IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දරුවන් 18 ක් බිහිකළ මවකට වැඩිහිටි සැමරුමේ දී උපහාර

(ඩයනා උදයංගනී)

ලෝක වැඩිහිටි දින ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය  ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (1) පැවැත්විණි.

“වසංගත හමුවේ වැඩිහිටි අභියෝග” යන්න තේමා කර ගනිමින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

වැඩිම දරුවන් සංඛ්‍යාවක් සිටින මව්වරුන් වෙනුවෙන් උපහාර දැක්වීමක් ද මෙහිදී සිදුකෙරුණු අතර එහිදී වැඩිම දරුවන් දැයට දායාද කළ මාතාව ලෙස දරුවන් 18 දෙනෙකු බිහිකළ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ඩී.එම් මැණික්හාමි මාතාව සෞඛ්‍ය අමාත්‍යවරිය අතින් ඇගයීම් තිළිණ ලබාගත්තාය. 

වැඩිහිටි නිවාස සදහා මුදල් ආධාර සහ ලියාපදිංචි සහතික පිරිනැමීම, වැඩිහිටි හරසර ක්‍රීඩාවෙන් ජයගත් වයස්ගතම වැඩිහිටි ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙත උපහාර පිදීම ආදි කටයුතු ද මෙහිදී සිදු විය.



අදහස් (11)

දරුවන් 18 ක් බිහිකළ මවකට වැඩිහිටි සැමරුමේ දී උපහාර

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Thursday, 01 October 2020 10:45 AM

දැන් ළමයි 18ක් හම්බවුණොත් ඒ ටික ඉස්කෝලෙකට දාන්න අඩුම ගානේ ලක්ෂ 18ක් ඕනෑ. මේවා බොරුවට අගයලා වැඩක් නැහැ. ඒක තමයි අපි හැමදාම කියන්නේ ගමේ පාසල් ටික වහන්න එපා කියලා. ගමේ පොඩි පොඩි ඉස්කෝල 20 ක් 30 ක් පහු කරගෙන අම්බලන්ගොඩ ඉක්කෝලවලට ළමයි එවනවා. මේව‍ාට දේශපාලකයෝත් හවුල්. විදුහල්පතිවරු නිකම් නෙවෙයි, එක් ළමයෙකුගෙන් අඩුම ගානේ රුපියල් ලක්ෂයක් වත් ගන්නවා. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය කළ සිංහල බෞද්ධ පාසල් 38ක් වහලා දාලා තියෙනවා. මේවාට එන්ජීඕ කාරයෝත් හවුල්. අම්බලන්ගොඩ ධම්මකුසල විදුහල වහන්න එන්ජීඕ කාරයින්ගෙන් කලාප අධ්‍යක්ෂයි, කොට්ඨාස අධ්‍යක්ෂයි දෙන්නම සල්ලි ගත්තා. එහෙම කරලා තමයි දරුවන්ගේ ගෙවල් වලට ගිහිං අහිංසක නොදත් වැඩිහිටි අයට සල්ලි දීලා ළමයි පාසලෙන් අස්කරලා, අනාථ කරලා පාසල වහලා දැම්මේ... බොරුවට තෑගි බෝග දීලා වැඩක් නැහැ. දරුවෙක් ලැබෙනවා කියන්නේ මහ බරක්... ඉතිං කොහොමද දරුවන් හදන්නේ. දේශපාලකයින්ටත් දරුවෝ මතක් වෙන්නේ ඡන්දෙ කිට්ටු වුණාම. ඒ නිසා දැන්වත් ගමේ පාසල් ටික නගාසිටුවන්න. දෙමාපියන්ට දැනෙන දරුබර අඩුකරන්න, රජය මැදිහත් වෙලා ස්ථිර වැඩ පිළිවෙලක් දියත් කරන්න. එතකොට අඩුම ගානේ එක පවුලකට දරුවන් 3 දෙනෙක් වත් ඉඳීවි.

:       0       15

channaFriday, 02 October 2020 02:59 AM

බලධාරියනි, ලලිත් මහතාත් මාතර සත්‍යපාල මහතාත් කියන කරුණු වලට දෙනෙත් දෙසවන් සහ ඔබගේ ඔලුව යොමු කරන්න.

:       0       3

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Thursday, 01 October 2020 10:53 AM

ගරු පවිත්‍රා මැතිණියනි, පුළුවන් නම් මාව ගෙන්වන්න. මම හිටපු විදුහල්පතිවරයෙක්. දකුණේ මහඇමති සහ දේශපාලකයින් මෙන්ම දකුණේ අධ්‍යාපන බලධරයින් දරුවන්ට කරපු අපරාධය ගැන කථා කරන්න මට පුලුවන්. මම ළඟ ඕනෑතරම් සාක්ෂි තියෙනවා. ඉතිං කොහොමද දරුවො හදන්නේ...? ඔය කියන කිසිවෙක් දරුවන්ට ආදරේ නැහැ. ආදරේ දරුවන්ට නොවෙයි, සල්ලි වලට. මම හිටපු ඉස්කෝලේ වහන්න මගෙන් නිර්දේශ ඉල්ලුවලු. එහෙම දෙයක් වුනේ නැහැ ඉල්ලුවත් මම දෙන්නෙත් නැහැ. විදුහල්පති ඉන්නේ පාසල වහන්න නොවෙයි. ලෝක හොරකමක් වහන්න පාසල වහන දවසේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කිව්වේ නිර්දේශය සහිත ලිපියට අත්සන් කරන්න. එතකොට මට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. වැඩ තහනම් කරලා රස්සාව නැති වුණාම හාමුදුරුවො එන්නෙත් අපට වැඳගෙන. මේක බොහොම ප්‍රසිද්ධ කථාවක්... ඉතිං එහෙම කියලා බලහත්කාරයෙන් වහලා දැන්මේ අසරණ ධීවර පවුල් කිහිපයක දරුවන් ඉගෙන ගත්ත පාසල... ඒ දරුවො නැවත වෙනත් පාසලකට ගියේ නැහැ. මොකටද ඔය ඇගයීමක්? හිතලා බලන්න. හොඳම දේ දරුවන්ටද? ඇවිත් බලන්න උදේට අම්බලන්ගොඩ නගරය දිහා..

:       1       14

suddaFriday, 02 October 2020 05:05 AM

සඳුදා මහජන දිනයේදී අමාත්‍යංශවලට කතාකරලා ඔය දේවල් කියන්න.

:       0       0

මාතර සත්‍යපාල Thursday, 01 October 2020 11:01 AM

හිටපු අධ්‍යාපන ඇමති රාසපුත්ත දකුනේ හොඳම ප්‍රතිඵල පෙන්වන්න 10 වසර වෙනකම් පාසල් ගිය දරුවන් 3000කට අ.පො.ස සා.පෙළ විභාගයට ලියන්න අවසර දුන්නේ නැහැ. ඉතිං හොඳම ප්‍රතිඵල දකුණේ තමයි. ඉතිං කොහොමද දරුවන් 18ක් හැදුවොත්. දැනුත් අපේ අම්මලා ළමයි හදන්න ලැහැස්තියි. දරු බර අඩුකරන්න. මේවා තමයි ජාතික ගැටලු. ගමේ පාසල් ටික නැවත ගොඩනගන්න. ජනප්‍රිය පාසල්වල ප්‍රාථමික පන්ති අහෝසි කරන්න. තරගය අඩු කරන්න නොවෙයි නැතිම කරන්න. ගමේ පාසල තිබුණා නම් දෙමාපියන්ට ගමන් වියදම් නැහැ. කරදරයක් නැහැ. දරුවන්ට කන්න බොන්න දීලා ඉස්කෝලේ යවන්න පුලුවන්. මොකක්ද මේ? . දරුවන් වැඩි දෙමාපියන්ට සහනයක් දෙන්න. එවිට දරුවන් හදාවි. නැත්නම් අපිට වෙන්නේ මොකක්ද කියලා කියන්න අවශ්‍ය නැහැ. ගමේ ඩිස්පැන්සරි ටික නැවත අරින්න. ගමේ පන්සල්වල හවසට නිදහසේ උගන්වන වැඩ පිළිවෙලක් හදන්න. කෝ දැන් ඒවා මොකක්වත් නැහැ..

:       0       13

නිමල් - හික්කඩුව Thursday, 01 October 2020 12:22 PM

ලලිත් මහත්තයෝ, අපරාදෙ පාසල වහන්න නිර්දේශය දුන්නා නම්.. අද ඔබටත් හොඳ තනතුරක් අරන් සැපට ඉන්න තිබුණා. ඒකට කමක් නැහැ. ඔබ ඔබේ සැපට වඩා පාසල ආරක්ෂා කරන්න උත්සාහ කරලා තියෙනවා.

:       0       14

dhamneth Friday, 02 October 2020 02:41 AM

පුංචි පවුල රත්තරන් කියා අම්මලාට බලෙන්ම වගේ වඳ සැත්කම් කරමින් නායකයින් හොඳ වැඩක්ද කරලා තිබෙන්නේ.

:       0       1

Raveendra Friday, 02 October 2020 04:00 AM

පොදුවේ ගත් කල දේශපාලුවන් යනු අනිකාගේ "යට ඇදුමෙන්" හෝ තමන්ට වාසියක් ගත හැකි නම් එම අවස්තාව ගන්නවාමය. (මෙය සියලුම දේශපාලන පක්ෂවලට අදාලය..) මෙයද එවන් අවස්තාවක් වියහැකිය..

:       0       1

Siri Perera Friday, 02 October 2020 04:17 AM

ලලිත් මහත්මයට සුබ අනාගතයක් පතමි.!

:       0       5

Liya Friday, 02 October 2020 04:46 AM

බොරුවට ජනතාව රවට්ටන්නේ නැතුව දිගටම කරගෙන යන්න. මේක තම කල යුත්තේ. නියම වැඩක්.

:       0       3

චින්තක Thursday, 08 October 2020 01:28 PM

මෙම උපහාර උළෙල නාරම්මල පැවැත්වූවානම් කොපමණ හොඳද? ‍මේ මාතාවට කොළඹට එන්න කොතරම් වෙහෙසක් ගන්න ඇද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30664 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23709 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site