදරයත් කරුණාවත්.. හදේ දරා සිටි හින්දා .... කුරුළු ගීත මට ඇහුණා... ගහේ කොලේ මල් පිපුණා. ළඳකට පිදුවාට වඩා - සතුටක් මට ඉන් දැනුනා...//
පූජා Sunday, 24 May 2020 07:56 AM
මම මීට පෙර නම් මේ ගීතය අසා තිබුනේ නැහැ.. අසා නොතිබුන අයට රස විදීමට පුළුවන්.. අද කාලේ අසන්නට නොලැබෙන ,මෙවැනි අරුත්බර ගීත ගැන අප දැනුවත් කරන මෙන් ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ කීවා සේ මා කුරුල්ලන්ට බොහෝ ප්‍රිය කරන කෙනෙක්. මෙහි දෙවෙනියට ඉන්න කුරුල්ලාගේ නම මොකක්ද.? එයාව දකිද්දී මට මතක් වුණේ "RAVEN" නමැති කපුටුකුලේ දැවන්තයයි.. එයාගේ බුද්ධිමත් චර්යාවන් ඉතාමත් අකර්ශනීයයි. කුරුල්ලන් තරම් දක්ෂ ගායකයන්, ගෘහනිර්මාණ ශිල්පීන් තවත් සිටීදෝයි මට සිතුණු වාරයන් අපමණයි. ස්වභාව ධර්මයාගෙන් අපට ලැබුණු අනගි සම්පත් නේද මේ කුරුළු සම්පත්. මෙවැනි අනගි ඡායාරූප අප වෙත ගෙන එන ඡායාරූප ශිල්පීන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
විජිත් Sunday, 24 May 2020 09:11 AM
පූජා, දෙවැනි ෆොටෝඑකේ ඉන්න කුරුල්ලා ගැන හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ එයා තවම පරිණත තත්වයට නොපැමිණි කුරුල්ලෙක් කියලයි. බලන්න.. එයා හිටපු කූඩුවෙන් එළියට පැනලා ඉගිලෙන්න ට්‍රයි කරන පැටියෙක්, දෙමව්පියන්.. කෑම හොයන්න ගිහින්ද? නැතිනම් ඈත ඉඳන් පැටියාට ආරක්ෂාව සලසනවාද දන්නේ නැහැ.. අනික ඔයා කිව RAVEN කියන කපුටෙක් පමණ විශාල පක්ෂියා අයත්වන " CORVIDE " පවුලට අයත් සියලුම පක්ෂීන් බුද්ධිමත් බවෙන් ඉතා ඉහල මට්ටමක ඉන්නේ. අපි කවුරුත් හොඳින්ම දන්නා කපුටා හරි බුද්ධිමත්. එයා උඩ ඉඳන් බලාගෙන ඉන්නේ අපි මොනවාද කරන්නේ, කොහොමද කරන්නේ කියලයි. පොලිතීන් බෑග් එකකට පාන් කෑල්ලක් දාලා උඩ සිට බලාගෙන ඉන්න කපුටාට පෙනෙන්න එයට ගැටයක් ගසා විසිකරන්න. එයා ඒ බෑග් එක ලඟට ඇවිත් ගැටය හොඳින් පරික්ෂා කරලා හොටෙන් ඒ ගැටය ගලවලා පාන් කෑල්ල අරගන්නවා. ඒ වගේම තමයි එයාට ලෙහෙසියෙන් හොරකම් පුරුදු කරන්න පුළුවනි. කපුටාව ගෙවල් වල ඇතිකරන්න තහනම් කියලයි මම අහලා තියෙන්නේ. මගේ උපන්ගම වන මීගමුවේ හිටියාලු කපුටෙක්.. ඒ කාලේ රුපියල් 5 කොල දැක්ක ගමන් උදුරාගෙන පියාබලා ගිහින් එයාගේ අයිතිකාරයාට දෙනවාලු. අන්තිමේදී පොලිසියෙන් ඒ පුද්ගලයාව අල්ලාගත්තාලු...
පූජා Sunday, 24 May 2020 09:33 AM
කෙතරම් සොඳුරු පදවැලක්ද? මා වෙනම සොඳුරු ගීත ලෝකයකට ගෙන ගිය "සොඳුරු පරිසර වේදියාණෙනි " ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
විජිත් Sunday, 24 May 2020 10:41 AM
පූජා, ඔය ගීතය ගායනා කළ විශිෂ්ට සංගීතවේදියා වික්ටර් රත්නායක මහත්මයා රෝගීව අසාධ්‍ය තත්වයෙන් පසුවෙනවා කියා මගේ මිතුරෙක් මට දැන්වුවා මේ දැන්. එතුමාට නිදුක් නිරෝගී සුවය පතනවා. තවත් කාලයක් අපේ රටේ සංගීත ක්ෂේත්‍රය බැබලවීමට එතුමන්ට දීර්ඝායු ලැබේවා...!!!
pubudu Friday, 22 May 2020 02:11 AM
ලස්සනයි... හැමදාම ඔහොම තියන්න පුළුවන් නම් කොච්චර හොඳයිද?
සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 02:15 AM
ලංකාදීපයත්, අසේල මහතාත් අද හිමිදිරි පාන්දර මගේ සොබාදහමට ලැදි හද විවර කළා. පුරා වසර අටක කාලයක් තිස්සේ මා කාලය ගත කරන්නේ මේ සතුන් සමගයි. මිනිසෙකු සොබාදහම හා බැඳී දිවි ගෙවනා විට ලැබෙන අපරිමිත සතුට ප්‍රායෝගිකව භුක්තිවිඳින කෙනෙකු තමයි.... මම වැඩිදුර අධ්‍යාපන කටයුත්තක් සඳහා මේ වසරේ මඳක් සොබාදහමෙන් බැහැර වුවත්, මේ සුන්දර දසුන් දුටු මසිත මටත් හොරෙන් කැමරා උපකරණත් අරං වනයට පැනගියා. කිං ෆිෂර් නමින් හඳුන්වන මේ පිළිහුඩුවා අපටම ආවේණික කෙනෙක්... ලොව වෙනත් ප්‍රභේද සිටිනවා. දියකාවා ජලයේ කිමිදී මාළු අල්ලන කුරුල්ලෙක්. ඒත්, මේ සතා දඩයක්කාරයින්ගේ ඉලක්කයක්... කොකාගේ වෝටර් රිෆ්ලෙක්ෂන් එකටත් කුරුල්ලාගේ ඇසටත් මම කැමතියි... කූරා හෙවත් ඩ්‍රැගන්ෆ්ලයි වර්ග කිහිපයක් මෙහි ජීවත් වෙනවා. මේ සතා අපට ලෙඩ බෝකරන මදුරුවන් හා කීටයන් විශාල ලෙස ගිලදමන බව සමහර දෙනාදන්නේ නැතුව ඇති... ඒ අතින් මේ පුංචි සතා අපේ දිවි රකිනා හැටි පුදුමයි. මෙයාගේ සමීප ඡායාරූප ගැනීම ලොවවිරළ දෙයක් ලෙස සලකනවා.. මෙයා මදුරුවා අල්ලාගෙන කටේ තිබියදීම මා මැක්රෝ ලෙන්ස් එක යොදා ෆොටෝ අරගෙන තිබෙනවා. ඒවා ලොව ඇගයීමට ලක්ව තියෙනවා. සොබාදහම තරම් සිත සමාධි ගතවෙන තවත් තැනක් නැත...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 03:01 AM
පිළිහුඩු කොකුන්, දියකාවුන් සිටි නගරේ ... ඇයිදෝ මිනිසුනේ නුඹලා කිළිටි කරේ ... සොබාදහමෙ ගුණ දැනගෙන ලබන සැරේ ... පිරිසිඳු කරගනින් නුඹෙ සුන්දර නගරේ ...
Champa Friday, 22 May 2020 02:13 PM
සුදු රෙදි හොරුන්, සිවුරු හොරුන් පොඩි කාලේ අපි දැක්කේ පින්තූර වලින් නෙමෙයි ගෙදර වත්තෙමයි. පිළිහුඩුවාගේ ස්වභාවික වර්ණ සංකලනය හරිම ලස්සනයි. මම දැකපු පිළිහුඩුවන්ගේ නිල්පාට මීට වඩා හුඟක් දීප්තිමත්. ඔවුන් වර්ග කීපයක් ඉන්නවා. මම නම් හරියට කුරුල්ලෝ දැකලා තියෙනවා. මගේ පොඩි කාලයෙන් වැඩි හරියක් ගත වුනේ ගේ පිටිපස්සේ කැලේ ඇවිදින්න. එහෙම ඇවිදිනකොට ඇහිඳපු කුරුල්ලන්ගේ පිහාටු හුඟක් එකතු කරලා තිබුණා. අම්ම නම් බනිනවා මේ ළමයාව නම් හදන්න බැහැ, කොයි වෙලාවේ බැලුවත් වැද්දෙක් වගේ කැලේට රිංගනවා කියලා. ඉස්සර සමාජ අධ්‍යයනයට තිබුන ක්ෂේත්‍ර සටහන් කියල (වගේ මතක) පොතක්. ඉස්සර ළමයි ඒකේ ඇත්ත පිහාටු අලවනවා, නැත්නම් බලාගෙන අඳිනවා හෝ පත්තර සඟරා වලින් පින්තූර අරන් අලවනවා. මේ කූරාගේ පින්තූරේ දැක්කම හරිම ආස හිතුණා. කූරෙක් දැකපු කාලයක් මතක නැහැ. කූරා හරි වේගෙන් ඉගිලෙනවා. නොයෙකුත් පාට ලොකු කුඩා කූරෝ වර්ග බොහෝ ප්‍රමාණයක් ඉස්සර නම් ගෙවතු වලම හිටිය. මේ පින්තූර ටික දැම්මට ස්තුතියි. ස්වභාව ධර්මය ලංකාවේ මිනිස්සුන්ට හුඟක් සමීපයි.
athula Saturday, 23 May 2020 05:46 PM
කොරෝනා වලට දීර්ඝායුෂ ලැබේවා...!!!
rasika Sunday, 24 May 2020 09:38 AM
තව ටික දවසයි. අපි නැවත ඕසෝන් කලාපය හිල් කරලයි නවතින්නේ...
පූජා Sunday, 24 May 2020 08:33 PM
විජිත්, ඔයාගේ ගම වන මීගමුවේ හිටිය කපුටා, රුපියල් 5හේ කොල විතරක් උදුරාගෙන ගියේ ඇයි කියලයි මම කල්පනා කරේ.. දුප්පත් මිනිහගේ සොච්චම උදුරා ගන්නේ නැතුව, ඔන්න ධනවත් මිනිහෙකුගේ ලොකු ගාණක් උදුරාගෙන ගියා නම් කපුටා සාදාරන කපුටෙක්. (හොරකම අනුමත කළා නොවෙයි.) ඇත්තමයි ඔයාගේ ඔය හොර කපුටු කතාව අහලා මට තවමත් හිනාව නතර කරගන්න බැරුවයි ඉන්නේ. ගෙදර අය අහනවා ඇයි තනියම හිනා වෙන්නේ කියලා.