(ගයාන් සූරියආරච්චි,තිලකරත්න දිසානායක, චතුරංග චන්ද්‍රසේකර)
දිවයිනපුරා ඉන්ධනහල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
ඇතැම් ඉන්ධනහලවල ඉන්ධන නොමැති අතර කොයි මොහොතක හෝ ඉන්ධන ඒ යැයි බලා පොරොත්තුවෙන් එසේ පොලිම්වල සිටති.
ත්‍රිරොද රථ සහ යතුරු පැදි වැඩි වශයෙන් පොලිම්වල දක්නට ඇතැයි ද වාර්තා වෙයි.
කුලි ත්‍රිරෝද රථ කරුවන් දවස ආදායම අහිමි වීම මත කීයක් හෝ සොයාගැනීමේ අරමුණින් තෙල් ටිකක් සොයා ගැනීමට ඔවුන් එසේ පොලිම්වල සිටිති.
කිරිල්ලවල (චතුරංග ශ්‍රි චනද්‍රසේකර)
්
ගම්පහ (තිලකරත්න දිසානායක)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිවයිනපුරා පෝලිම් ඇත තෙල් නැත
රටවැසි Saturday, 14 May 2022 01:55 PM
දොලොස් ලක්‍ෂයක් ත්‍රීවීල් ලංකාවේ ඇත..! බොහෝ තරුණයෝ ත්‍රීවිල් රැකියාව කරති..! ඉතින් වයසට ගියාම පැන්‍ෂන් එකක් නැහැනේ..!
abSaturday, 14 May 2022 02:57 PM
තරුණයින් ත්‍රීවිල් රැකියාව තෝරාගැනීම කරනු ලබන්නේ ඔවුන්ට පාසල තුළින් වෙනත් විකල්ප නොලැබෙන නිසාවෙනි. බොහෝ තරුණයන් ඔවුන්ගේ වටිනා කාලය සහ ජවය ත්‍රීවිල් මතට වී ගත කිරීම සත්‍ය වශයෙන්ම කණගාටු දායක වේ. මේ සඳහා වයස 35ට අඩු කිසිවකුට ත්‍රීවිල් රැකියාව තෝරා ගැනීම නැවැත්වීමට සහ පාසල තුළින් 10 ශ්‍රේණියේදී හෝ ඔවුන්ට අනාගතයේදී රැකියාව වශයෙන් තෝරා ගැනීම් පිළිබඳව රැකියාව විවිධත්වය පිළිබඳව දේශන ලබාදිය යුතුවේ. වයසට ගියාම පැන්‍ෂන් එකක් ලබාගැනීමට නම් රටතුළ සමස්ත වැඩ කරන්නා වූ පුරවැසියන් හට ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබිය යුතුවේ. එසේ තිබේ නම් අද අප මුහුණ දෙන්නා වූ බොහෝ ගැටළු සඳහා පිළියම් ලැබේ. ලෝකයේ දියුණු රටවල සාර්ථක ක්‍රම තිබේ. නමුත් සිස්ටම් චේන්ජ් නොමැතිව දියුණු ක්‍රමවේද හඳුන්වා දිය නොහැකි.. රටේ / පුරවැසියන් ගේ අනාගතය රඳා පවතිනුයේ සාර්ථක දේශපාලන පරිසරයක් ඇති වුවහොත් පමණි. වර්තමානයේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් නොවේ නම් රටේ අනාගතය ඉදිරියටත් අඳුරුවීම වළක්වා ගත නොහැකිය.
රටවැසිSaturday, 14 May 2022 03:42 PM
ඔබගේ ලියූ පිළිතුර මම අගය කරමි..! හොඳම උදා:- අවුරුදු 20 ක් ත්‍රීවිල් පදවපු පියෙක් නිතරම කලේ ඉස්පිරිතාලයක් ළඟ වැඩකරපු එක දොස්තරවරු එක්කරගෙන ගිය එක.. දිනක් ඔහුගේ දියණිය එය දුටුවා... හිතට තදින්ම කාවැදුණා ඇයි මට බැරි කියලා... තුන්සැරයක්ම උසස්පෙළ කරලා කොහොම හරි වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වුණා.. අද ඒ ඉස්පිරිතාලයටම ආඩම්බරයෙන්ම තාත්තාගේ ත්‍රීවීල් එකේම යනවා දුව.. තාත්තටත් ආඩම්බරයක් ඇති කරමින්..!
Rohana Saturday, 14 May 2022 02:31 PM
අයියෝ රටට වෙච්චි දෙයක්. තෙල්, ගෑස්, කිරිපිටි ගන්න පෝලිම්වල ලගින්න වෙලා..!
sugath Saturday, 14 May 2022 04:36 PM
කලබල වෙන්න එපා. අලුත් අගමැති කමිටුවක් පත්කරලා තියෙනවා. ඇයි රටේ මෙච්චර පෝළිම් තියෙන්නේ කියලා හොයලා බලන්න...
කෝරලගේ Saturday, 14 May 2022 08:34 PM
අලුත් අගමැති නිකම් කිහිලි කරුවක් විතරයි... මුලු රටම අද ජීවත්වෙන්න අවශ්‍ය දේවල් නැතුව පොළවේ පස් කනවා. පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මාරු කරකර ඵකම හොරු රට තවතව වලපල්ලට යවනවා. අපි අද ලෝකෙන්ම හිඟාකන රටක්. මොන අපරාධයක්ද?