( බී.ජී. චතුරංග සහ උපුල් තම්මිට )
අසිරිමත් බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය නිමිති කරගනිමින් සංවිධානය කළ මහා සංඝරත්නයේ දහස් නමක් උදෙසා දන් පිළිගැන්වීමේ පිණිඩපාත චාරිකාවක් මිහින්තලයේදී අද (29) දහවල් වීදි සංචාරය කැරිණි.
චීනයේ ප්‍රාන්ත කිහිපයක වෙසෙන බෞද්ධ වැසියන් සමඟ එක්වූ බෞද්ධ දායිකාවක් වන සූසාන් මහත්මිය මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශ්‍රාස්ත්‍රපති වලවාහැංගුනවැව ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ ඉල්ලීම හා අනුශාසනා පරිදි මෙය සංවිධානය කර තිබිණි.
මිහින්තලය රජමහා විහාරස්ථානයට අයත් සාංචි විහාරය ඉදිරිපිටින් පිණ්ඩපාත චාරිකව ආරම්භ කෙරුණු අතර හේවිසි හොරණෑ පෙරටුකරගත් චීන බෞද්ධ ධූත පිරිස සමඟ මහා සංඝරත්නය මිහින්තලා නගර උයනට වැඩම කළහ.
එම අසිරිමත් දසුන දැකබලා ගැනීම සදහා බෞද්ධ සැදැහැවතුන්ගේ විශාල පිරිසක්ද මග දෙපස රැස්ව සිටියහ.
පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරවු මහා සංඝරත්නයට දන් පිළිගැන්වීම ශ්‍රී රතනජෝති නාහිමි අනුස්මරණ බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිටදී සිදුකෙරුණු අතර චීන ධුත පිරිස සමඟ විහාරස්ථානයේ දායක පිරිස, සිවිල් ආරක්ෂක බලකායේ සෙබළ සෙබළියන් උන්වහන්සේලාට දන් පිළිගැන්වීම සිදු කළහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දන් පිළිගැනීමේ පිණ්ඩපාත චාරිකාවක්